29 වෙනි කොටස - පාපොච්චාරණය

9 4 0
                                    

"පාහරයා......!!"

ඇලෙක්ස් මිට මොලවා කීත්ගේ මුහුණට වේගවත් පහරක් ගැසීය. ඇලෙක්ස්ගේ පහර කෑ කීත් වේගයෙන් විසිවී හෝටල් කාමරයේ අල්මාරියේ වැදිනි!.

"වල් බල්ලා! තොට කොහෙන්ද යකෝ එච්චර හයියක් ආවේ...!!!??"

කීත්ගේ බෙල්ලෙන් අල්ලාගත් ඇලෙක්ස්, කීත්ව අල්මාරියේ දොරට තදින් තද කරන්නට විය. ඇලෙක්ස්ගෙන් කෑ පහර හේතුවෙන් කීත්ගේ තොල වම් පැත්තෙන් පුපුරා ලේ මතුවූ අතර, ඇලෙක්ස්ගේ ඇගිලිතුඩුවලට සිරවූ තම ගෙල හේතුවෙන් ඔහුට හුස්ම ගැනීමට පවා අපහසු උනි.

"ඇ...ඇල්..ලෙක්...ස්....මට ....සමා...වෙයං....ක්හෑම්..."

ඇලෙක්ස්ගේ කෝපය කීත් විසින් මීට පෙර අනන්තවත් වූ අවස්ථාවල දැක ඇත. එහෙත් අද දින ඔහුගේ දැසේ දිස් වූයේ මිනීමරු ප්‍රකෝපයකි; හරියටම එදා බෝස්ටන් හි ඔහු දුටු ලෙසම.

"බැල්ලිගේ පුතා..! තෝව විශ්වාස කරලා ළඟින් තියාගෙන හිටපු මට මෙහෙමද තෝ සලකන්නේ..! පරයා..!"

ඇලෙක්ස්ගේ දත් ඇදි කෝපයෙන් එකිනෙකට වැදී ගැටෙන හඩ කීත්ට හොදින් ඇසුණි.

"සමාවෙ....යං ඇලෙක්..ස්... මං...හිත...ලා...කලේ..නෑ"

ඇලෙක්ස්ගේ ශක්තිමත් දකුණතට මිරිකුනු කීත් තවමත් උත්සාහ දරන්නේ ඔහුගේ ග්‍රහණයෙන් මිදීම සඳහාය.

" තෝයි රේචලුයි දෙන්නම කලේ මගේ දුර්වලකමකින් ප්‍රයෝජන ගත්තු එක...! තොපි දෙන්නම මාව සෙක්ස් බඩුවක් කරගත්තා..!  තොපි දෙන්නම බල්ලෙක්ට ජාතක වුන වල් පරයි දෙන්නෙක්...!"

ඇලෙක්ස් නැවතත් වේගවත් පහරක් කීත්ගේ මුහුණට ගැසීය.

රේචල්....?
ඒ කවුද...?

"මං..උඹට..එහෙම...දෙයක්...කලේ..නෑ.... ඇලෙක්ස්"

කීත්ගේ මුහුණේ වම් පැත්ත ඉදිමී එනු ඔහුට දැනුනි. ඇලෙක්ස් තම ග්‍රහණය තව දැඩි කලේය. කීත් ඔහුගේ දකුණතෙහි දෑතින්ම එල්ලී එයින් මිදීමට උත්සාහ කලේය. කීත්ගේ සිතේ පාපොච්චාරණයට බොහෝදේ තිබුණි. මුහුණේ වේදනාවට වඩා ඔහුගේ සිතේ වේදනාව වැඩිය. කීත්ගේ දෑස් වේදනාවෙන් දැවෙන්නත්, කටහඩ වෙව්වලන්නත් විය.

𝙁𝙍𝙊𝙕𝙀𝙉 𝘼𝘾𝙄𝘿 මිදුණු ඇසිඩ් (BL සිංහල)Where stories live. Discover now