Chapter 13 💚💜

Start from the beginning
                                    

හ්ම්ම්ම් ඒකනම් මටත් තියෙනවා අනේ.. 😕 

ගෲප් එකේ නෝටිස් ටික දාලා තියෙනවා දැක්කද ඔයා ??

ඕ දැක්කා ටේ.. ලියන්නත් ඕන ඒ ටික.. හිස්ට්‍රී වල විතරක් නෝටිස් ටික දානවා අනික් ඒවගේ තමා හොයාගන්නවත් නැත්තේ අනේ.. යාලුවන්ගෙන් ඉල්ල ගන්න ගියාම එපා වෙනවා අනේ.. 😐

ඔව් අනේ මට  මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ. අනික්  සබ්ජක්ට් වල..😕

ඔයාට ඔහොමනම් මට කොහොම වෙන්න ඕනද ටේ.... මැරෙන්න තමා වෙන්නේ..

යං මැරෙමු ඒනම්... පාඩම් කරන්නත් හිතෙන්නේ නෑ අනේ. මොනා වෙලාද මංදා අනේ මටනම්. ඉස්සර අපි කොච්චර පාඩම් කලාද අනේ..

ඔව් බං.😭 පාඩම් කරන්න තියා මම තාම නෝටිස් ටික්වත් ලියලා නෑ... 

නෝටිස් ටික ෆෝටෝකොපි වත් ගහගන්න. ඔයානම් ඕක ලියන්නේ නෑ.. මං දන්නේ නැද්ද ඔයා ගැන..

අනේ මටනම් පිස්සු හැදෙනවා ටේ... ඔයා කොහොමද අනේ ඒ හිස්ට්‍රී නෝටිස් ටික ලිව්වේ.. මොලේ අවුල් උනේ නැද්ද ඔයාගේ.. 🤪🤪🤪

ආ ඔයා මං ලියපුවා බලාගෙන නේ ලියන්නේ.. ඇයි ඒ මගේ අකුරු නිසාද?

නෑ අනේ කියලා තියෙන එවා මෙලෝ මගුලක් තේරෙන්නේ නෑ මට. 😕

ආ මොනා කරන්නද  ජීමින්...😕 ලග හිටියනම් අපි දෙන්නට එකට පාඩම් කරන්න හරි තිබ්බා.. 😐

අනේ ඔව් ටේ...🥺

හ්ම්ම්... අපි පුලුවන් විදිහට කරමු... මේ මං යනවා ජීමින්... මේකේ බැටරී නෑ අනේ..  ඔයා ඒනම් ඔයාගේ යුගී එක්ක මැසේජ් කරලා නිදා ගන්නකෝ... 😁

අනේ කියලා වැඩක් නෑ ටේ එයා ගැන..

ඇයි මොකෝ උනේ...

හ්ම්ම් මං ඔයාට ස්කූල් එකේදී කියන්නම්කෝ.. ඔයා ඒනම් නිදා ගන්න දැන්...

හ්ම්ම්ම් හරී ඒනම් ලොකු දෙයක් නෙමේනම් එහෙම කරන්නකෝ... මං යනෝ ඒනම්... මේකේ බැටරී තිබ්බනම් තව ඉන්නවා මං.. ඔයත් ඉක්මනට නිදා ගන්න ජීමිනා... Byeee

♡︎♥︎ℙ𝕒𝕚𝕟𝕗𝕦𝕝 𝕃𝕠𝕧𝕖♥︎♡︎ (𝐓𝐊シ︎)Where stories live. Discover now