25 වෙනි කොටස - මුවහත් තලය

10 4 0
                                    

කීත් හට ඇසුණේ යමක් බිඳෙන ශබ්දයකි. වහා විසිත්ත කාමරයට ගිය කීත් හට දැකගන්නට ලැබුනේ, නේතන් සහ ස්ටෙෆාන් වෙනුවෙන් ඇලෙක්ස් විසින් ගබඩා කර තිබූ මද්‍යසාර කබඩයෙන් බෝතලයක් බිම වැටී කුඩුවී තිබු අයුරුයි. ඉන් එක් බෝතලයක් ඇලෙක්ස්ගේ අතේ තිබූ අතර ඔහු එහි මූඩිය කඩා එක උගුරට බොමින් සිටියේය.

"ඇලෙක්ස් එපා.........!"

වේගයෙන් දිවගිය කීත්, ඇලෙක්ස් අත තිබූ බෝතලය උදුරාගන්නට විය. නමුත් ඒවන විටත් ඇලෙක්ස් එයින් හරි අඩක්ම අවසන් කර තිබුනි.

"උඹට පිස්සු ද යකෝ මේවා අමුවෙන් ගහන්න..??!! පාටියේදි බීපුවා තාම අල්ලගන්න බැරිව ඉන්නේ... ඒ මදිවට මේකත් අමුවෙන් ගහලා....! උඹව මැරිලා යයි ඇලෙක්ස් ...!"

කීත් කීවේ එක් අතකින් ඇලෙක්ස්ගේ කමිස කොලරය තදින් අල්ලාගෙනය. දුෂ්ඨ ලෙස සිනාසුන ඇලෙක්ස්,

"ඉ...ත්තින්... මැරි...ල්....ලා....ය....න්න....දියං!"

"උඹට මැරිලා යන්න දෙන්න ඕනේ නම් මෙහෙම රකිනවද යකෝ!"

කීත් කීවේ කේන්තියෙන් ඇලෙක්ස්ව තල්ලු කරමිනි.
මත් ගතියෙන් වැනෙමින් සිටි ඇලෙක්ස්, කීත්ගේ තල්ලු කිරීම හමුවේ පිටුපස බිත්තියට විසිවී ගොස් වැදුණි.

"ඇලෙක්ස්...! උඹේ කොන්ද වැදුනද? ඔලුව..? කොහෙ හරි වැදුනද කියපන්කෝ !"

බියාන්තර වූ කීත් ඇසුවේ ඇලෙක්ස් අසලට දිවගොස් ය.

"ම්ම්ම්... මට... ඉන්න... ද්...දීලා... ප්...පලයා...න්... එ..ව්ව්ව..න්ස්..!"

ඇලෙක්ස් කිවේ කෝපයෙන් කීත්ව තමාගෙන් ඉවතට තල්ලු කරමිනි.

"වරෙන් කාමරේට යන්න... මම ලයිම් ජුස් එක හදාගෙන එනකං උඹ කාමරේ හිටපන්.. මෙහෙ හිටියොත් මොනවා කරයිද දන්නේ නෑ! "

කියූ කීත්, ඇලෙක්ස්ගේ විරෝධතාව මධ්‍යයේ සිය උපරිම වීරිය යොදා ඇලෙක්ස්ව ඔහුගේ නිදන කාමරයට ගෙන ගියේය.

ඇලෙක්ස්ගේ නිදන කාමරය නිවස මෙන් කලු පැහැති තේමාවෙන් නිර්මාණය කර ඇත. කලු පැහැති ඇද සහ ඇද ඇතිරිලි, කලු පැහැති නින්ද කාමර භාණ්ඩ සහ ජනෙල් රෙදි විය. විශාල කාමරයක් වූ එය අඩු භාණ්ඩ සහිත වැඩි ඉඩකඩකින් හෙබිය.
ඇලෙක්ස්ව ඔහුගේ නිදන ඇද අසලට රැගෙන ගිය කීත්, ප්‍රවේසමෙන් ඔහුව ඇදමත සතපන්නට සූදානම් වූවද කීත්ගෙන් මිදුණු ඇලෙක්ස් කපා හෙලූ ගසක් මෙන් උඩුකුරුව ඇද මත පතිත විය.

𝙁𝙍𝙊𝙕𝙀𝙉 𝘼𝘾𝙄𝘿 මිදුණු ඇසිඩ් (BL සිංහල)Where stories live. Discover now