රෑ වෙන්න රෑ වෙන්න හුලගයි පින්නයි හන්දා සීතලත් පොඩ්ඩ පොඩ්ඩ වැඩිවෙද්දි තවත් රාත්‍රීය විදිමින් ඉන්න වුවමනාව උනත් රතිරු දොර පලු දෙකත් වහන් කාමරෙ ඇතුල්ට ආවා..හීතල හන්දා පුංචි හා පැටියෙක් වගෙ ගුලිවෙලා නින්දේ උන්න සනාෂ්ට බෙඩ්ෂීට් එකත් පොරවලා ආයෙත් නලල ඉඹලා රතිරු කාමරෙන් එලියට ආවෙ අප්පච්චි එක්ක ටිකක් කතා කරන්න හිතන්..
හැමදාම වගෙ දහයෙ කනිසම වදිද්දි නින්දට යන අප්පච්චි රෑ ජාමෙ වෙනකන් ඇහැරිලා ඉන්නවා නන් ඒ ඉන්නෙ රාජකාරි වැඩක් හෝ රතිරු වලව්වට ආ දාට විතරයි...ඒ හින්දා රතිරු පහලට ආවෙ අප්පච්චි මේ වෙලාවට බොහො දුරට ඇහැරන් ඇති කියලා අනුමාන කරන්...
අප්පච්චි අද තාම නිදි නැ කියලා රතිරු හරියටම දැනගත්තෙ තවමත් නොනිවි දැල්වෙන ඉස්තෝප්පුවෙත් සාලෙත් ලයිට් එලි වලින්...රෑ ජාමෙ හින්දා දැනුන හීතලට කලිසම් සාක්කු දෙකට දෑත් රුවාගෙනම රතිරු පඩිපෙළ බැහැලා වටපිට බල බල ඉස්තෝප්පුවට ආවෙ අප්පච්චි හොයන්..."නිදාගන්නැද්ද අප්පච්චි..."
ඉස්තෝප්පුවෙ හාන්සි පුටුවෙ ඇල වෙලා ඇස් පියන් උන්නත් නිදි නැති බව දන්න හන්දා රතිරු එහෙම අහන්ම දොරට එහපැත්තෙ තිබ්බ අනික් ඇදි පුටුවෙන් දිගාඋනා...
"චුටි පුතා නිදි ද..?"
"උඩට එක්කන් යද්දිත් නින්ද ගිහින්...ටික්ක් වෙලා මං ලගටවෙල ඉදලා මේ ආවෙ.."
"හ්ම්...හවස අම්මා එක්ක වෙල පැත්තෙ ගියා..ඒ මහන්සියටම කොල්ලට නින්ද යන්නැති..."
අප්පච්චි හැරිලා රතිරු දිහා බලද්දී රතිරු අප්පච්චි එක්ක හිනාවෙලා ගේට්ටුව පැත්ත බලන් කල්පනා කලේ අප්පච්චි එක්ක කතා කරන එක කොතනින් ද පටන්ගන්න ඕන කියලා...
"වැඩිය කල්පනා කරන්න ඕමනා නැ..පුතා කියන්න ආව කාරණාව කිව්ව නන්..."
රතිරු බර කල්පනාවෙ ඉන්නවා දැකලා අප්පච්චි රතිරුට එහෙම කියද්දි කුස්සිය පැත්තෙ ඉදන් ආව අම්මත් උලුවස්සට හේත්තු වෙලා පුතයි අප්පච්චි දිහා බැලුවා..
"අම්මත් ආව එක හොදයි.."
රතිරු බර සුසුමක් පහත දාලා කියද්දි අම්මා අප්පච්චි දිහා බැලුවා...අම්මා අප්පච්චි දෙන්නම දන්නවා පුංචි කාලෙ ඉදම්ම රතිරු කියන්න ඕන දේ කෙලින් කියන ගති තියෙන කෙනෙක් බව...දෙයක් කියන්න ගිහින් හිත හිත ලතැවි ලතැවි ඉන්න පුරුද්දක් කොල්ලට නැ...ඒත් ජීවිතෙ පලවෙනි පාරට රතිරු දෙයක් කියන්න මෙහෙ කල්පනා කරද්දී අම්මා අප්පච්චි දෙන්නටම හරි අමුත්තක් දැනුනෙ...
YOU ARE READING
ස්වර්ණාලෝක | • SOPE •
Non-Fictionමාව මතකයේ දරා ඉන්න එනතුරා...જ⁀➴ රතිරු ♡ චාරුද් 2024 / 01 / 12
දෙවන ආලෝකය ༄
Start from the beginning