1 වෙනි කොටස - පියවර

14 4 0
                                    

ඇලෙක්ස් මෙසේ දුවන්නේ කෙසේද..?
ඒකකයේ සිටි කාලයේ මෙන් ඔහු ඉතා වේගයෙන් දිව ගියේය..
කීත් සමග එක හා සමාන වේගයෙන් දිව ගියේය..
මෙතරම් වේගයෙන් ඔහුට දිව යා නොහැක!

එහෙත් ඔහු අද දිව ගියේය..
වේගයෙන්...
වේගයෙන් දුව යන චීටාවෙකු මෙන්..
හහ්...
අදාල නැත...
අනිල්ට අනුව ඇලෙක්ස් යනු සාතන්ගේ පුත්‍රයාය..!
ඒකකයේ සගයන්ට අනුව ඇලෙක්ස් යනු "යුනිට් එකේ හොඳම බුලට් එකයි" !
එසේ නම් කුමන වේදනාවක් තිබ්බත් ඔහු මෙසේ චීටාවෙකු මෙන් දිව යෑම ගැන පුදුම විය යුතු නැත!

උස් වූ රූස්ස ගස් අතරින් රිංගා යමින්, ලී කොටන් හරහා උඩින් පනිමින් ඔවුන් දිව ගියේය. මඩ වගුරු මතින් පනිමින් ඔවුන් දිව ගියේය. යන්නෙ කොහේදැයි කුමන දිශාව දැයි කිසිවක් නොදැන ඔවුන් ඉදිරියටම දිව ගියේය. ඔවුන් යන මාර්ගයට ඉන්ටලේකන් හි සද එළිය පමණක් මග පෙන්වීය.

කීත් දිව ගියේ තම ජීවිතය බේරා ගැනීමට නොව; ඇලෙක්ස්ගේ ජීවිතය බේරා දීමටයි. ඔහුව පණපිටින් තැබීමටයි. ඔහුට සහය වීමටයි. කරුණු කාරණා කෙසේ සිදුවූවත් තමා ඇලෙක්ස්ගේ රාජකාරි සගයාය. ඇලෙක්ස් විසින් එය ප්‍රතික්ෂේප කළත් එය වෙනසක් නැත!
අනිල් විසින් තමා ඒකකයට පැමිණි දිනයේම තමාව නිල වශයෙන් ඇලෙක්ස්ගේ සගයා ලෙස පත් කළේය. එතැන් සිට වසර එකහමාරක් පුරා සෑම දවසකම කීත් සිය රාජකාරි සගයා ආරක්ෂා කළේය. දුක සැප දෙකෙහිම ළඟ සිටියේය. ඇලෙක්ස් විසින්ම තමා සමග රාජකාරි හවුල අවසන් කලද තමා එය අවසන් කර නැත! අනිල් විසින් තමාගේ නව රාජකාරි සගයා ලෙස ඩේමියන් වුඩ් පත් කල අවස්ථාවේදී, එම ලිපිගොනුවේ අනිල්ගේ නිල අත්සන සහ නිල මුද්‍රාව තිබුණෙ නැත!
ඒ බිෂොප් - එවන්ස් සුසංයෝගය අවසන් කිරීමට අනිල් තුල තිබූ අකමැත්ත නිසාය.
එම නිසා අදටත් ඇලෙක්ස්ගේ නිල රාජකාරි සගයා වන්නේ තමාය!
ස්ටෙෆාන් නොව..
තමාය..
නිල වශයෙන් තමාට තාමත් අයිතිය ඇත!

ඕනෑම තත්වයක් මත ඇලෙස්ටෙයාර් ට්‍රිස්ටන් බිෂොප් රැකගැනීමට කීත් එවන්ස් හට නිල වශයෙන් අයිතිය ඇත!!

ඔවුන් දිව ගිය කැලෑ පෙදෙස කෙමෙන් කෙමෙන් උස් බිමක් බවට පත්වන බව කීත් හට වැටහිනි. වේගයෙන් දිව ගිය ඇලෙක්ස් එකවරම ලිස්සා බෑවුමකින් එපිටට පෙරළී ගියේය.

𝙁𝙍𝙊𝙕𝙀𝙉 𝘼𝘾𝙄𝘿 මිදුණු ඇසිඩ් (BL සිංහල)Donde viven las historias. Descúbrelo ahora