" මොකද්ද උඹ ඉස්සරල කීවෙ "

" මොකුත් නෑ "

" හ්ම්ම් හ්ම්ම් . ඉන්ටවල් එකේ ප්‍රිෆෙක්ට් රූම් එකට එන්න "

හරි වගේ. මං ඉතින් හික් මී පැටියා වගේ බිම බලාන ඔලුව වැනුව. බොරු කියන්න ඕනෙ නෑනෙ මම ඉස්සර ආදිල් අයියට බය මනුස්සයෙක් නෙමේ. ඒත් මෙහෙමනෙ ආදිල් අයියාට ඉස්සරට වඩා දැන් බලයක් තියනව මොකද හෙඩ් ප්‍රිෆෙක්ට් කියන්නෙ ඉතින් සර්ලා මිස්ලට පස්සෙ බලේ තියන කෙනානෙ.

.

.

.

ඉන්ටවල් එකේ කාලා මම අශාන්වයි තවිරුවයි දෙන්නමව ඇදගන ගියේ ප්‍රිෆෙක්ට් රූම් එකට. යනකොට ඉන්නව හතරදෙනාම ඩෙස් හතරක් උඩ ඉදගන. අනිත් දෙන්නට එලියෙන් ඉන්න කියල මම ඇතිලට ගියා.

" මට එන්න කීවෙ ඇයි "

" මච එඤ්ඤ කීවෙ ඇයි? ඒක කීව කැත බලනවකො චූටි "

" අනේ මේ ලොකු අයියෙ , කට වහගෙන හිටපන්කො වද නොදී මම උබෙන් නෙමේනෙ ඇහුවෙ "

" මේක බලපන්කො "

කන්න වගේ මං දිහා බලන් හිටිය යුගාන් , නිමාන් , සෙනිරු අයියල තුන් දෙනා එලියට ගියා.

" මොකද්ද අර පන්තියේදි කීවෙ "

"මො..මොකුත් නෑ "

"හ්ම් හ්ම්ම් මට එතකොට ඇහුනෙ වැරදියට වෙන්න ඇති නේද "

" වෙන්න පුළුවන් අයියෙ "

" හරි , මම ඒකටනෙමේ එන්න කීවෙ "

" එහෙනන් "

" කොහොමද , ස්බ්ජෙක්ට් එක්ලේසිද ප්‍රශ්න එහෙම තියනවද"

" තාම නෑ , මුල පාඩන්නෙ ඒ හින්දා අමාරු නෑ "

"අමාරු පාඩම් තිබ්බොත අහගන්න එන්න "

මොකද්ද දෙයියනේ ඒ වුනේ. මම කවද්ද මේ මරාලෙ එක්ක් සාම ගිවිසුම් ගැහුවෙ. මම ඔලුවත් කස කස අනිත් පැත්ත හැරිල ඒක කල්පනා කර කර යද්දි හෙන කදයෙක්ගෙ ඇගේ හැප්පුනා.

" අම්මට පොඩි බොසා කොහෙද මේ උඩ බලන් යන්නෙ අපේ එකා මොනව හරි කීවද "

මේ යාගානයියා කට ඇරියොත් කියන්නෙ ඔය වගේ අහගන ඉන්න මනුස්සයගෙ ඔලුව විකාර වෙලා මානසිකව වැටෙන විදිහෙ කතාවක් තමා. මටනන් මෙලෝ දෙයක් තේරුනේ නෑ හබැයි අයියගෙ කට කොනේ තිබ්බ හිනාවනන් ඇල්ලුවෙ නෑ

" එහෙම මොකුත් කීවෙ නෑ. එහෙනන් ලොකු බොසා අපි කැපුනා "

මම ශේප් එකේ මාරු වුනේ තව මෙතන හිටියොත් මට මොනව වෙයිද කියල දන්නැති හින්දා. එක පැත්තකින් හෙඩ් පිපෙට්ටු අයියණ්ඩි ඔලුව කනකොට තව පැත්තකින් චූටි මල්ලි චූටි මල්ලි ගගා යුගාන් අයිය ඔලුව කනව අනිත් පැත්තෙන් සුදු මල්ලි ගගා නිමාන් අයියා ඔලුව කනව. සෙනිරු අයියානන් පාඩුවේ පැත්තකට වෙලා ඉන්නව ඒත් උටත් ට්‍රැක පැන්න වෙලාවට මොනා කියවනවද කියල ඌ දන්නෙත් නෑ.

හේෂ් ( Nonfiction )Where stories live. Discover now