තුන්වන කොටස

234 50 19
                                    

සදහිරු pov:

ඊයේ සුදු බේබී ආවට පස්සෙ මන් වලව්ව ඉස්සරහට ගියේම නෑ.මගෙ කාමරේට වෙලා මන් හැමදේම අහන් හිටියා.සුදු බේබීව මන් ආවට පස්සෙ දැක්කෙ කෑම කන වෙලාවෙදි විතරයි.පස්සෙ පුංචි බේබිවත් වඩාන උඩ කාමරේට ගියා. මේ සතිය නිදහසේ ඉන්න පුලුවන් වෙයි පොඩි නෝනා කොළඹ යනවලු ලොකු වැඩකට.ශාන්ති නැන්දනම් ඉන්නෙ මාරම සතුටින්.එයා කොහොමත් පොඩි නෝනට කැමති නෑනේ.උදෙන්ම පිටත් වෙන්න ඕනේ නිසා ඊයේ සුදු බේබීලා ආව වාහනෙකම පොඩි නෝනා උදේම කොළඹ ගියා.




මන් උදේ පාන්දර නැගිට්ටෙ පොඩි නෝනට උදව් කරන්න කියලා ලොකු හාමිනේ ඊයේ හවසම මට කියපු නිසා වගේම සුදු බේබිට උදේ පාන්දර වෙලාවට නැගිටිනකොටම කිරි එක ළග තියෙන්න ඕනේ කියලා දන්න නිසායි.
පොඩි නෝනා යනක්ම් බලන් ඉදලා මම ගියේ සුදු බේබිට කිරි එක හදන්න.හිත අකමැති වුණත් පිලිගන්න , මන් කාලයක් කොච්චර ආසාවෙන් හිටියද දවසක මේ අත් දෙකෙන් අයිතියක් ඇතුවම එයාට කිරි කෝප්පයක් හදලා දෙන්න. මොනව කරන්නද දැන් මගෙ සුදු බේබිට මාව නිකන්ම වැඩකාර කොල්ලා විතරක් වෙනකොට මගෙ නමවත් සුදු බේබි දැන් දන්නෙ නෑ.අවුරුදු පහකට පස්සෙ ආවත් මට ළගට යන්න පුලුවන් වැඩක් කරන වෙලාවට විතරයි . ඒත් හැමදාම මේ හිත බලාපොරොත්තු වුණේ වෙන විදියක්.කිරිඑක හදලා ඉවර වෙලා එකක් චූටී කෝප්පෙකටයි අනික ලොකු වීදුරු කෝප්පෙකටයි දාලා මන් ඒ දෙකම බන්දේසියක තියලා සුදු බේබිගෙ කාමරේට අරන් ගියා.



දොර ළගට ගිහින් මම සුදු බේබිගේ දොරට තට්ටු කරා.(දැන් අහන්න එපා ට්‍රේ එක අතේ තියද්දි දොරට තට්ටු කරේ කොහොමද කියලා කොහොමහරි තට්ටු කරාලු හරිද 😌)
ඒත් දොර ඇරුනෙ නෑ. කවුරුවත් කතාකලෙත් නෑ. ඒ නිසා මන් දොර හිමින් ඇරලා ඇතුලට ගියා.මන් ඇතුළට ගිහින් කිරි කෝප්ප දෙකම කාමරේ තිබුණ මේසේ උඩින් තියලා කාමරේ ජනෙල්වල ජනෙල් පියන් ඇරියා.ඒත් එක්කම මන් දැක්කෙ චූටි බේබිවත් තුරුල් කරගෙන නිදන් ඉන්න සුදු බේබිව.




ඒත් එක්කම මන් දැක්කෙ චූටි බේබිවත් තුරුල් කරගෙන නිදන් ඉන්න සුදු බේබිව

Ops! Esta imagem não segue as nossas directrizes de conteúdo. Para continuares a publicar, por favor, remova-a ou carrega uma imagem diferente.
අහිමි මතක Onde as histórias ganham vida. Descobre agora