දෙවන කොටස

236 52 23
                                    

අභිශේක් pov:

මහනුවර මගෙ උපන් ගම.හරිම නිස්කලංක ගුණයහපත් කම් වලින් පිරුණු මිනිස්සු ජීවත් වෙන ගමක්.අවුරුදු ගානකට කලින් වලව්වක හැදුන වැඩුන එක සෙල්ලක්කාර කොල්ලෙක් දැන් වගකීමක් ඇති මිනිහෙක් විදිහට පරිණත වෙලා. මට මන් ගැනම ආඩම්බරයි. මට ඕනේ වුණේ නෑ කවදාවත් මගෙ අප්පච්චි වගේ වලව්වක් බදාගෙන ඒක මත්තෙම නැහෙන්න. මට දැන් මන් හොයපු ජීවිතේ ලැබිලා. දේවරාජ වලව්වෙ ලොකු හාමුගෙ බාල පුතා අභිශේක් ශෂික ශ්‍රී දේවනාරායන. ගමේ මිනිස්සුන්ටනම් අනුකම්පා විරහිත ඒත් නීතියට අකුරට වැඩ කරන දේවරාජ පොඩිහාමු. මන් මට අවුරුදු 20 ඉදන්ම හිටියෙ කොළඹ නගරෙ. මට ගම දාලා යන්න දුකක් තිබුණත් මට මගෙ ජීවිතේ හදාගන්න නගරෙට යන්නම සිද්ද වුණා අකමැත්තෙන් වුණත්.ඒවගෙ ප්‍රතිඵලයක් විදිහට මන් අද වෙනකොට ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් වගේම ශ්‍රී ලංකා යුධ හමුදාවෙ මේජර්වරයෙක්. මන් මුලින් අවුරුද්දක් ගානේ අම්මා,අප්පච්චි බලන්න ආවත් මගෙ වැඩත් එක්ක මට  ගමට එන්න බැරිවුණා. මන් මේ නුවරට පය තියන්නෙ අවුරුදු  පහකට විතර පස්සෙ.
වාහනේ ඇතුලේ ඉදන්ම මන් බලන් හිටියෙ පහුවෙන ලස්සන කදු පන්ති දිහා.කොළඹ ක්‍රොන්ක්‍රීට් වනාන්තරේ ජීවත් වෙච්ච මට  ආපහු ගමට එද්දි  දකින මේ දේවල් ගෙනාවේ වෙනදා වගේම ආගන්තුක හැගීමක්.මන් ආසයි නුවරට.

කොළඹින් පිටත් වෙද්දි වෙලාව උදේ පාන්දර තුනහමාරට විතර ඇති

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කොළඹින් පිටත් වෙද්දි වෙලාව උදේ පාන්දර තුනහමාරට විතර ඇති. මගෙ පුංචිත්තා තාම  සැපට ගුලි වෙලා නිදි. මන් කොහෙත්ම කැමති නැහැ මගෙ රෝස මලව කාටවත් දෙන්න.මගෙ ලෝකෙම මගෙ රෝසමල විතරමයි. මේ අභිශේක්ට පුලුවන් එයාගේ රෝසමල වෙනුවෙන් ඕනේම දෙයක් කරන්න.
මොකද මන් මැරෙණහැටි වගේම මරණ හැටිත් හොදට දන්නවා.මන් කැමති නෑ මගෙ වයිෆ් තිසෙන්දි උනත් මගෙ රෝස මලව එයා ළග තියා ගන්නවට.මට කොච්චර වැඩ රාජකාරි තිබුණත් මන් මගෙ රෝසමලව මගෙ ළගින්ම තියාගන්න ඕනේ නිසයි එයාව කොළඹ එක්කන් යන්නෙ. තිසෙන්දිගෙත් ඒකට අකමැත්තක් නෑ.මන් මහන්සිවෙලා මොනතරම් තෙහෙට්ටුවකින් හිටියත් ගෙදර ඇවිත් රෝස මලව දකිද්දි  ඒ හැම වෙහෙසක්ම නැතිවෙලා යනවා. ඒ සන්සුන් මූණ දැක්කහම මට දැනෙන්නෙ නැතිවෙලා තිබුණ මොකක්හරි දෙයක් මට ආපහු ලැබිලා වගේ.මට අදටත් තේරෙන්නෙ නෑ ඒ ඇයි කියලා. මට බෑ එයාව නැතිකරගන්න. මොන තරම් සැහැල්ලුවෙන් මම හිටියත් මොකක්හරි හේතුවකට මට හිතෙනවා රෝසමලව මට නැති වෙයි වගේ හැගීමක්.
මොන දේ වුණත් මන් එක දෙයක් මගෙ හිතට පොරොන්දු වෙලා ඉවරයි.මන් මගෙ රෝස මලව හැමදාම ආරක්ෂා කරනවා.තාත්ති ආදරෙයි මේ ලෝකේ කාටත් වඩා එයාගේ රෝසමලට.කල්පනා කර කරම යද්දි නුවරට ඇවිත් තිබුණා.

අහිමි මතක Where stories live. Discover now