13 වෙනි කොටස - සුරංගනා කතාව

7 4 0
                                    

සියල්ල සිදුවූයේ තප්පර කිහිපයක් ඇතුලතය. එකවරම නිකුත් වූ වෙඩි හඩ සමග අපරාධකරුගේ රථයේ පිටුපස වීදුරුවේ දකුණු පසින් සිදුරක් සාදමින් උණ්ඩය ගමන් කලේය...

අපරාධකරුට රථය පාලනය කල නොහැකිව එකවර තිරිංග පෑගී රථය කැරකුණේය..
කැරකෙණ රථය එකවරම Audi රථය දෙසට විසිවිනි...
කීත් ඇලෙක්ස්ව වේගයෙන් කාරය තුලට ඇදගත්තේය..
දොරත් වසාගෙනම ඇලෙක්ස් වේගයෙන් අසුන මතට ඇද වැටුණි...
තම කාරය දෙසට වේගයෙන් කැරකී ඇදෙන අපරාධකරුගේ රථයෙන් ගැලවීමට කීත් මෝටර් රථය වම් පැත්තට කැරකවීය..
කැරකී ඇදුණ අපරාධකරුගේ මෝටර් රථය, ඇලෙක්ස් වාඩි වී සිටි පැත්තේ වූ Audi රථයේ පැති කණ්නාඩිය කඩාගෙන ගියේය..
කීත් වේගයෙන් තිරිංග පෑගීය..
තිරිංග වැදුණු Audi රථය මාර්ගය මැද දෙවරක් කැරකී නතර විය..
අපරාධකරුගේ රථය මාර්ගයේ අසල තිබූ කණුවක වැදී විසිවී ගොස් පෙරලුනේය..
පිටුපසින් ආ පොලිස් රථ දෙක හැකි වෙර යොදා ගැටීම වලක්වා ගත්තේය..

"ඇලෙක්ස් ...!!..කීත්....!!"

තියෝගේ මොර දීම කීත්ට සිය ශ්‍රවණ උපකරණ හරහා ඇසුණි.

"බිෂොප්... ! එවන්ස්...! කතාකරපල්ලා කොල්ලනේ... උඹලාට මොකද උනේ??? "

අනිල්ගේ බියාන්තර වු කටහඩ කීත්ට ඇසෙන්නට විය.

සිදුවූයේ කුමක් දැයි සිතා බැලීමට සිහි එලවාගත් කීත් තදින් හුස්ම ගනිමින් රියදුරු අසුන මත තප්පර කිහිපයක් ගල් ගැසී උන්නේය. එහෙත් මොහොතක්වත් ප්‍රමාද නොවූ ඇලෙක්ස් දොරත් ඇරගෙන දිව ගියේ අපරාධකරුගේ රථය තිබූ තැනටය. ඇලෙක්ස් දිව යනු දුටු කීත් ද සිහිඑලවාගෙන ඇලෙක්ස් පසු පස ගියේ තම රිවෝල්වරය ද සූදානම් කරගනිමින් ය.

"අපි හොදින් .... ප්‍රශ්නයක් නෑ... අපරාධකරු අපේ යටතේ! "

ඇලෙක්ස් වෙත දිව යන ගමන් කීත් සිය ශ්‍රවණ උපකරණය හරහා තියෝ සහ අනිල් දැනුවත් කලේය.

අපරාධකරුගේ වොක්ස්වැගන් රථය උඩුයටිකුරුව පෙරලී කැබලි වී ගොස් තිබුණු අතර අපරාධකරු එහි දොරටුවෙන් එලියට විසිවී උඩුයටිකුරුව බිම වැටී සිටියේය. ඉණට අත තබාගත් ඇලෙක්ස් අපරාධකරු අසල සිටිගෙන සිටියේය. වහාම ඇලෙක්ස් අසලට දිව ගිය කීත් අපරාධකරු දෙස බැල්මක් හෙලීය. ඔහු ජිවතුන් අතරද නැද්ද යන්න සැකහැර දැනගැනීමට කීත්ට වෙර දැරීමට අවශ්‍ය නොවුණි; මක්නිසාද ඇලෙක්ස්ගේ වෙඩි පහර අපරාධකරුගේ දකුණු කණ පිටුපසින් ඇතුල් වී වම් ඇසින් එලියට විසිවී තිබුනේ ඔහුගේ මුහුණ විරූපී කරමින් ය. !
ඇලෙක්ස්ගේ කුරුමානම දුටු කීත් හට හදපත්ලෙන්ම ඇලෙක්ස්ගේ හැකියාව ගැන ආඩම්බරයක් දැණුනි; එසේම අපරාධකරුගේ හිසට වෙඩි තැබීම ගැන අනිල් කෙසේ ප්‍රතිචාර දක්වයිදෝ යන්න ඊලගට කීත්ගේ සිතට නැගුනේය. අපරාධකරුගේ සිරුර වැටී තිබූ ස්ථානයට දුවගෙන ආවේ පොලිස් නිලධාරින් ය. ඔවුන් අපරාධකරුගේ නාඩි පරික්ශා කොට බැලුවේය.

𝙁𝙍𝙊𝙕𝙀𝙉 𝘼𝘾𝙄𝘿 මිදුණු ඇසිඩ් (BL සිංහල)Where stories live. Discover now