CHAPTER 10

278 53 16
                                    

යෝ යෝ අයි ඈම් හතලිහ බුද්ධ ඇන්ඩ් අයිම් කේම් ෆොර්ම් යුනිවර්ස්.උදෑසන හිරු පායා හිරු මුදුන් වන සමයේ මේ පැංචා නැගිට්ටා අයියෝ.දන්නෙවත් නැතුව වේලාව ගිහින්නේ අප්පා.තිබ්බ අසනීප ගතිය නිසා මට අහපවු ඇහැරෙනකොට 12ත් පහු වේලා තිබ්බා.එහෙමම ඇඳෙන් නැගිට්ට මන් කාමරෙන් එලියට ගිහින් බැලුවා.මුලු ගෙදරම පාලුයි අප්පා කුමාරිහාමි නැතුව.

මේසේ උඩ දිලිසි දිලිසි තිබ්බ තේ කෝප්පේත් අරගෙන කුස්සියට ගිහින් ඒක රත් කර ගත්ත මන් දත කට හෝදගන්නෙවත් නැතුව ඒක බීලා දැම්මා.ඌරන්ට මොන සෞඛ්‍යද අප්පා.ඌරෙක් වෙච්චි මායි රිතුවයි ගෙයින් එලියට නොබහින දවස් වල ගේ අස්සට වේලා දතක් වත් නොමැද ඉන්නවා.මොකටද ඉතින් ඔය දත් මදින්නේ අපේ කට කන්න මොකෙක්වත් නෑනේ.කෙල්ලොයි කොල්ලොගෙයිත් බොරු කැටයම්නේ ඉතින්.මන් නම් කියන්නේ දත් මදින්නම ඕනෙ නෑ.මේවා පිලිගනිල්ලා බයෝ කරන මමනේ කියන්නේ.ම්හුක්.

තේ එක බීලා ඉවර උන ගමන් මන් ඉක්මනට කොප්පෙත් හෝදලා ටවල් එකත් අරන් බාතෲම් එක අස්සට රිංග ගත්තා.මොකද ඒ වෙද්දිත් දොලහා මාර පහු කරලා තිබ්බා.මන් දැන් හිටියා අර යස්ස මූණූ බේබද්දා ඉස්කෝලේ ඉවර උන ගමන් අර හුචක්කුවත් අරන් මෙහේ එයි කියලා.

තිදස් ගැන මෙච්චර විහිලුවෙන් කතා කලත් මොකද එයා ගැන හිතන වාරයක් ගානේ මගේ ඇඟේ දිගේ ගලාගෙන යන හිරිය ඊයෙන් පස්සේ තවත් වැඩි වෙන්න ගත්තා.ඒ දිඟ ඇඟිලි එදා මගේ කොන්ඩ ගස් අතරින් ගියපු විදියත් එක්ක ඒ තොල් මගේ නළලෙන් තියපු විදිය මතක් වෙද්දි තාමත් මගේ කකුල් පන නැති වේලා යනවා.ඊටත් වඩා එයා ගාවින් එදා ලඟින් දැනිච්ච ඒ ලැවෙන්ඩ්‍රා මික්ස් වෙච්චි රෝස් සුවඳ මාව තවත් පිස්සු වට්ටනවා.ඒ සුවඳට විතරක් මෙච්චර කල් ඇබ්බැහි වේලා උන්න මම දැන් දැන් උබටත් අසීමාන්තික විදියට අබ්බැහි වෙන්න පුරුදු වේලා තිදස්.

ඉක්මනට බාතෲම් එක අස්සට රිංගත්ත මන් ඉක්මනට මූණ කට හෝදගෙන නාගෙන කාමරේට ඇවිත් පොඩි ශෝර්ට් එකක් එක්ක ටී ශර්ට් එකක් ඇඳගත්තා.තිදස් එද්දි මේ පැංචට ගෝනිබිල්ලා වගේ ඉන්න බෑනේ අයියෝ.මන් ගෝනිබිල්ලා වගේ ඉදලා අර යස්ස මූණු බේබද්දා මට ආදරේ කරන එක නැවත්තුවොත් මන් පව්නේ දෙයියනේ.ඉන්නෙත් එකයි ඈත ඉදන් හරි ආදරේ කරන්න ඒ යස්සයා නැති උනාම මේ පැංචට කවුද දෙයියනේ ඉන්නේ.

Vous avez atteint le dernier des chapitres publiés.

⏰ Dernière mise à jour : Mar 23 ⏰

Ajoutez cette histoire à votre Bibliothèque pour être informé des nouveaux chapitres !

බොඳ මීදූම් ||𝐓𝐡𝐞 𝐁𝐥𝐮𝐫𝐫𝐞𝐝 𝐦𝐢𝐬𝐭Où les histoires vivent. Découvrez maintenant