7 වෙනි කොටස - දඩයමේ යෑම

10 2 0
                                    


කීත් K12 ඒකකයට පැමිණ දින තුනක් ගතවූවත් ඇලෙක්ස් සමග කතා කිරීමටවත් ඔහුට මේ වෙන තෙක් අවස්ථාවක් ලැබුනේ නැත. පෙර දිනයේ කීත් අනිල් සමග Washinton DC හි හමුදා මූලාස්ථානයට ගිය විට ඇලෙක්ස් සහ ස්ටෙෆාන් Allentown දක්වා ගමන් කරන බවට අනිල්ගේ දුරකතනය සංවාදය ඔස්සේ කීත්ට දැනගන්නට ලැබුනාද, පසුවදා උදෑසන වන තුරුත් ස්ටෙෆාන් සහ ඇලෙක්ස් K12 ඒකකය වෙත වාර්තා කර තිබුණෙ නැත. සිය දෛනික පුහුණුව අවසන් කර කීත් ඒකකය වෙත පැමිණෙන විට උදෑසන 9 පසුවී තිබුනි. විදුලි සෝපානයෙන් බැස ප්‍රධාන දොරටුව විවරකොට ඒකකයේ තොරතුරු අංශය මැදින් ගමන් කරමින් සිටි කීත් හට දැකගත හැකි වූයේ, ඒකකයේ වීදුරු දොරටුව තුලින් වේගයෙන් එලියට පැමිණෙන අනිල්‍ ය. ඔහු එම වේගයෙන්ම ගියේ කෝල්මන්ගේ කාර්‍යාලය දෙසයට.

"ස්ටෙෆානුයි ඇලෙක්සුයි තාම ඇවිල්ලා නෑ"

තියෝ පැවසුයේ කීත් ඇසූ ප්‍රශ්නයට පිලිතුරු ලෙසය.

"Allentown යනවා කියලා ඊයේ මට දැනගන්න ලැබුනේ. ඒත් Allentown ඉදලා ඊයේ රෑම එන්න පුලුවන් නේ"

ප්‍රශ්නාර්ථයකින් යුතුව කීත් පැවසූවේය.

"Allentown නෙවෙයි, දෙන්නා එතනින් Bridgeport ගිහින්"

තියෝ පැවසීය.

"මට ඇහුනා නේතන් අනිල්ට කියනවා"

තියෝ රහසින් මෙන් කීත්ට ලංවී පැවසීය.

"දෙන්නා එහාට ගිය ඩියුටි එක මොකක්ද කියලා දන්නවාද? "
කීත් නැවත ඇසුවේ ය.

" narcotic department එකේ රෙඩ් ෆයිල් එකක් මිස්ප්ලේස් වෙලා"

තියෝ එසේ පවසමින් පොදු කාමරය මැද වූ මේසය අසල පුටුවක් ඇද එහි වාඩි වූවේය.

රතු ලිපිගොනු යනු FBI හි රහස්‍ය ලිපිගොනු මාලාවකි. එම ලිපිගොනු සදහා අවසර ඇත්තේ කිහිපදෙනෙකුට පමණි. FBI හි මත්ද්‍රව්‍ය අංශයේ රතු ලිපිගොනුවක් අතුරුදහන් වී ඇත්නම් එය බරපතළ කාරණාවකි. මක්නිසාද ඇමරිකාවේ මත්ද්‍රව්‍ය පිලිබදව සහ ඒවාට සම්බන්ධ වී සිටින එකීමෙකී නොකී සියලු දෙනාගේම තොරතුරු එහි ඇතුලත් වී ඇති හෙයිනි.

ඇලෙක්ස්වයි ස්ටෙෆාන්වයි මේ ඩියුටි එකට අනිල් යවන්න ඇත්තේ සීක්‍රට්ලි වෙන්න ඕනා...
ඒක තමා එයාගේ ඕඩර්ස් නැතිව Allentown වලටවත් යන්න එපා කියලා අනිල් ඊයේ බැන්නේ...
ගියොත් ඒ දෙන්නාව අහුවෙන්න ඉඩ තියෙන නිසා වෙන්න පුලුවන් ...
ඒ දෙන්නා රෙඩ් ෆයිල් එක ෆලෝ කරනවා කියලා හොයාගන්න ඉඩ තියෙන්න පුලුවන් නිසා වෙන්න ඇති....
දැන් දෙන්නම Bridgeport ගිහින් ...
එහෙනම් අනිල්ට කේන්ති ගිය එක සාධාරණයි ...

𝙁𝙍𝙊𝙕𝙀𝙉 𝘼𝘾𝙄𝘿 මිදුණු ඇසිඩ් (BL සිංහල)Where stories live. Discover now