පලමු ආලෝකය ༄

88 13 18
                                    

ඉර බැස ගිහින් තිබූ නිසා මුලු පරිසරයම කෙමෙන් කෙමෙන් අදුරෙ ගිලෙමින් තිබුනි...ඒ අතරම ආ වැහි කලුවර නිසා වෙනදටත් වඩා ඉක්මනින් අද අදුර පැතිරුනෙ නාකපන වැස්සක පෙරනිමිති ද කියාපාමින්...අවුරුදු ගානක් හමුදා සේවයෙ ඉදලා හැමදෙයින්ම තෙම්පරාදු උන රතිරුට රෑ ගමන් , අව්ව , වැස්ස කියන්නෙ නුහුරු දේවල් නෙවෙයි...
ඇදුම් දාන් යන සුපුරුදු කලු බැග් එක ජිප් එකෙ පිටිපස්සට දාගත්ත රතිරු ඉක්මනට නැගලා වාහනය පණගන්වගත්තෙ වැස්සට කලින් කැම්ප් එකෙන් පිටවෙන්න සිතමින්...
ආලෝක නිකුත් කරමින් මහ හඩින් ගුගුරමින් තිබුන කාලවර්ණ අහස දිහා සැරෙන් සැරෙ බලමින්ම රතිරු ජීප් එක මහපාර පැත්තට තිබුන අතුරු පාරෙ වේගෙන් ධාවනය කරන් ඉදිරියට ගියෙ ඒ වනවිටත් වටෙන් හීනි පොද පටන් අරන් තිබුනු නිසයි...

හැන්දෑවෙ හතට කිට්ටු වෙලා තිබු නිසත් අහම්බෙන් ඇදහැලෙන්න ගත්ත වැස්සත් නිසා වෙනදටත් වඩා වාහන තදබදය ටිකක් වැඩියි දෝ කියලා රතිරුට හිතුනා.. හදිස්සි උන්නත් කොල්ලා ජීප් රථය විනාඩි කීපයක් මහ පාර අසල පණගන්වන්ම අවදානයෙන් බලන් හිටියෙ එකපෙලට යන වාහන අතරෙ පාරට එන්න තමන්ට අවස්ථාවක් එනකන්...
විනාඩි දහයකට වඩා බලන් උන්න රතිරු බැරිම තැන හෝන් කරලා ජීප් රථයට බලෙන්ම අවස්ථාව අරන් මහ මාර්ගයෙ වාහන අතරට එකතුවෙමින් වේගයෙන් කුරුණෑගල දෙසට ජිප් එක ධාවනය කලා...

"තව බලන් හිටියා නන් යන්න වෙන්නෙ හෙට උදේ තමා..."

රතිරු ඩ්‍රයිව් කරන ගමන්ම වීදුරුවෙන් එලියෙ තිබුන පැති කන්නාඩියෙන් පිටිපස්සෙන් එකපෙලට එන වාහන පෝලිම දිහා බලලා තමන්ටම කියාගත්තෙ දිගු සුසුමක් පහතලමින්...

එක එල්ලෙ පාර දිහාම බලන් ඩ්‍රයිව් කරන එක අපහසු උනත් රතිරු විවේකයක් ගන්නවත් ජිප් එක නොනැවැත්තුවෙ සති තුනකට පස්සෙ එයා නිවාඩු අරන් ගෙදර එනකන් දිනගනිමින් නොඉවසිල්ලෙන් බලන් ඉන්න පුංචි පැංචා නින්දට යන්න කලින් ගෙදරට කොහොම හරි යාගන්න ඕන උන නිසා...ජිප් එක එලවන අතරෙ ඇස්වලට එන නිදිමත , ඇගට මහන්සිය දැනුන වාරයක් ගානෙ රතිරුට මැවෙන්නෙ අහිංසක හිනාවෙන් මූව සරසන් ඉස්සරහ කනුවෙ එල්ලිලා පාරට ඇස් දික් කර කර ඉන්න පුංචි පැංචව...ඇවිදින්න කරන්න පුලුවන් උන කාලෙ ඉදන්ම එයා රතිරු නිවාඩු එන දවසට , රෑ ගෙදර එනකන් බලන් ඉන්න විදියට කවදාවත් රතිරුට අමතක නොවෙන තරම්...

ස්වර්ණාලෝක | • SOPE •Where stories live. Discover now