" ආ කල්ප අයියෙ , ඔයත් ආවද "

" ඔච්චර ඉක්මනට ඒකත් අමතක වුනා නේද. මම ඔයාලගෙ ඉස්කෝලෙනෙ හිටියෙ ඒකනන් අමතක වුනාට කමන්නෑ කියමුකො මේ කොල්ලට අයියවත් අමතක වෙලා "

හෙ හේ පොඩ්ඩක් විතර අමතක වුනා. මේ මනුස්සයා අපේ ඉස්කෝලෙ ආටෙකේනෙ හිටියෙ. කල්ප කියන්න මගෙ ලොකු නැන්දගෙ පුතා. කලින් අපේ ඉස්කෝලෙ හිටියෙ දැන්නන් ඉතින් සෞන්දර්ය කැම්පස් එකේ ඉන්නෙ. ඉස්සර ආට් සෙක්ෂන් එකේ බෙස්ට් ස්ටුඩන්ට්. මම කල්ප අයියා එක්ක කතා කර කර ඉන්නකොට ආදිල් අයියා රවාගන බලන් ඉන්නව මම ඇස් කොනට දැක්කා.

" අහ් , කල්ප අයියෙ මේ ඉන්නෙ ආදිල් අයියා HP මේ යුගාන් අයිය DHP එතකොට මේ ඉන්නෙ මගෙ ලොකු නැන්දගෙ පුතා කල්ප "

ඔන්න ඉතින් මම තුන්දෙනාට තුන්දෙනාව අදුන්වලා දුන්නා. යුගාන් අයිය හිනා වෙලා කල්ප අයියට කතා කරාට ආදිල් අයියා කතා කරන්න තියා හිනා වුනෙත් නෑ. කල්ප අයියාඅහන සමහර ඒවට එක වචනෙකින් විතරයි උත්තර දුන්නෙ. එහෙමත් නැත්තන් එක අකුරකින්

" කල්ප කියන්නෙ මට කලින් HP නේද ? Dancing කරේ "

" අහ් ඔව් මල්ලි "

ඔන්න ඉතින් එයාලා අදුරනවලු දැන් ඉතින් මම මෙතනත් හලලා එයාල එයාලගෙ කතා. මටමයි වෙන්නෙ. යකූ මේ කල්ප අයියා මම මල්ලි උනාමවත් මාව ගනන් ගන්න එපැයි.

" මේ කල්ප අයියෙ මාවත් ගනන් ගන්න හලෝ මාත් මෙතන ඉන්නව "

" ආ ඔව් ඔව් මට පේනව "

එහෙම කියල හිනා වෙලා කල්ප අයියා මගෙ කොණ්ඩෙ අවුල් කරා. හැබැයි අයියා හිනා වෙනකොටනන් හරිම ශෝක් අනේ. ඒ වුනාට ආදිල අයියා ඊට වඩා ශෝක්. එයා හිනා වෙනකොට පැන්ඩා පැටියෙක් වගේ. එයා ටිකක් විතර චබීනෙ හිනා වෙද්දි කම්මුල් දෙක පිම්බෙනවා. කල්ප අයියා කරන හැම මගුලටම ආදිල් අයියා මං දිහා බලලා රවනවා.

ඔන්න ඉතින් හැමදාම වගේ මේ සැරෙත් මැච් එක දින්නෙ අපේ අය. අපි ග්‍රවුන්ඩ් එකෙන් එලියට එද්දි හයටත් ලගයි මම හිතන්නෙ.කල්ප අයියා එයා එක්ක් ගෙදර යන් කීවත් මම බෑ කීව මොකද මම ආවෙ ආදිල් අයියලා එක්කනෙ. අනික අම්මට කීවෙත් එයා එක්ක යනව කියලා. ආදිල් අයියා නිකන් දාහට අරන් සීයට දීල වගේ මූණ එල්ලන් ඉන්නවා.

You've reached the end of published parts.

⏰ Last updated: Apr 18 ⏰

Add this story to your Library to get notified about new parts!

හේෂ් ( Nonfiction )Where stories live. Discover now