1

146 19 7
                                    

මඩ තැලිය සෝදගන්න ආපහු ගෙදරටම යන්න උන නිසා ස්කූල් එකට එද්දිත් බෙල් කරලා . ළමයි කවුරුත් පන්තියේ නෑ .

ෆයිනල් එක්සෑම් එකට සති කීපයයි නිසා ලමයි එන්නෙම නැති තරම් . මම නම් ආවෙ ගෙදර තියෙන සද්දෙ නිසා පාඩම් කරන්න තියා හිතන්නවත් බැරි නිසා

එන්න පරක්කු උන නිසාමද මන්දා ලියා මන් ඉන්න තැනට වෙන කෙනෙක්ව අරගෙන . ඉතින් පන්තියේ ඉඩක් තිබුනේ අන්තිම පේලියේ විතරයි නිසා මන් ගිහින් එතන බෑග් එක තියව්වා

උදෙන්ම පොත් ටිකත් උස්සන් ලයිබ්‍රරි එකට යන්න හිතුනත් මට අද ඕන උනා ස්පෝර්ට්ස් ප්‍රැක්ටිස් කරන තැනට ගිහින් බලන්න . අනිත් අය මොනවද කරන්නෙ කියලා එහෙම ..

මන් යනකොට එතන පුන්චි අයට ෆුට්බෝල් කියලා දෙන ගමන් හිටියේ සැෆය(ර්) .. එහෙමත් නැත්තම් ජන්කූක් . ඒ යකා දැක්ක ගමන්ම අනිත් පැත්ත හැරිලා මන් යන්න ගියත් කවුදෝ මගේ උරහිසින් අල්ලගත්තා

" යාහ් බෝරා . දැන්ද ආවේ ? . ආපහු හැරිලා යමුකෝ.. " එහෙම කියන ගමන් මාව ආපහු හරවලා එක්ගෙන ගියේ ග්‍රවුන්ඩ් එක පැත්තට .

ඒ වෙන කවුරුත් නෙවේ ලියා .. මුලු සෙක්ශන් එකෙන්ම bright ම personality එකක් තියෙන කෙනෙක් . හැම දේටම දක්ශයි . හැමදෙයක්ම කිව්වේ හැම්දෙයක්ම .. ලස්සන , සල්ලි , බුද්දිය ඔය සේරම එයා ගාව තිබුනා . එයා හරිම perfect

එහෙමයි මම හිතුවේ

" ඉතින් බෝරා .. පාඩම් කරාද ඔයා ම්..? " ඉදගන්නම හදලා තියෙන තැනක ඉදගෙන ලියා මගෙන් අඇහුවේ අඇස් කොනෙන් සැෆය(ර්) දිහා බලන ගමන් .

" hm.... තරමක් කරගත්තා"

" ඒකනේවේ බෝරා ඔ- " ලියාට මෝනා හරි කියන්න ගියත් , කියන්න ගිය එක සම්පූර්න කරගන්න බැරි උනේ අපේ දිහාවට ආපු ෆුට් බෝල් එක නිසා . ඔව් මගේ නලලෙ තමයි අඇනිලා ගියේ

ඒ පස්සෙන්ම ආපු දාඩිය  පෙරාගත්ත ජන්කූක් ලියාගේ එහා පැත්තෙන් ඉදගත්තේ වතුර එක අතට අරගන්න ගමන්. මන් දැක්කා කෙල්ල  ජන්කූක් දිහා බලන් ඉද්දි පැනි බින්දුවක් පෙරෙන හැටිත් . ඒකත් ජය සිරි මංගලම් එහෙනම්

ඔලුවත් අතගාගන්න ගමන් ඕක හිත හිත මන් අනික් පැත්ට්ජ බලාගත්තා . ඒත් කොහෙද ඉතින්

" යහ් පිම්පල් පිපිරුවද  බෝලෙ වැදිලා "  මන් දිහාවට හිනාවේගෙන එයා අහද්දිමන් මොහොතකට ඒ පැත්ත බලලා බෝල අඇස් අස්සෙ තනි උනා  අහින්සක පටයි . ඒ හිනාව හරි ලස්සනයි  . ඒත්.. ඒත් මොන එහෙකටද මගෙන් පන්න පන්න පලි ගන්නෙ ? අඇයි මටම නපුරුකම්?

මන් මොනව කරාටද ? අඇයි මාව ලැජ්ජා කරන්නේ බාහිර රූපය නිසා ?  එයාලා කියන්නේ හදවතින් ලස්සන වෙන්නලු . බාහිර රූපය වැඩක් නෑලු . ඒත් ඒක අඇත්තටම වෙනවද?  එයාලා හොයන්නේ හදවතේ ලස්සන  විතරමද ? එහෙම නම් අඇයි ලස්සන අය විතරක් කියන්නේ " සුන්දරත්වය තියෙන්නෙ මූනේ නෙවේ හදවතේ " කියලා ?

ඔය සේරම මගේ ඔලුව අස්සෙ ගලද්දි ජන්කූක් මගේ ඔලුව හිල් වෙන්න ටොක්කක් අඇනලා මූනට එබුනා

චුට්ට චුට්ට මගේ අඇස් වල කදුලු පිරෙනවා දැනුන නිසාම මන් වේගෙන් නැගිටලා ආවේ හරියට මට තරහා ගිය නිසා යනවා කියලා මවා පාන ගමන් .

" යහ්  dramatic pig ඔහොම ඉන්නවා "
මට අඇහුනා අන්තිමේට ජන්කූක් ඕක කියලා කෑ ගහනවා . එතන හිටපු සේරෝටමත් අඇහුනා . ඉතින් මන් වේගෙන් දිව්වා . එයාලගේ හිනා හඩවල් නෑහෙන තරම් දුරකට

මොකද ..මන් කැමති උනේ නෑ මගේ කදුලු වෙන කෙනෙක් දකිනවා බලන්න . මන් දුර්වල නෑ . මන් ශක්තිමත් කියන මන් නොවන මාව මවා පාන්නයි මට ඕන උනේ .දුර්වල උනොත් perfect  ක්න්ක් වෙන්නෙ කොහොමද ?

TBC

මේ කතාව පටන් ගත්ත තැනම හිර උනා . අවසානේ සහ මැද මන් ප්ලෑන් කරාට මුල ටිකකට දාන කිසි අයිඩියා එකක් නෑ . අනේ මන්දා මෝටිවේට් එකක් නෑ අප්පහ් ලියන්නවත් 😮‍💨 කල් ගියොත් හෝ මගින් හිට්ටොත් සමාවෙන සේක්වා

Story Of The Blue SkyWhere stories live. Discover now