40 වෙනි කොටස - පලිගැනීම

8 3 0
                                    

"බිෂෝ.................ප්ප්ප්ප්ප්ප්!!!!"

අනිල්ගේ කටහඬ පොදුකාමරය පුරා විහිදී ගියේ බිත්ති දෙදරා හරිමිනි.!
සෝෆාව අසල වූ බිත්තියේ එල්ලා තිබූ තෙල් සිතුවම සෙලවී ගියහ...
පොදුකාමරයේ මේසය අසල වාඩිවී සිටි එරික්, ඕස්ටින්, ඩේමියන්, ගැවින් සහ තියෝ එකවරම ගැස්සී ගියහ.
කීත් සිය දෙකන් තම දෑතින් වසාගත්තේය.!
සෙසු සගයන් තම කාමරවලින් එළියට බැස බැලුවේ අනිල්ගේ මොරදීමට හේතුව කුමක්දැයි කියාය. ඇලෙක්ස් සිය කාමරයෙන් එළියට පැමිණ දොර අසලින් සිට ගත්තේ සිය සාක්කුවට දෙඅත් දමාගෙනය. අනිල්ගේ දකුණු අතෙහි නිල් පැහැති යම් කඩදාසියක් විය. එය K12 ඒකකයටම ආවේණික වූ නිල් පැහැති තැපැල් කවරයකි.

"මොකක්ද මේ තමුසෙ මගේ මේසය උඩින් තියලා තියෙන්නේ..?"

අනිල් ඇසුවේ නිල් පැහැති තැපැල් කවරය ඇලෙක්ස් වෙත ඉහළට ඔසවා පෙන්නමිනි. කිසිවක් නොපැවසූ ඇලෙක්ස් එක එල්ලේ අනිල් දෙස බලා සිටියේය. පොදු කාමරයේ සිටි සෙසු සගයන් තුෂ්නිම්භූතව බලා සිටියේ සිදුවීමට යන්නේ කුමක්දැයි කියා අවිනිශ්චිතවය.

"ඉල්ලා අස්වෙන්න..? ඉල්ලා අස්වෙන්න..?"

එයම ප්‍රතිරාවය කරමින් අනිල් තම අතේ තිබූ නිල් පැහැති තැපැල් කවරය දෑතින්ම අල්ලා කැබලි වලට ඉරා දැමුවේය. ඇලෙක්ස්ගේ මුහුණේ කිසිදු වෙනසක් නොවීය.

"මොනවා..?!"

කීත් පමණක් නොව පොදු ඒකකයේ සියලුම සගයන් තම දෑස් සහ දෙකන් අදහාගත නොහැකිව කෑ ගසන්නට විය.

"ඉල්ලා මොකා....ක්..?!!"

ස්ටෙෆාන්ගේ තියුණු හඩ කාමරය පුරා එකවරම විසිරී ගියේය

කීත් වහා ඇලෙක්ස් දෙස බැලුවේ අනිල් මේ පවසන්නේ සත්‍යයක් ද නැතහොත් තමා මේ දකින්නේ සිහිනයක් ද යන්න තේරුම් ගත නොහැකිවය. හැඟීම් රහිත ඇලෙක්ස්ගේ මූහුණ පොදු කාමරයේ සිටි අන් කිසිවෙකු වෙත යොමු නොකොට අනිල් දෙසම පමණක් යොමු කොට සිටියේය.

"තමුසෙ මොනවා කරනවා කියලද හිතන් ඉන්නේ..? මෙච්චර දෙයක් වුණාට පස්සෙත් යුනිට් එකේ හැම එකාම අර පිස්සු මිනිහා කෝල්මන් එක්ක ගේම ගහලා තමුසෙව මේකෙ තියාගත්තේ..! නැත්තං තමුසෙ ICU ඉන්නකොටමයි ඒ මිනිහා තමුසෙව අයින් කරන්න හැදුවේ...! එච්චර අමාරුවෙන් අපි තමුසෙව තියාගන්න හැදුවේ තමුසෙව ඒ තරම් මේ යුනිට් එකට වටින නිසා.... තමුසෙව ඒ තරම් මේ ඇමරිකාවට වටින නිසා... ! ඒ ඔක්කොම වතුරේ ඇරලා තමුසේ දැන් හදනවද ඉල්ලා අස්වෙන්න..? ආ...??!"

𝙁𝙍𝙊𝙕𝙀𝙉 𝘼𝘾𝙄𝘿 මිදුණු ඇසිඩ් (BL සිංහල)Where stories live. Discover now