පහලස්වන හුස්ම

82 29 12
                                    

සිද්දවෙන දේවල් එක්ක මට ජාන්ට එහෙම දෙයක් කියන්න සිද්ද වුනා..මන් බලාපොරොත්තු උනා මේ වගේ දෙයක් වෙයි කියලා...ඉතින් හිත රිදෙන බව දැන දැනම මට එයාට එහෙම දෙයක් කියන්න සිද්ද වුනා...මේ ප්‍රශ්න නිසා මට මොනවහරි උනොත්...එයාට දරාගන්න බැරි වෙයි...ඒක නිසා මන් නැතුව එයා ජීවත් වෙන්න ඉගෙන ගන්න ඕන...ඒත් මට කියන්න තියෙන්නෙ මන් කොහොම හරි එයාවත් ආරක්ශා කරගෙන මාත් ආරක්ශා වෙනවා කියලා විතරයි...ඒත් මට පොරොන්දු වෙන්න බෑ...මම හරියට අර සර්කස් වල ලනුව උඩින් යන මනුස්සයෙක් වගේ...සමබරතාවය නැති වෙලා ගියොත් අනිවාරෙන් සේරම කනපිට හැරෙයි...

"ඇයි බන් යිබෝ එහෙම දෙයක් පොඩි එකාට කියන්න ගියේ....උබට පිස්සුද...අනිත් එක උබ නැතුව ජීවත් වෙන්න කියන්නෙ...උබට පේන්නෙ අපි ගොං හරක් වගේද යකෝ...අපිට ප්ලෑන් එකක් තියනවා...ඉතින් ඒ වගේ දෙයක් කවදාවත් සිද්ද වෙන්නෙ නෑ...ඒ වගේ දෙයක් සිද්ද වෙන්න මන් ඉඩ තියන්නෙත් නෑ...මගෙ පන දීලා හරි මන් උබලව රකිනවා..තේරුනානෙ...ආයෙ ඔය වගේ දෙයක් පොඩි එකාට කියලා තිබ්බොත් එදාට මට සීමාව පනින්න වෙයි"

යැන්ග් මට බැනගෙන බැනගෙන ගියා...එයා අයියා කෙනෙක් විදියට කියන දේවල් හරි...ඒත් මේකෙ බරපතලකම....ඔව්...ඇත්ත...අපිට ප්ලෑන් එකක් තියනවා...ඒත් මොකක් හරි මිස් උනොත්....මට ඒ ගැන හිතද්දිත් බයයි....මට මොනා උනත් කමන්නෑ..මගෙ ජාන්ව ආරක්ශා කරගන්න පුලුවන් උනොත් මට ඇති...

"ඒත් යැන්ග්...මේ දේවල් කොහෙන් හරි මොකක්ම හරි වෙලා කොතනකින් හරි මිස් උනොත්...සේරම ඉවරයි...ඉතින්...හදිසියේ එහෙම දෙයක් උනොත්...ජාන් හිත හදාගන්න ඕන නේද"

"උබට විකාරද යිබෝ..ආහ්...හොද සිහියෙන්ද ඉන්නෙ"

"මන් ඉන්නෙ හොද සිහියෙන් වගේම මන් කියන්නෙ වෙන්න පුලුවන් දේවල්"

"උබේ මතේට අනුව වෙන්න පුලුවන්...ඒත් යිබෝ...අවසානෙදි වෙන්නෙ අපි හැමෝම සතුටින් ජීවත් වෙන එක විතරයි...අන්න ඒ නිසා අර පොඩි එකාගෙ හිත පාරවන්නෙ රිදවන්නෙ නැතුව මේ කාලෙ සතුටින් ඉදපන්...ඉස්සරහට නොසෑහෙන්න විදවන්න වෙයි අපිට...මොන ප්‍රශ්නයක් ඉස්සරහට ආවත් ඒ සේරම ප්‍රශ්න ඉවර වෙලා අපි අනිවාරෙන් අවසානෙ වෙනකන් සතුටින් ඉන්නවා...එච්චරයි"

Why??? Where stories live. Discover now