• වෙස් - 07 •

413 51 82
                                    

ලිකර් ට්‍රොලි එක තල්ලු කරගෙන ආව වේටර් ඒක ආයුශ් ළඟින් නතර කරා...

ඊටපස්සේ එයා ඒ ට්‍රොලි එකේ තිබුණ දේවල් පිළිවෙලින් ආයුශ් වගේම රාධව් ඉස්සරහින් තියද්දි ඒ දෙන්නම හිටියේ නිශ්ශබ්දවම ඒ දිහා බලාගෙන...

රාධව් කොළඹට එද්දි හවස පහ කිට්ටු කරල තිබුණා...එයා ආව ගමන්ම ගියේ එයාගේ ගෙදරට...මගදි කෝල් කරපු නිසාද මන්දා රාධව් යද්දි කෝමුල් හිටියේ ගේට් එක ගාව..රාධව් එන මග බලන්...

කෝමුල් කිව්වේ රාධව් ගේ ගෙදර බලාගන්න වයසක මනුස්සයා...එයා කොහොමත් රාධව් ට පණ ඇරලා හිටියේ...

⁣තමන්ට සැහැල්ලු ඇඳුමක් රෙඩි කරන්න කියලා කෝමුල් ට කියපු රාධව් හොඳ ශවර් එකක් ගත්තා...ඊටපස්සේ ඉක්මනින් රෙඩි උන රාධව් ආයුශ් ව මීට් වෙන්න එයාලා කලින් ප්ලෑන් කරගෙන හිටිය මැරියට් විලා පැත්තට කා එක ඩ්‍රයිව් කරා....

උදේ ආයුශ් කතා කරපු වෙලාවේ ඉඳලම රාධව් ගේ හිතේ බුබුලු දම දම තිබුණේ පුදුමාකාර කුතුහලයක්...ඒත් ඒක දැන්නම් තිබුණේ උතුරලා පිටාර ගලන මට්ටමක...නමුත් ආයුශ් ට නම් තවමත් කතාව පටන් ගන්න හිතක්වත් නැති පාටයි....

" මීඩියාකාරයෝ ඔහොමමයි..."

රාධව් හිතින් ආයුශ් ට බැන්නා...

" තෑන්ක් යූ....යන ගමන් දොර වහගෙන යන්න"

වේටර් ගේ සර්ව් කිරීම අවසානයේ ආයුශ් වේටර් ට ස්තූති කරලා එයා ඉඳගෙන හිටිය කුශන් එකේ පහසුවට හරිබරි ගැහුණා...

ඉඳහිට ගලාගෙන ගිය හීනි හුලඟක් නිසා වටපිටාවේ තිබුණේ තරමක සිසිල් ගතියක්...

රාධව් නොසන්සුන්කමින් ආයුශ් දිහා බලාගෙන හිටියා...⁣තමන්ට ඉක්මනටම දැනගන්න ඕන කරන දේ ආයුශ් මේ තරමට පරක්කු කරන එක ගැන එයාගේ හිතේ එච්චර ලොකු සතුටක් නෑ වගේ...

" මට තේරෙනවා...උබ එක්සයිටඩ්..."

තමන් දිහාවට එල්ල වෙලා තියෙන නොයිවසිලිමත් ඇස් දිහා ආයුශ් බැලුවේ කට කොනකින් හිනා වෙන ගමන්...

" විකාර නැතුව කියපන්...මට මේක දැන් ඇති වෙලා තියෙන්නේ..."

රාධව් එයාගෙ ඇස් ආයුශ් ගෙන් අයින් කරගෙන රූෆ්ටොප් එක වටේ යැව්වේ ආයුශ් ගේ හිනාව එයාගේ තරහවත් ටිකක් අවුස්සන බව තේරෙද්දි...

• වෙස් | 𝐒𝐈𝐍𝐇𝐀𝐋𝐀 𝐁𝐋 •जहाँ कहानियाँ रहती हैं। अभी खोजें