24 වෙනි කොටස - කැපකරු පියා

8 4 0
                                    


වැනෙමින් සිටි ඇලෙක්ස්ව අල්ලා රවුම් මේසය අසල පුටුවක වාඩිකෙරවූ කීත්, ඇලෙක්ස්ගේ දකුණු පසින් වූ පුටුවක් ඇදගෙන එහි වාඩි වූයේ සැනසුම් සුසුමක් හෙලමිනි. මද්‍යසාර හේතුවෙන් ඇලෙක්ස්ගේ කම්මුල් රෝස පැහැ ගැන්වී තිබුනි.

"කෝක් එකේ රස වෙනස් කියලා තේරෙනකොටම උඹට නවත්තන්න තිබ්බා ඇලෙක්ස් ..! අහවල් එකටද ඔක්කොම බිව්වේ..?"

කීත් කීවේ නෝක්කාඩු ස්වරයෙනි.

"ක්..කෝක්....? මොන....ක්..කෝක් ද?"

ඇලෙක්ස් ඇසුවේ සිනාසෙමින් ය.

ඔහුගේ දුර්ලභ වූ සිනහව දකින්න අද දිනයේ කීත් හට වාසනාව ලැබී ඇත.

"අඩෝ උඹ හොදටම මත් වෙලා බන්...!"

කීත් කීවේ සිනහා වෙමින් අනිත් පැත්තට හැරෙමින් සිටි ඇලෙක්ස්ව තමන්ගේ පැත්තට හරවා ගනිමිනි.

වහා කීත්ගේ කමිස කොලරයෙන් අල්ලා තමා වෙත ඇඳගත් ඇලෙක්ස් ,

"මං....ක්ක්..කො...හොමත්....එහෙම තමා...!"

ඔහුගේ දෑස් තියුණු ලෙස කීත්ගේ දෑස් වලට එබිනි.
කීත් දුටුවේ පරතරයක් නොපෙනෙන කලු දෑසකි; එහි මහා අන්දකාරයක් විය. කලු ඉංගිරියාව හෝ නොපෙනෙන තරම් වූ කලු දෑසකි; සිහින් වූ දෑසේ තිබුනේ සැබැවින්ම මත් බවකි; එය මද්‍යසාර නිසාදෝ නැත්නම් වෙනත් හේතුවක් නිසාදෝ දැයි යන්න කීත් හට නොවැටහුණි; කලුපැහැති දිගු ඇහිබැම ගෙන ආවේ නපුරු පෙනුමකි. කිසිවක් කියාගත නොහැකි වූ කීත් නොසෙල්වී බලා සිටියේ ඇලෙක්ස්ගේ දෑස් දෙසය; ඔහුගේ ගත සීතල වී ගියේය. මද වෙලාවක් එසේ සිටි ඇලෙක්ස් වහා කීත්ගේ කමිස කොලරය වේගයෙන් අතහැර දමා මහ හඩින් සිනාසෙන්නට විය. කීත් පියවි සිහිය ලබා ගැනීමට තප්පර කිහිපයක් තදින් ඇස් ගසමින් සිටියේය.

තවදුරටත් ඇලෙක්ස් මෙම සාදයේ සිටීම නොසුදුසු බවට හැගුනු කීත්, ඇලෙක්ස්ව රැගෙන එලියට යාමට සැරසෙත්ම කොහේදෝ සිටි පැමිණි රත්‍රන් පැහැති හිසකේ ඇති තරුණයෙක් ඇලෙක්ස්ගේ උකුලේ වාඩි විය.

"ල්....ලෙක්ෂීඊඊඊඊ........ මගේ එක්...කා......! උම්ම්ම්.....මාහ්......උම්ම්ම්......මාහ්!"

𝙁𝙍𝙊𝙕𝙀𝙉 𝘼𝘾𝙄𝘿 මිදුණු ඇසිඩ් (BL සිංහල)Where stories live. Discover now