04

137 18 5
                                    

මාස දෙකක වගේ මහන්සියෙන් පස්සෙ ස්පොට් මීට් එකේ වැඩ්ත් සම්පූර්ණයෙන්ම ඉවර වුනා. මේ අවුරුද්දෙත් ඉතින් හැම අවුරුද්දකම වගේ අපේ හවුස් එක ෆ්ස්ට් ප්ලේස් ගත්තා. මට නික්මටවගේ හිතෙනව ආදිල් අයියා මාත් එක්ක සාම ගිවිසුමක්වත් අත්සන් කරන්න අහදනව කියල. දැන් අය කාලෙකට පන්තිවලින් එලියට බහින්න වෙන්නෙ නෑ. මොකද අය එහෙම උගන්නන් නැතුව ඉන්නෙ ෆ්‍රී පීරියඩ්වල විතයි.

" මුහුණට ගෑවෙන්න තව හුස්මක් ගන්න

හිත හිරි වට්ටන්න ආසන්නයි ඔන්න

තාලෙට කිව්වා ඔයා චුට්ටක් හුරතල් වෙලා

සහනය සෙව්වා එදා ආසම තැනකට වෙලා

හදවත සම්බන්ධ කරලූ නැංගුරුම ගැලවූ

නෞකාව දුර ඇදෙනවා.....

ඔබ මට අවබෝධ නොකෙරූ වෙන්වීම නම් වූ

පවුකාර කම විඳිනවා

බැරි වුණොතින් දෙන්නට එක්වෙන්න

රහසින් හරි එන්නම් පිළිගන්න

නිතරම මා ලඟ ඔබ කියු වැකිය

විහිළුවකට පමණක් ගත හැකිය ............ "

" මොකද මේ ෆ්‍රී පීරිඩ්වල පොතක් බලාගන්නෙ නැතුව සිංදු කියන්නෙ "

අපේ පන්තියේ ඉන්න සුප්‍රසිද්ධ ගායකයා වෙන කවුරුත් නෙමේමේ නිතීෂ් හේෂ්මික පාඩුවේ සින්දුවක් කිය කිය ඉන්නකොට එකපාරටම පන්තියට කඩාගෙන පැන්නෙ වෙන කවුරුත් නෙමේ ඒලෙවල් කරන්න ආව පලවෙනි දවසෙම මම දණ ගහලම වැන්ද අපේ හෙඩ් පිපෙට්ටු අයියණ්ඩි. මම සේප් එකේ පුටුවෙන් ඔදගත්තා.

" කියන සිංහල තේරෙන්නෙ නැද්ද තමුසෙලාට කී පාරක් ඇවිල්ලා කීවද කෑ ගහන්න එපා කියලා "

" තේනන් රෙවෙන්නෑ අයියෙ "

එකපාරටම මුලු පන්තියම මං ඉහා හැරිල බැලුවා. හුටා කියවුනානෙ.

" හේෂ්මික එලියට එනව "

යසයිනෙ පුතේ. මාලුව කට හින්ද නහිනව කියල අහල තිබ්බට දැක්කෙ අදනෙ. අහිම්ශක මටමයි වෙන්නෙ අෆ්ෆ...ම්හ්ම්.. මම ඉතින් මොකාද එකා වගේ එලියට ගිහින් ආදිල් අයියා ඉස්සරහින් හිටගත්තා.

හේෂ් ( Nonfiction )Where stories live. Discover now