සදහිරු pov:
මටනම් වෙලාවකට තේරුම් ගන්න බෑ සුදු බේබී මොන වගේ කෙනෙක්ද කියලා.මම පොඩි කාලේ ඉදලමයි මේ වලව්වෙ ඉන්නෙ.ඉතින් මම සුදු බේබීව පොඩි කාලේ ඉදන්ම දන්නවා.ඒත් සුදු බේබී හැසිරෙන්නෙ හරියට එයා මාව දන්නෙ නෑ වගේ.ලොකු හාමු ඉස්සරහදිවත්, හාමිනේ ඉන්නකොටවත් එයා මා එක්ක එච්චර හොදින් ඉන්නෙ නෑ.ඇයි එහෙම කරන්නෙ.එදා ආව දවසෙත් මන් දිහා හැරිලවත් බැලුවෙ නෑ. ඒත් කවුරුවත් නැති වෙලාවට මට පුදුම ආදරෙන් සලකන්නෙ.ආදරෙයි කියලා මන් දන්නවා. ඒත් ඒක මට හිතෙන්නෙම බොරුවක් වගේ. ඒත් වෙලාවකට මට හිතෙනවා සුදු බේබී කැමති නැතුව ඇති කියලා වලව්වෙ කවුරුවත් ඒ ගැන දැනගන්නවට. මට සුදු බේබී මුලින්ම ආදරේයි කියපු දවසෙත් කිව්වෙ. එයාට මට බොරු බලාපොරොත්තු දෙන්න ඕනේ නැ. ඒත් එයා මාව කවදහරි රැජිනක් වගේ බලාගන්නවා.එතකන් චුට්ටක් හැමදේම ඉවසලා හිටපන් සදූ කියලා.මන් අදටත් ඉන්නෙ ඒ වචන විස්වාස කරලා. ඒ වචන වල කිසිම සැකයක් තිබුණෙ නෑ. ඒත් මට බයයි මේවා කවුරුහරි දැනගත්ත දවසට මට මොනවා වෙයිද කියලා. මට මොනවා වුණත් කමක් නෑ. ඒත් සුදු බේබී. එහෙම කියලා මට වලව්වෙ හාමුලට විරුද්ද වෙන්නත් බෑ.යන්න කිව්වොත් මම ඒකටත් ලෑස්ති වෙලා ඉන්න ඕනේ.මොකද මම මේ වලව්වෙ වැඩකාර කොල්ලා විතරයි. ඒත් මම දන්නෙ නෑ. හමුලා දෙන්නගෙන් කවුරුවත්ම මට එහෙම කතා කරලා නෑ කවදාවත්ම.මන් අහලා තියන විදිහට හරිනම් වලව් වැඩකාරයො ඉන්න ඕනේ වලව්වෙන් පිට වෙනම.ඒත් ලොකු හාමිනේ මාව පොඩි කාලේ ඉදන්ම එයාගේ දරුවෙක් වගේ බලාගත්තෙ.
තව මට කියලා තියනවා වෙලාව ආවහම මම හැම දේම කියන්නම් කියලා. මම අදටත් ඒ මොකද්ද කියලා අහලා නෑ.සමහරවිට අමතක වෙන්න ඇති.
YOU ARE READING
අහිමි මතක (Taekook Nonfanfiction)
Randomමන් මේ හිතට හරි ආදරෙයි මහත්තයො.ඒත් මන් මේ වලව්වෙ වැඩකාර කොල්ලා.මන් මගෙ මහත්තයට ගැලපෙන කෙනෙක් නෙමෙයි.අනේ මට සමාවෙන්න මහත්තයො. සදහිරු මට උබ කවුරු වුණත් වැඩක් නැහැ.මට ඕනේ උබ විතරමයි.මේ දේවරාජ පොඩිහාමු ආදරේ කරන්නෙ සදහිරු කියන රෝසමලට විතරමයි. අභීශේක්