ඒක ඇත්ත..අයියා කිව්වත් වගෙ වෙච්චි දේවල් ආපිට හරවන්න බෑ..ෆිල්ම් වල වගේ කාලෙ ආපස්සට හරවන් ගිහිම් වෙච්චි දේවල් හරිගස්සන්න පුළුවන් කමක් අපිට නැහැ..එත් අපිට පුලුවන් අපේ අනාගතේ ලස්සනට ඇදගන්න..අපේ ජීවිතේ අපි දෙන්නා කැමති විදියට සිතුවම් කරගන්න පුලුවන්...





"වස්තු..ඇතුලට යම්.."

අයියා මාව ඇතුලට එක්කන් ගිහිම් තමාලයා ගාවින් තියලා නුරාග් අයියත් එක්ක ඉක්මන්ට එන්නම් කියලා යන්න ගියා..

අවිනාෂුත් එයාගේ අම්මත් එක්ක ඉන්න ගමන් මාව දැකලා මට අතවනලා හිනාවුනා..පවුල් දෙකම පැති දෙකකට බෙදිලා ඉද්දි මායි තමාලයයි කොනකට වෙලා මෙ දිහා බලන් ඉදියා..

"ඒ බන් සප්තයා.."

"මෙ උබට පේනවද බන් අර අර අවිනාසයාගෙ පැත්තේ ඉන්නවා සීයා පප්පාවගේ ඩයල් එකක්..සීයාට වඩා ලාමක පාටයි හැබැයි..උබට පේනවද කියපම්කෝ.."

"ඔව් ඉතිම්.."

"මෑන් මචං මන් මෙතන ආව වෙලේ ඉදම් අපේ සීයා පප්පාට ඇහැදාන් ඉන්නවා හරිත..අපේ එකා..මන් මෙ කිව්වෙ අපේ සීයන්ඩී කවුරු හරි ඇන්ටියෙක් එක්ක කිචි බිචි පාද්දි අර මෑන් පුච්චලා අලු කරන්ඩ වගේ බැල්මක් සීයට දෙනො හොදේ..අර අර බලපම් අතේ තීන වයින් එකත් හෙල්ලෙනෝ..මෑන් නම් ඉන්නෙ නහුතෙටම තද වෙලා වගෙ.. ලගට ගීම් සීයට දෙයිද දන්නැ සත පඩි සත්තපඩි වෙලා යන්ඩ.."

තමාලයා මෙච්චර වෙලා කියෙව්වෙ අනිත් පවුලෙ හෙඩ්මාස්ටර් ගැන වෙන්නොනේ..ඌ කිව්වත් වගේ එයා ඇයි අපේ සීයාපප්පාව මරන් කන්න වගේ බලන් ඉන්නෙ..ඒ මුන තනීකර ඉරිසියාවෙන් පුපුරනවා..

"මන් හිතන්නෙ ඒ ඉන්නෙ second grand fam එකෙ වැඩිමලා..අපේ සීයා වගෙ තමා බන් එයත්..උබ කියද්දියි මාත් දැක්කේ..සියා එක්ක මොකක් හරි තරහක් තිනව වෙන්නැති නෙහ්..අනෙ මන්දා බන්.."

"තරහක් කියන්නෙ මචං ඒක තරහක්ම වෙන්ඩ බෑ හරිත මගේ කුඩා මොලේ විසාල මොලේට දීපු දත්ත අනුව නම් එතන කුමක් හෝ සිදුවෙනවා තමා..අර බලපම්..එ බැල්මට් එක..තනිකරම උබ වගේ..උබට මතකද එකපාරක් සින්හල පන්තියේ හංසියා ද්වි අයියට ලියුමක් දීපු වෙලාවෙ උබ පිපුරුවෙත් ඕම තමා..සිරාවටම බන් ඒ ඉරිසියාකාර බැල්මමයි අර මූනෙන් බේරෙන්නෙ..අර බලාම් අම්මේ..පොරි ඇට ටිකක් තිබ්බානම් ඒ මූනට ඉහලාම පොප් කෝන් හදාගන්න තිබුනා ආ.."

දෑගිලි ✔( complete )✨Where stories live. Discover now