මට කියන්න කිසි දෙයක් ඉතුරු නොකරම සසින් කියෝගෙන කියෝගෙන ගියා.. ඒ වචන වලින් මම මොන තරම් ජරා මිනිහෙක්ද කියලා දැනෙද්දි මටත් නොදැනිව කදුලු හෝ ගාලා ගලන් යද්දි මගේ ඔලුවට ආවේ එක දෙයයි..

" අනේ සසින් ඌ මොනාහරි කරගනීද බන්.. අනේ බන් ඌට කියපන්කෝ මාත් ඌට ආදරෙයි කියලා.. අනේ සසින් මම වදින්නම් මගේ නිසල්ව මට ගෙනත් දෙන්නකෝ.. මට සමාව ගන්න ඕනි සසින්.. මට උගේ කකුල් දෙක අල්ලලා වැදලා හරි සමාව ගන්න ඕනි.. "

" තෝ දැන් බොරුවට අඩන්නෙ නැතුව හිටහන්.. ඌව උබ රේප් කරත් ඌ නෙවෙයි මැරෙන්නේ.. ඌ මොක කරත් උබව තනි වෙනවා දකින්න කැමති නෑ.. "

මට දැනුනේ පුදුමාකර කලකිරීමක්.. මට මල්කිටත් වඩා නිසල්ව මගේ ජීවිතේට ගොඩක් වටින කෙනෙක් වුනා.. මල්කි වෙනුවෙන් ආදරයක් හිතේ පිරෙද්දි නිසල් වෙනුවෙන් මගේ හිතේ තිබ්බේ මගේ මුලු ලෝකෙම වගේ හැගීමක්.. මම මොන තත්වෙක හිටියත් මට නිසල් ඉන්නවා කියන දේ මම දැනන් හිටියා.. නිසල් මට පුංචි කාලේ ඉදන්ම ආදරෙන් සලකද්දි මට ඒක ගැන සැක හිතුනත් එයා මල්කිව සෙට් වුනාටත් පස්සේ කිසිම වෙනසක් නැතුව හිටපු නිසා මම හිතුවේ ඒ එයා යාලුකමට සලකන විදිහ කියලා.. මොකද මම එයාගේ හොදම යාලුවා නිසා.. නෑ මම එයාගේ සෝල්ට්මේට් වගේ නිසා.. ඒත් මල්කි නැති වුනාට පස්සේ එයාගේ වෙනසයි එයා සසින්ට කියපුවා මට ඇහුනටයි පස්සේ මට මුලින්ම හිතට ආවේ කේන්තියක්.. මල්කි නැතිවෙලා සතියක් වෙද්දි මම හිටපු දුකෙන් එයා ප්‍රයෝජන ගන්නවා කියලා මට කේන්තියක් ආවත් එතනින් පස්සේ හැම මොහොතකම මට එයා නැතුව ඉන්න බෑ කියන එක මට තේරුනා.. ඒත් ලගට ගිහින් උබට ආදරෙයි කියන්න මගේ හිත හයිය වුනේ නෑ මල්කි නැතිවෙලා මාස තුනක්වත් නැති නිසා.. ඒ වගේම ඒ ආදර හැගීමට අමතරම වෙනත් සෙක්ශුවල් ඇට්‍රැක්ශන් එකක් තිබ්බේ නැති නිසයි එයා මට එයා ගේ කියපු වෙලාවෙත් මම ඇහුවේ කොල්ලෝ දෙන්නෙක් මොකක්ද කරන්නේ කියලා.. ආදරයක් කැමත්තක් යන්තම් හරි තිබුනත් එහෙම සෙක්ශුවලි කිසිම හැගීමක් මට එයා ගැන දැනිලා තිබ්බේ නෑ.. ඒත් ඩ්‍රින්ක්ස් අරන් එයා ඒ විදිහට හැසිරුන එක එකපාරටම මාව කරකවලා ඇතෑරියා වගේ වෙද්දි ජීවිතේට නොදැනිච්ච හැගීම් මට එයාගෙන් දැනුනා.. ඒ වගේම උදේ එයාට මූන දෙන්න බැරුව ඉන්නකොට එයා මාව යකෙක් දැක්ක ගානට බය වෙද්දි මට කේන්ති ගියා..

My YOU ( Sinhala | BL | Complete  )Where stories live. Discover now