අටවන කොටස

217 51 32
                                    


වසර කිහිපයකට පෙර




සදහිරු pov :

මේ පාරනම් කතා කරන්නෙ නෑ නෑ නෑමයි.
නසරානී හාමුවා ම්හ්ක්. දෙන්න තියන්නෙ දත් තිස්දෙක බඩට යන්න.හමුදාවට බැදුනා කියලා ඔච්චරටම වැඩද මෙයාට කෝල් එකක්වත් ගන්න බැරි.මන් මේ මට ඕනේ හින්දා කියනවා නෙමෙයි.ලොකු හාමිනේ පව් නැද්ද, ඒ මනුස්සයා බැලුවොත් ටෙළෆෝන් එක ළගට වෙලා ඉන්නවා.යන්න කලින් කොහොමද කිව්වෙ.හැමදාම කතාකරනවා කිව්වා.මේ මාසෙටම ගත්තෙ කෝල් දෙකයි.මන් දන්නවා මෙලහකටත් කොළඹින් ලස්සන ගෑණුළමයෙක් හොයාගෙන ඇති එයා.ඉතින් මට මොකද ? ඇත්තට මන් මොකටද කොහෙවත් ඉන්න නසරානි හාමුවෙක් ගැන හිතන්නෙ ම්හ්ක් වෙන වැඩ නෑනේ මට කරන්න.

දන්නවද  ඇත්තටම ඔය කියන නසරානි හාමුවා අද එන නිසා තමයි මට මේ දූවිලි වැහිලා තියන කාමර සුද්ද කරන්න වෙලා තියන්නෙ.මොකද මේ කාමරේ එයාගෙනෙ. හිටියත් නැතත් කොහොමත් කාමරේ මෙහෙම්මම තමා.කිසිම පිළිවෙළක් නෑ.කාවහරි කසාද බැන්ද දවසකට එයාට හාමුවගේ කාමරේ සුද්ද කර කර ඉන්න තමා වෙන්නෙ.මන් මෙහෙම බැන්නට මොකද ලොකු හාමිනේට හරි ලොකු හාමුට හරි ඇහුනොත් එහෙම මන් හාමුවට කියන දේවල් මාව මේ වලව්වෙනුත් පන්නලා දායි. දේවරාජ ලොකු හාමු කියන්නෙ මේ ගමේ හොද තැනක් තියන කෙනෙක්.ඒකට හරියන්න මේ නසරානි පුතන්ඩියා කරන ගොන් වැඩ ටික ඉවසගන්න බැරුවයි ලොකු හාමු හිටියෙ.ඒත් හදිස්සියේම ඉතින් පොඩි හාමු කොළඹ ගිහින් හමුදාවට බැදෙනවා කියලා තීරණයක් අරගෙන කොළඹ යන්න ගියා.අවුරුද්දකට පස්සෙ අද තමයි ඔන්න වලව්වට එන්නෙ.

මොනව කිව්වත් හාමුවා හරි නපුරුයි. ඩිංග බැරිවෙන්න බෑ මාර කේන්තියක් යන්නෙ. මුලු ගමම බයයි ඒ යස්සයට ඉතින්.දේවරාජ පොඩිහාමු කියලා තමා හැමෝම කියන්නෙ. නපුරු වුණාට බොරු කියන්න ඕනේ නෑනේ එයා හරි හොදයි. පොඩි කාලේ ඉදන්ම පොඩි හාමුයි, පොඩි හාමුගෙ අයියා සහශ්‍ර ලොකුහාමුයි මමයි හිටියෙ එකටමයි. මන් නම් ඔය හාමුවට කවදාවත් ඔය හාමු කෑලි දාන්න ගියේ නෑ.මම කිව්වෙ සුදු බේබි කියලා.




ලොකු හාමිනේ නම් එක එක කෑම ජාති හදනවා ශාන්ති නැන්දා එක්ක එකතු වෙලා. මන් තමයි මේ කාමර සුද්ද කරන්න ඕනේ. වලව්වෙ ඔය ඕන තරම් තව වැඩකාරයො ඉන්නෙ ම්හ්ක්. මාවමයි පේන්නෙ. ආවදෙන්කො ඔය හාමුවා. මන් සුද්ද කර කර ඉද්දි ඇහුනෙ මොකක් හරි ලොකු වාහනයක් වලව්ව ඉස්සරහ නතර කරන සද්දයක්. එයා ඇවිල්ලා. මන් ටක්ගාලා පහළට දිව්වා.මන් කුස්සියට ගියත් කවුරුවත්ම හිටියෙ නෑ. මන් ඉස්සරහට යද්දි ලොකු හාමිනේව බදාගෙන ඉන්නවා. ඒත් පිටිපස්ස හැරිලා හිටපු නිසා මූණ හරියට පෙනුනේ නෑ මට.

අහිමි මතක (Taekook Nonfanfiction)Where stories live. Discover now