47 වෙනි කොටස - ආමන්ත්‍රණය

10 3 0
                                    

K12 ඒකකයේ කැරවෑනය නිව්යෝර්ක් හි ටර්ටල් බේ ඉදිරියේ වූ එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ ප්‍රධාන දොරටුවෙන් ඇතුල් විය. මියාමි හිදි තමාට සහ ඇලෙක්ස් හට මුණගැසුණු කීශාගේ රහස් තොරතුරු අනුව ධවල මන්දිර නායක රැස්වීමට හෝ එක්සත් ජාතීන්ගේ සැසියට White Snakes අන්තවාදීන් විසින් ප්‍රහාරයක් දියත් කිරීම ගැන තොරතුරු ලැබුණි. ප්‍රහාරය පිළිබඳව මියාමී සිට ෆිලඩෙල්ෆියා වෙත පැමිණි පළමු දිනයේදීම ඇලෙක්ස් සහ තමා විසින් අනිල් දැනුවත් කරනු ලැබූ අතර ඒ අනුව හමුදා අංශ සහ ආරක්ෂක ලේකම්ද අනිල් විසින් දැනුවත් කරවනු ලැබීය. ඔවුන්ගේ තොරතුරු අනුව එම අන්තවාදීන් හට මෙතරම් වූ ප්‍රහාරයක් එල්ල කිරීමට හැකියාවක් නැති බවට ආරක්ෂක ලේකම් විසින් අනිල් හට දැනුම් දී තිබුණි. නමුත් අනිල් සහ ඇලෙක්ස්ගේ විශ්වාසය අනුව ධවල මන්දිරයට හෝ එක්සත් ජාතීන්ගේ මෙම සැසියට ප්‍රහාරයක් එල්ල වනු ඇති. ධවල මන්දිරයේ වූ නායක රැස්වීම කිසිදු බාධාවකින් තොරව අවසන් වූ හෙයින් ඒකකයේ සිටි සියලුම දෙනා හට මෙවර එක්සත් ජාතීන්ගේ සැසිය පිළිබඳව ඇත්තේ අතිශයින්ම සැකයකි.
ප්‍රහාරයක් බලාපොරොත්තු විය යුතුය..!
එසේ නොවේවායි කියා ප්‍රාර්ථනා කළ යුතුය..!

තමන් වෙත ලැබුනා වූ රහස් තොරතුරු පිළිබඳව ආරක්ෂක අංශ විසින් අඩු සැලකිල්ලක් දැක්වීම පිළිබඳව අනිල් සිටියේ කෝපයකිනි. අනිල් සහ ඇලෙක්ස්ගේ විශ්වාසය අනුව අද දිනයේ දී ප්‍රහාරයක් එල්ල වුවහොත් එහි වගකීම සම්පූර්ණයෙන්ම බාරගත යුතු වන්නේද ආරක්ෂක අංශ විසින්ය. කෙසේ නමුත් දීර්ඝ කාලීන බලකිරීම හමුවේ ආරක්ෂක ලේකම් සහ අනෙකුත් ආරක්ෂක ප්‍රධානීන් විසින් අනිල්ගේ තොරතුරු යම්තාක් දුරකට හෝ පිළිගනිමින් අද දිනයේදී එක්සත් ජාතීන්ගේ මහා සැසියට ආරක්ෂක අංශවලින් ලැබෙන්නා වූ ආරක්ෂාව තරකොට ඇත. අද දිනයේදී එක්සත් ජාතීන්ගේ මහ සැසියට ආරක්ෂාව ලබාදීම සඳහා තම ඒකකයද ඇතුළත් කරගන්නා ලෙස අනිල් විසින් ආරක්ෂක ලේකම් හට දැනුම් දී තිබුණද , ආරක්ෂක ලේකම්ගේ පළමු ප්‍රතිචාරය වූයේ ඒකකය සහභාගිත්වය අද දින අනවශ්‍ය බවයි. මක්නිසාදයත් ආරක්ෂක ලේකම්ට අනුව අද දිනයේදී ඔහු විසින් යොදා ඇති ආරක්ෂක අංශවල ආරක්ෂාව පමණක් ප්‍රමාණවත් වන බව ඔහු විසින් අනිල් හට පවසා තිබීමයි. නමුත් අනිල්ගේ දීර්ඝ බල කිරීම මත අද දිනයේදී ආරක්ෂාව සැපයීම සඳහා K12 ඒකකයට ද ඉඩ ලබාදීමට අවසානයේ ආරක්ෂක ලේකම්වරයා විසින් කැමැත්ත පළකර තිබුණි.

𝙁𝙍𝙊𝙕𝙀𝙉 𝘼𝘾𝙄𝘿 මිදුණු ඇසිඩ් (BL සිංහල)Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ