8 වෙනි කොටස - අමුතු කාමරය

8 4 0
                                    

විවේකාගාරයේදි දුටු පසු කීත් විසින් ඇලෙක්ස්ව එදින දවස පුරා නොදකින ලදී. පැය එකහාමාරකට පමණ පසු ස්ටෙෆාන් නැවත පොදු කාමරය වෙත පැමිණියෙ ස්නානය කල පසුය. ඒකකයේ සිටි සියල්ලම ස්ටෙෆාන් වටකරගෙන සිදු වූ දෑ විමසන්නට විය. සවස් වනතුරුත් ඇලෙක්ස් නැවත පොදු කාමරයට නොපැමිණි නිසා, කීත් විවේකාගාරයට ගොස් පරික්ශා කර බැලූවේ ඇලෙක්ස් තාමත් නිදි යහනේද යන්නයි. නමුත් ඇලෙක්ස් එහි සිටියේ නැත. !

දවසේ රාජකාරි අවසන් කොට කීත් පෙරලා මූලස්ථානයේ ඒකක නිදන කාමර වෙත පිටත් වන විට වේලාව රාත්‍රී නවය පසු වී තිබුනි. ඩේමියන් සහ ගැවින් විසින් ඔහුට වයින් පානය සදහා ආරාධනා කලද, එදින රාත්‍රියේදි ඔහුට Charleston හි මෙහෙයුම පිළිබදව වාර්තාව අවසන් කිරීමට තිබූ හෙයින් තමාට ලැබුණු ආරාධනාව කාරුණිකව ප්‍රතික්ෂේප කලේය.

කීත් K12 ඒකකයට ඇතුලත් වූ පලමු දින රාජකාරි අවසන් වීමෙන් පසු ලූකස් විසින් ඔහුව FBI මූලස්ථානයේ K12 ඒකකයේ නිදන කාමර වෙත රැගෙන ගියේය. මෙම නිදන කාමර පිහිටා තිබූයේ Hoover ගොඩනැගිල්ලට යාබද ගොඩනැගිල්ල වූ Hancock ගොඩනැගිල්ලේ ඉහල මහලේය. ලූකස් ඔහුව ඉහල මහලට රැගෙන ගිය අතර එය විශාල කොරිඩෝවක් සහිත මහලකි. කොරිඩෝව ඉතා පිරිසිදුය; එහි දෙපස කාමර පිහිටා ඇත. සෑම කාමරයකම අදාල ඒකක අංකය සදහන් කර ඇත. කොරිඩෝව ආරම්භවන ස්ථානයේම වම් පසින් පිහිටා ඇත්තේ K1 ලෙස සදහන් නේතන්ගේ කාමරය යි. ඉන්පසු K2 ලෙස තියෝගේ කාමරයත්; K3 ලෙස ස්ටෙෆාන්ගේ කාමරයත්; K4 ලෙස ඇලෙක්ස්ගේ කාමරයත්; K5 ලෙස ලූකස්ගේ කාමරයත්; K6 ලෙස ලෝගන්ගේ කාමරය ද වේ.

ලෝගන්ගේ කාමරයට ඉදිරියෙන්ම K7 ලෙස ඕස්ටින්ගේ කාමර‍යත්, එම කාමරයට පසු එනම් නැවත කොරිඩෝවේ ආරම්භය ඇති පැත්තට, ආපස්සට පිහිටා ඇත්තේ K8 ලෙස ගැවින්ගේ කාමරයත්, K9 ලෙස කොලින්ගේ කාමරයත්, K10 ලෙස කීත්ගේ කාමරයත්, K11 ලෙස ඩේමියන්ගේ කාමරය සහ අවසානයට නේතන්ගේ කාමරයට ඉදිරියෙන්ම K12 ලෙස එරික්ගේ කාමරය පිහිටා ඇත.
කීත්ගේ K10 නිදන කාමරය පිහිටා තිබුනේ ස්ටෙෆාන්ගේ K3 නිදන කාමරය ඉදිරියෙන් ය.

"අපි හැමෝම මේකෙ ඉන්නේ "

ලූකස් කොරිඩෝව දෙපස කාමර පුරා අත විහිදමින් කීත්ට පැවසීය.

𝙁𝙍𝙊𝙕𝙀𝙉 𝘼𝘾𝙄𝘿 මිදුණු ඇසිඩ් (BL සිංහල)Where stories live. Discover now