37 වෙනි කොටස - තෙතබරිත ග්‍රහණය

7 3 0
                                    

"මේකට නතාලියා කැමති වෙයිද..?"

රිදී පැහැති කොණ්ඩා කටුවක් පෙන්වමින් ස්ටෙෆාන් ඇසුවේ ඇලෙක්ස්ගෙන්ය.

"ඒක ලස්සනයි... එයා කැමති වෙයි"

ඇලෙක්ස් කීවේ රිදී පැහැති කොණ්ඩා කටුව අතට ගනිමිනි. එය තරුවක් හැඩැතිය; රිදී පාටින් ඇති එහි සුදු පැහැති පබුලු සහ දිලිසෙන ගලින් නිමවා ඇත. එම සාප්පුව පුරා නොයෙක් ආකාරයේ වූ ආභරණ සහ විසිතුරු භාණ්ඩ විය. ඔවුන් සිටියේ බර්න් නගරයේ west side සාප්පු සංකීර්ණය තුළය. සනීහිල් නිවසින් දුරස්ථව අද දිනයේ සාප්පු සාවාරි යෑමටත්, නගරය විනෝද වීමටත් ස්ටෙෆාන් විසින් සැලසුම් කර තිබුණි. සාප්පු සංකීර්ණය තුළ ඇවිද ගිය ඔවුන් නොයෙක් ආකාරයේ වූ භාණ්ඩ දෙස බලමින් ඔවුන් ආශා කල දෑ මිලදී ගැනීමට උත්සුක වූහ. කීත්ද තම දෙමාපියන්ට වටිනා සේද වලින් නිම වූ සීත ජැකට්ටු සහ පාවහන් මිලදී ගත්තේය. නැවත ෆිල්ඩෙල්ෆියා වෙත ගිය පසු ඒවා ඔවුන් වෙත පාර්සල් කර යැවීමට හැක.

ඒ මේ අත සැරිසරමින් සහ නොයෙක් ආකාරයේ ආහාරවල රස විඳිමින් ඔවුන් එදින විනෝද වූහ. ඇලෙක්ස් හට අනවශ්‍ය ලෙස මහන්සිය නොදැනෙන්නට පහසු ස්ථානයක ඔහුට වාඩිවීමට ඉඩ හැර නිරතුරුව විවේක ගන්වමින් ඔහුගේ ප්‍රියතම Latte කෝපි කෝප්පයක් ලබා දෙන්නට ස්ටෙෆාන් සහ කීත් උත්සුක වූහ. සාප්පු සවාරි යනු ඇලෙක්ස් කැමති විෂයක් නොවේ. නමුත් ඔහුගේ ඇඳුම් පැළඳුම් සියල්ල ඉහල වටිනාකමකින් යුත් ඉහළ සන්නාමයන්ගේ ඒවා විය. ඇලෙක්ස්ගේ සාප්පු සවාරි යෑම යනු අවශ්‍යතාවයට අනුව අවශ්‍ය දේ පමණක් ගැනීම මිසක් දවස පුරා රස්තියාදු වෙමින් දකින දකින සෑමදේත් ආස කරන සෑමදේත් ගැනීම නොවේ. ඔහු මෙයට එකතු වූයේ ස්ටෙෆාන්ගේ දැඩි බල කිරීම මතයි. සාප්පු සවාරිය ආරම්භයේදී මුහුණ බුම්මාගෙන සිටියත්, ස්ටෙෆාන් සහ කීත් මෙම සාප්පු සවාරිය විනෝද ජනක ලෙස අත්විඳිනවා දුටු ඇලෙක්ස්ගේ නුරුස්සන ගතිය පහවී ගියේය.

"මෙච්චර බඩු කාටද බං...?"

දෑතම පුරවා ගත් බඩුත් රැගෙන පැමිණෙන කීත් සහ ස්ටෙෆාන් දුටු ඇලෙක්ස් ඇසුවේය. ඇලෙක්ස් සිටියේ සාප්පුවෙන් පිටත වූ රවුමක් හැඩැති පිඟන් ගඩොලින් නිර්මාණය කර ඇති ආසනයක් මත වාඩිවී සිය දකුණු කකුල ඉදිරියට දිගු කරගෙනය.

𝙁𝙍𝙊𝙕𝙀𝙉 𝘼𝘾𝙄𝘿 මිදුණු ඇසිඩ් (BL සිංහල)Where stories live. Discover now