32 වෙනි කොටස - මත්ස්‍ය ඇම

8 4 0
                                    

කීත් සිය දෑස් හැර බැලුවේ මුහුණට එල්ල වූ ජල ප්‍රහාරයක් හේතුවෙනි.

"මෙහෙ බලපිය හු#&$ පුතා.. කෙලින් බලපිය!"

කිසිවෙකු කීත්ගේ හිසකේ වලින් තදින් අල්ලා ඔහුගේ හිස කෙලින් කලේය. දැඩි අතැගිලි වලට කීත්ගේ හිසකෙස් සිරවී එය ඔහුට බොහෝ වේදනාවක් ගෙන දුනි. දත්මිටි කමින් වේදනාව දරාගත් කීත් සෙමින් සිය දෑස් විවර කලේය.

ඔහුගේ දෑසට එකවරම දිස් වූයේ උණුසුම් පැහැයෙන් යුතු විදුලි බල්බලයකි. එය ඔහුට ඉහලින් පිහිටා තිබිණ. ඔහුගේ ඉදිරියෙහි වූයේ තමා මත්පැන් අවන්හලෙහිදි දුටු තට්ට මිනිසාය. ඔහු අවට තවත් මිනිසුන් කිහිපදෙනෙකු සිටියේය. ඔවුන් සිටියේ යකඩ පොලු,කඩු කිණිසි සහ දම්වැල් වැනි ආයුධ අතැතිවය. කීත්ගේ මුලු සිරුරම වේදනාකාරි විය. තමාට සිදුවූයේ කුමක්ද කියා ඔහු දන්නේ නැත.

"තමු...සෙලා...කවු...ද?"

අඩවන් වූ දෑසින් කීත් කියා සිටියේය.

"වහපිය හු#$ පුතා කට!"

තට්ට මිනිසා සිය මහත අතින් කීත්ගේ මුහුණට පහරක් එල්ල කලේය. ඉතා දරුණු වේදනාවක් කීත්ගේ මුහුණ පුරා දැනුන අතර සිය නාසයෙන් ලේ ගලා යන බව ඔහුට තේරුනි. වැදුන පහර අනුව තමා විසිවී යනු ඇතැයි කීත් සිතුවාද කුමන හෝ හේතුවක් මත තම සිරුර විසි නොවී එතන රැදී තිබුනහ. සිය දෙඅත් තම මුහුණ වෙත ගෙන ඒමට කීත් උත්සාහ කලද ඔහුට තම දෙඅත් සෙලවිය නොහැකි විය. එය වේදනාකාරී ලෙස ඇදීමකට ලක් වී ඇත. තට්ට මිනිසාගෙන් පහර ලැබූ කීත් සිය හිස නැවත කෙලින් කරගත්තේය. තම දෙඅත් දෙස බැලූ ඔහුට තේරුම් ගියේ ඔහුගේ දෙඅත් විශාල ලණු දෙකකින් දෙපසට කර තදින් බැද දමා ඇති බවයි.

"ලොක්කා.. මූ නැගිටලා ඉන්නේ"

තට්ට මිනිසා කාටදෝ කීවේය.

කීත් හොදින් වටපිට බැලුවේය. ඔහු සිටියේ වසා දමා ඇති ගබඩාවක් වැනි ස්ථානයකය. විශාල ලී පෙට්ටි සහ පොහොර මලු වැනි දෑ එහි එක් එක් ස්ථාන වල ගොඩ ගසා තිබුනි. ගබඩාව තුලට වාතාශ්‍රය ලැබුනේ කෙසේදැයි කීත්ට වැටහීමක් නැත. ඔහුගේ මුලු සිරුරම වේදනා දෙයි. තමා මෙම මිනිසුන්ගෙන් බොහෝ පහර කා ඇති බවට ඔහුට වැටහුනි.

𝙁𝙍𝙊𝙕𝙀𝙉 𝘼𝘾𝙄𝘿 මිදුණු ඇසිඩ් (BL සිංහල)Where stories live. Discover now