හතරවන කොටස

212 53 12
                                    

අභිශේක් pov :

දැන් මම ගමට ඇවිත් සති දෙකක් විතර ගෙවිලා ගිහින්. හැම දේම සාමාන්‍ය විදිහට
සිද්දවුණත් මට මේ වෙනකොටත් විසදගන්න බැරි ප්‍රශ්නයක් මගෙ හිතට ඇවිත් ඉවරයි. එකට හේතුව තමයි අර වලව්වෙ වැඩ කරන වැඩකාර කොල්ලා. ඒකට හේතු දෙකක් තියනවා.එකක් එදා අර හම්බවුණ breslet එක ඒ කොල්ලගෙලු.මන් ඒක එයාගෙ කියලා දැනගත්තෙ අම්මගෙන්,එදා උදේ කාමරේට කිරි එක අරන් ආවේ ඒ කොල්ලලු. අනික තමයි රෝසමල කවදාවත් මන් අප්පච්චි අම්මා ඇරෙන්න වෙන කා එක්කවත් ඉන්න කැමති කෙනෙක් නෙවෙයි. ඒත් මේ සති දෙකට දවසක් මම අප්පච්චි අයියා කුඹුරෙ වැඩ බලන්න ගිය වෙලාවක අම්මා එක්ක ඔය කොල්ලා ගෙදර ඉදලා තියනවා. එදා අම්මා රෝසමලව ඒ කොල්ලාට දීලා ටික වෙලාවකට බලාගන්න. ඒ වෙලාවෙන් පස්සෙ රෝසමල මන් ලගටවත් ආවේ නෑ ඒ කොල්ලා ඉන්න වෙලාවට. මගෙ රෝසමල දැන් දවසෙ වැඩි හරියක් ඉන්නෙ ඒ කොල්ලා එක්කමයි.



මන් මුලින් කැමති වුණේ නෑ ඒ කොල්ලා එක්ක මගෙ රෝසමල ඉන්නවට. ඒත් මගෙ රෝසමල දැන් හිනාවෙලා ඉන්නෙ ඒ කොල්ලා එක්ක ඉන්නකොට විතරයි.ඇරත් මම මගෙ රෝසමල වෙන කවදටත් වඩා හොදින් ඉන්නව වගේ අමුතු සතුටක් ඒ මූණේ තියනවා මම මේ දවස් ටිකට දැක්කා. ඒත් ඒ කොල්ලා මන් ඉස්සරහට එන්න බයයි. මොකද මන් දැකලා තියනවා මන් ඉන්න වෙලාවට බයෙන් බයෙන් හැමවෙලේම කලබල වෙලා වගේ හැම වැඩක්ම කරන්නෙ. මම කවුද කියලා දන්න ඔනෙම කෙනෙක් මට කොහොමත් බය වෙනවා තමයි ඉතින්, ඒත් මට හිතාගන්න බෑ ඒ කොල්ලව දකින හැම පාරම මගෙ පපුව වෙනදට වඩා වේගෙන් ගැහෙනවා.ඒත් එක්කම දරාගන්න බැරි අර විකාර ඔලුවෙ කැකුම එක්ක අර මගෙ නම කියලා කෑ ගහන කටහඩ හැම වෙලේම වගේ ඇහෙනවා.


ඒ කොල්ලගෙ නම සදහිරු කියලා කිව්වෙ.
මන් මගෙ රෝසමල නිසා තමයි ඕනෙම දෙයක් කරන්නෙ. මට මගෙ රෝසමල ඇරෙන්න වෙන කවුරුවත් ඕනෙ නෑ.මන් ඒක.මගෙ හිතට දුන්න පොරොන්දුවක්.


මේ සතිය මාරම නිදහස් සතියක්. මන් දන්නවා ඒ ඇයි කියලා.තිසෙන්දි තමයි ඒකට හේතුව.නොකිව්වට දකිද්දිත් මහ හිසරදයක්.තව සති දෙකකට පස්සෙ තමයි එයා ආපහු එන්නෙ.එතකන් නිදහස්.
ඔව් අපි කසාද බැදලා තමයි. ඒත් මගේ කැමැත්තෙන් නෙමෙයි. අඩුම අපේ අප්පච්චිගෙවත් ඒකට කැමැත්තක් නෑ.මන් දන්නෙ නෑ කොහොමද මේක වුණේ කියලා.මන් දන්නෙ තිසෙන්දි මගෙ නමට wife කියලා විතරයි.අඩුම අපි වෙඩින් එකක් ගත්තද කියලවත් මතක නෑ මට.අම්මගෙන් අහපුවාම කිව්වෙ වෙඩින් එකට සතියකට පස්සෙ මාව ඇක්සිඩන්ට් වුණා කියලා කොළඹදි.ඊටපස්සේ හැම දේම අමතක වුණාලු මට. මන් ඒකට ට්‍රීට්මන්ට් කරා ඒත් Doctor කිව්වෙ ඇක්සිඩන්ට් එකකට වැඩිය දෙයක් වෙලා තියනවා කියලා. කොහොමහරි ඊට සතියකට විතර පස්සෙ තමයි මට රෝසමලව හම්බවුණේ මායි තිසෙන්දියි මගෙ කොළඹ villa එකේ ඉද්දි ගෙදර ඉස්සරහ තියලා ගිහින් තිබුණා.මට පුදුමයි තිසෙන්දි රෝසමලව තියාගන්න කැමති වුණ එකට.එයා මට එපා කිව්වත් මන් රෝසමලව තියාගන්නවා තමයි.තිසෙන්දි කියන දේවල් අහන්න එයා මගෙ කවුද.ඒත් තිසෙන්දි කියන්නෙ එහෙම දේකට කැමති වෙන කෙනෙක් නෙවෙයි කියන්න මන් දැනගෙන හිටියා.අදටත් මට හිතාගන්න බෑ එයා කැමති වුණේ ඇයි කියලා.


අහිමි මතක (Taekook Nonfanfiction)Where stories live. Discover now