46 වෙනි කොටස - ගිණිගත් පුළුන් පිඬ

11 3 0
                                    

සයනය හරහා සිය දෙවැලමිටට වාරු දී මුණින් අතට වැටී සිට සිගරැට්ටුවක් උරමින් සිටි ඇලෙක්ස්ගේ නිරුවත් තුනටිය මත හිස තබාගෙන කීත් සිටියේ උඩුකුරුව වැතිරීය. කීත්ගේ දෙපා තිබුනේ ඇදෙහි හිස තබනා පෙදෙසෙයි; දෑස් එල්ලවී තිබුනේ සයනය ඉහල එල්ලා තිබූ අපූරු චිත්‍රයක් වෙතයි. නිරුවත්ව උඩුකුරුව වැතිරී ඇලෙක්ස්ගේ සයනය ඉහලින් එල්ලා ඇති එම සිතුවම තේරුම් ගැනීමට කීත් බොහෝ වේලාවක් පුරා උත්සාහ දැරීය. නමුත් එය සංකීර්ණයය; ඇලෙක්ස් වැනිය.

මෙම චිත්‍රය අදින ලද්දේ නතාලියා විසින්ද?
ඇලෙක්ස්ගේ Chapman Vanilla සිගරැට් සුවඳ තමාගේ නාසයට දැන් හොදින් හුරුය. රාත්‍රිය පුරා පොරබැදීමක නිරත වූ ඇලෙක්ස් හට සිගරැට්ටුව මද සැනසීමක් ගෙන එනු ඇත.

කීත් අවදි වූයේ මීට සුලු මොහොතකට පෙරයි. ඇලෙක්ස්ගේ සයනය අසල ඇති නිල් පැහැති ඩිජිටල් ඔරලෝසුවෙහි වේලාව තවමත් පෙ.ව. 3.17ක් ලෙස සටහන් වී ඇත. ඇලෙක්ස්ගේ නිරුවත් තුනටිය මතම ඔහු කෙටි එහෙත් ගැඹුරු නින්දකට වැටුනේ රතියෙන් ඇති වූ අධික මහන්සිය සහ නිදිමත හේතුවෙනි. රතියෙන් පසු ඇතිවෙන නිදිමතට හේතුව කීත් දැන සිටියේය. ඒ සිරුරට ලැබෙනා වූ අධික රති තෘප්තිය හේතුවෙන් නිකුත් වන්නා වූ Oxytocin සහ Dopamine රසායනය හෝමෝන සමග එක්ව ක්‍රියා කිරිම හේතුවෙනි. සරල බසින් එය ආදර හෝමෝන ලෙස හඳුන්වයි.
ඇලෙක්ස්ටද බොහෝ විට නින්ද යන්නට ඇත; මක්නිසාද දෙදෙනාගේ රතිකෙළිය අවසන් වූයේ ඇලෙක්ස් සයනය හරහා මුණින් අතට ඇදවැටීම සමග තමා ඔහුගේ නිරුවත් තුනටිය මත හිස රුවා ගැනීමෙනි. එතැන් පටන් තමා තවමත් ඔහුගේ තුනටිය මත උඩුකුරුව වැතිරී සිටී; ඇලෙක්ස් තවමත් මුණින් අතටය.. එහෙත් අවදිව; වැලමිටට වාරු දී; සිගරට්ටුවක් උරමින්..!

තමා මෙතෙක් කල් ඇලෙක්ස්ගෙන් ආයාචනා කල දෙය...
ඔහුගේ අයිතිය...
එකිනෙකාගේ අයිතිය...
අවසානයේ තමා වෙත ලැබුණි...
ඔහු තමාගේය... තමා ඔහුගේය...
මානසික ලෙස... ශාරීරික ලෙස... ආත්මීය ලෙස..

කීත්ගේ සිරුර කෙලින් කරගැනිමටවත් ඔහුට වාරු තිබුනේ නැත..
මෙවැනි තත්වයකින් රාජකාරියට යන්නේ කෙසේද...
ඇලෙක්ස්ගේ වටිනා ඇඳ රෙද්දේ කීතු කීතු කැබලි සැම තැනම විසිවී තිබුනේ සරත් ඍතුවේ ගස්වල කොල හැලී ඇති අයුරිනි.
ඒවා පලමුව ඉරා දැමුවේ ඇලෙක්ස්ය; ඉන්පසු තමන් ය.!
සුවපහසු පිහාටු කොට්ටය නටබුන් වී ඇත!
එය ඉරා දැමුවේ දෙදෙනාගෙන් කවුද යන්නට කීත්‍ට මතකයක් නැත.
පිහාටු කොට්ටයේ පිහාටු පමණක් ඉතිරි වී ඇත.
කීත් සිය එක් කකුලකින් ඇද මත විසිරී තිබූ පිහාටු කිහිපයක් ස්පර්ශ කළේය.
තම කකුල පවා තැලීමකට ලක් වූ අයුරින් වේදනාදේ..
තම උදර පෙදෙසෙහි සම මතුපිට තවමත් ඇලෙන ස්වභාවයක් ගත්තේය.
ඇලෙක්ස්ගේ තුනටිය මත හිස තබාගෙනම කීත් තම හිස හරවා ඇලෙක්ස් දෙස බැලීය. ඔහු තවමත් මුණින් අතට වැතිරී සිය සිගරැට්ටුව පානය කරමින් සිටියේය.; ඔහුගේ පිට කොටියෙකුගේ සමක් මෙන් තමන්ගේ නියපොතු වලින් සූරන ලද පහරවල් විය. තමා ඉතා ආශා කල පෝසිලේන් පිඟානක් වන් ඇලෙක්ස්ගේ සම තමා විසින්ම විනාශ කර ඇත.!

𝙁𝙍𝙊𝙕𝙀𝙉 𝘼𝘾𝙄𝘿 මිදුණු ඇසිඩ් (BL සිංහල)Where stories live. Discover now