episode 09

22 2 2
                                    

____________________♡

ගැහැනියක සතු වටිනාකම
පතිවත යැයි පිලිගත් ලෝකයක
ගැහැනියක් ලෙස ඉපදුනු
මම මෙලෙස කෑ ගසා කියමි ...

"ගැහැනියක සතු වටිනාම දෙය නම් ලෝකයා ඇයට දුන් වටිනාකම් සියල්ල නැති වුනු පසුවත් ඇය ජීවත් වීමට උත්සාහ කරනා ශක්තියයි..."

මේ සටහන සේයා , විද්‍යා ලෙස නම් ව  කලු චිත්‍රයක් මැවූ මරණයක් හිමි වුනු සියලුම ගැහැනූ ලමුන් ගෙ ආත්මයන්ට සහ මරණයට පත් නොකර නොමරා මැරූ සියලු ගැහැනු ආත්මයන් වෙත
භාර කරමි....

                  author note.........

_________________________________♡

තවමත් නොනිමි වේදනාවන්ගෙන් සිරුරේ සෑම අංශුවක් ම කැක්කුම් ගනිද්දි මම අමාරුවෙන් වුනත් ඇස් ඇරියා ....
මේක හීනයක් වෙන්න තවමත් පරක්කු වැඩි නෑ නේද ...?
ඔව් මේක හීනයක්....
මේක ඇත්තක් වෙන්න දෙන්න බෑ ..මේක මහ නපුරු හීනයක්..අද අලුත් දවසක් සචී...ඔය නපුරු හීනෙ ඔයාගෙ මතකෙන් වල දාලා කෝ නැගිටින්න
ඉර පායලා සචී සන්....ඔයා පරක්කුයි හොදටම ....කුරුල්ලොත් කෑ ගගහ කෑම හොයාගෙන යනවා ..ඔයා මෙතන නපුරු හීනයක් ගැන හිත හිත ඉන්නවා..
කෝ නැගිටින්න සචී සන්...
කොච්චර රාජකාරි තීනවද සචී ඔයා එනකන් දූවිලි කුණු රොඩු බලන් ඉන්නවා. ඔකුසං ආවොත් ඔයා උදේ පාන්දර ම බැනුම් අහනවා ...

     මගේ හිත මට දොස් පවරන හඬකින් කෑ ගහගෙන යද්දී මම ඇස් ඇරියා ....
මගේ නිරුවත් කකුල් සීතල පොලොවේ ස්පර්ශය ලබද්දි මම ඇදට අත් තියල ගත්ත වාරුවෙන් නැගිට්ටා.....

" නෑ ....නෑ....මේක වෙන්න බෑ ...ඒක හීනයක්...ඒක හීනයක්..."

මම කෑ ගැහුවා...මට පුලුවන් උපරිම හයියෙන් කෑ ගැහුවා. මට ඇවිද ගන්න තියා කෙලින් හිටගන්නවත් බෑ ..
මගේ නිරුවත් සිරුරේ හැම තැනම කැලැල්...මගේ ඇගට ටිකක් වත් පණ තිබුනෙ නෑ ..මම මගේ අවසාන ශක්තියත් කෑ ගහල අඩන්න වැය කරන ගමන් සීතල පොලොව බදා ගෙන බිම වැටුනා ...පොරවන් ඉදපු පොරෝනයෙන් ඔලුවේ ඉදන් වහ ගත්තට මොකද මම පරක්කු වැඩියි .මම ඇඩුවා මගේ ජීවිතේ කවදාවත් අඩලා නැති විදිහට....

මගේ කෑ ගැහිල්ලටද කොහෙද මගේ කාමරයේ දොර ඇරල ඇතුලට ආවේ ඔකුසං වෙනකොට මම කදුලු පුරවගත්ත ඇස් වලින් එයා දිහා බලන් ඉදියා .එයා ආපු ගමන් ම අනිත් පැත්ත හැරිලා කරේ දොර වහල අගුල දාපු එක ..එයාගේ ඇස්වල තිබුනෙ මම එයාව දැක්ක පලවෙනි වතාවෙ වගේම මහ හිස් හැගීමක්...

අවාරයේ සකුරා Where stories live. Discover now