episode 04

15 3 4
                                    

කතාව boring ද ..
ඉන්න ඉන්න ටිකක් ඉවසලා..
ගගක් වුනත් පටන් ගන්නේ උල්පතකින්
නෙවැ පුංචි ලමයෝ....

ඉතින් මුහුද හොයාන යන මේ ගගේ මුල් උල්පත් කාලය  ඉතින් දකින කෙනෙක් ට හිත සනහ ගන්න  මදි වෙන්න පුලුවන්..

ඒත් මම පොරොන්දු වෙනව මම උපරිම උත්සාහයක් ගන්නවා..

එහෙමනම් යමු නේද අපිම මවාගෙන අපිම ජීවත් වුනු සකුරා රාජධානියට වීසා නැතුව ...

___________________________( ◜‿◝ )♡

තෝකියෝවේ ඒකාකාරී දවස් මට ගෙනාවේ පුදුමාකාර තනිකමක්
වගේම වෙහෙසක්...

ඒත් නින්ද අත ලග වැයෙන බටනලා වාදනයකින් මුලු දවසෙම නරක මගේ හිතින් ඈතට එලෙව්වා...

පුදුමාකාර නිවීමක් ඒ හඩෙහි තිබුන.
මගේ හදවතට ආමන්ත්‍රණය කරන පුද්ගලයා කවුද කියල මට හෝඩුවාවක් ලැබුනේ නෑ ...

ඒත් ඒක ගැන දැනගන්න මට පුදුම ආසාවක් ආවා ..

ඒ හින්දම මම ඒ හඩ එන දිහාවට ඇවිදන් යන්න දෙපාරක් හිතුවේ නෑ ..

එහෙම එක දවසක මම ලන්තෑරුමත් අරන් හෘදයාංගම ස්වර වයන්නා හොයාගෙන යන්න තීරණය කරා ..

සීතල හිම වැටෙන්නත් කාලය ඇවිත් තිබුන නිසා එලිය ගොඩක් සීතලයි.

කබායක් ඇදන් ලන්තෑරුමක් අරන් මම එහෙම ඇවිදන් ගියේ මම අර කලින් කිව්ව මීටර් සියයකට එහායින් තියෙන මැදුර පැත්තට..

ඒක පුරුද්දක් වුනා ...
බටනලා වාදනය දිගේ ඇවිදන් ගිහින් උද්‍යානයේ තියෙන ඉවෝ ගහ ලග බැම්මෙන් වාඩි වෙලා හීතල හුලග ඔච්චම් කරද්දි
මම නිදි මත මගේ ලගට ඇවිත් එක්කන් යනකන් ම මම ඒක අහන් ඉදියා ...

ඒත් ඒ හඩ එන්නේ මන්දිරයේ ඉහලම මාලයෙන් බව මට දැනුනත් දවාලයෙදි ඒ මැදුරේ කවුරුත් ඉදපු බවක් මට දැනුනේ නෑ ...

එක දවසක මට යෞර ව මුණ ගැහුනා...

ඔව් යෞරව.
මුලු මන්දිරයම බය කරන් ඉන්න මිනීමරු බල්ලව ...

යෞරට තිබුනේ භයානක පෙනුමක්...
යෞර ට තිබුනේ තියුණු ඇස් දෙකක්.
පෙනුමෙන් හැටි දැඩි වගේම හොද උසකුත් යෞරට තිබුන..
පෙනුමෙන් යෞර හිම වෘකයෙක් ට නෑදෑකම් කිව්වා

අවාරයේ සකුරා Where stories live. Discover now