විශ්මිගේ කාර් එකේ ගෙදර යන ගමන් එයා ෆෝන් ශොප් එකක් ලගින් නැවැත්තුවේ ෆෝන් එකක් ගන්න.. ෆෝන් එකක් අරන් අම්මට ආපහු කෝල් එකක් දුන්නේ අලුත් නම්බර් එක සේව් කරගන්න කියන්න..

.
.
.

ඉන්ග්ලන්ඩ් ඇවිල්ලා දින සති ගෙවිලා මාසයක්ම වුනා මට දැනුනෙවත් නෑ.. හසී ගැන සසින් ගැන මම හොයන්න ගියේ නෑ මොකද මම මගේ හදවත දම්වැල් දාලා ඉබ්බෙක් දාලා ලොක් කරලා තියෙන්නෙ.. මගේ හදවතට හැඟීම් කියන දේ දැන් නොදැනෙන ගානයි.. අම්මා අප්පච්චි වෙනුවෙන් හිනා වෙලා ඉන්න උතසහ කරන ජීවිතයක් නිසා මම ඒ දෙන්න හින්දා විතරක් ජීවිතේ ගැන හිතන්න ගත්තා..මම නැති වුනොත් ඒ දෙන්නා තනි වෙනවා කියන දේ නිසාම මම ජීවිතේ පලවෙනි වතාවට මන් ගැන හිතුවා..

අප්පච්චිට ඉන්ග්ලන්ඩ් වල ලොකු බිස්නස් එකක් තියෙන නිසා මම හිතුවා මෙහෙ ඉදන් අප්පච්චිගේ ඒ වැඩ වලට උදව් කරන්න..

" අප්පච්චි.. මම අප්පච්චිගේ කම්පැනි එකේ වැඩට එන්නද "

" පුතා කැමතිද "

" ඔව්.. මම එන්නම් අප්පච්චි.. මට මෙහෙ ජොබ් හොය හොය ඉන්නවට වඩා ඒක හොද නැද්ද "

" පුතා එහෙනම් එන්න.. මම ඔයාට වැඩ ලෑස්ති කරලා දෙන්නම්.. ආහ් පුතා... තව දෙයක්.. "

" ඔව් කියන්න අප්පච්චි "

" අම්මයි මායි කතා වුනේ ඔයාගේ සර්ජරි එක ගැන.. පුතා මම දන්නවා ඒ තීරනේ ගැන ඔයාගේ මතේ.. ඒත් මගේ කොල්ලෝ උබට මොනාහරි වුනොත් කියලා මට බයයි බන්.. "

" මට තේරෙනවා අප්පච්චි.. අපි ආපහු ඩොක්ටර්ව හම්බෙලා චෙක් කරලා හොදම තීරනේ ගමු.. "

" හරී.. මම ඩොක්ටර්ව චැනල් කරන්නම්.. "

ඇත්ත මෙච්චර කාලයක් මම හිතේ තිබ්බ විකාර බලාපොරොත්තු නිසා කල් දාපු ඒ තීරනේ මට දැන් ගන්න කාලේ ඇවිල්ලා.. මගේ ජීවිතේ අවදානමේ තියාගෙනත් මම අන්තිම වෙනකන්ම හිත ඇතුලේ තියාගත්තු බලාපොරොත්තු දැන් වලලන්න කාලේ ඇවිල්ලා.. මගේ ජීවිතේ වෙනුවෙන් මගේ අම්මා අප්පච්චි වෙනුවෙන් මන් දැන් ඒ තීරනේ ගන්න ඕනි..

සතියකට පස්සේ මගේ මෙඩිකල් චෙකප් එකට දින වැටෙද්දි මට හොස්පිට්ල් ඇඩ්මිට් වෙන්න වුනා.. ස්කෑන්ස් එක්ස්‍රේ බල්ඩ් ටෙස්ට් එකි මෙකී නොකී ටෙස්ට් ගොඩකට පස්සේ ඩොක්ටර් අපිට මගේ කන්ඩිශන් එක කියන්න රූම් එකට ආවා..

My YOU ( Sinhala | BL | Complete  )Where stories live. Discover now