දෙවන හුස්ම

225 35 9
                                    

අපි ලන්වී හමුවීලා දුර ගමනේ
නැවතුමට නොදැනී ඇවිදින් මා
ආදරෙයි රත්තරන්

යිබෝ....

ඔව් ඒ හිටියෙ යිබෝ.....එයා කාර් එකට හේත්තු වෙලා මගේ ගේ දිහා බලන් ඉන්නවා......මොකට ඇවිල්ලා වෙන්නැතිද.....

බෝ...ඔයා මොකද මෙහෙ....

මන් කතා කරනකොට එයා හිටපු කල්පනාවෙන් මිදිලා මගේ දිහා කිසිම හැගීමක් නැතුව බලාගෙන....

මන් ආවෙ මන් තමුන්ට අරන් දුන්න මාලෙයි බ්‍රේස්ලට් එකයි අරන් යන්න....

ඔව් ඉතින්....එයා මගෙ කවුරුත් නොවෙන එකේ එයා දීපුවා ආයෙ ගන්න එකට එයාට අයිතියක් තිබුනා උනත් අනේ මට මාලෙ නම් දෙන්න ගොඩක් ලෝබ හිතුනා....එයාගෙන් මට පලවෙනියටම හම්බ වුන තෑග්ග....බ්‍රේස්ලට් එක නම් කමක් නෑ.....ඒත් මාලෙ....දෙයියනේ....එයාගෙන් කියන්න ඉතුරු වෙලා තියන මතකෙත් දෙන්න අනේ මට හරි ලෝබ හිතෙනවා.....

ආ තව එකක්....තමුන් මට බෝ කියන එක නවත්තනවා....මන් තමුන්ගෙ මිනිහා නෙවෙයිනෙ.....

හ්ම්ම්....සමාවෙන්න....

මන් එහෙමම බ්‍රේස්ලට් එක ගලවල එයාගෙ අතට දීලා මාලෙ ගලවන්නෙ නැතුව එක ඇගිලි තුඩුවලින් අල්ලගෙන බලාගෙන් ඉදලා....

මන් මේක විතරක් තියගන්නද......

මන් එයාගෙ දිහා බලන් ඇහුවත් එයා ඇහි බැමි දෙක රැලි කරන්...

පිස්සුද අයිසේ....තමුන් වගේ එකෙකුට ඔය වගේ වටින මාලයක් වැඩක් නෑ....තමුන්ගෙ බෙල්ල එක්ක ගලවලා ගන්න කලින් ඕක ගලවලා දියන්...

අවසාන බලාපොරොත්තුත් විනාස වෙලා යන්නම එයාගෙ වචන මට රිදෙව්වා.......මන් ඒක ගාන්චුවෙන් ගලවලා එයාට දෙනකොට එයා ඒක උදුරලා වගේ අරගත්තෙ මගේ අතේ ඒ ගාන්චුව පැටලිලා ඇගිල්ලත් තුවාල වෙලා යන්නම එක්ක...රිදුන්නෑ...හදවතටයි ඒක රිදුනෙ....
එයා කිසි හැගීමක් නැතුව ඒකත් අරගෙන කාර් එකට නැගලා ගියේ මාව එතන තනිකරලා වගේම එයා ගැන තිබුන අවසාන මතක දෙකත් අරගෙනමයි.....

අද නම් සීතලයි...හුගක්....ඒ උනාට මට නෑවෙ නැති උනොත් නිකන් මොක්ද්ද මොකද්ද වගේ...හීතල නිසාම මන් ගෑස් ලිපේ දැල්ලට කලු වෙලා ගියපු කේතලෙත් අරන් ඒකට ටැප් එකෙන් වතුර එකක් අරන් ලිපේ තියලා වතුර ටික නටනකන් උදේ උනුවතුර බෝතලේට පුරවලා ගියපු වතුර එකෙන් මගේ මිකී මවුස් කෝප්පෙට කෝපි එකක් හදන් සාලෙ තිබ්බ ප්ලාස්ටික් පුටුවෙන් වාඩි වෙලා එලිය දිහා බලන් කල්පනා කරන ගමන් කෝපි එක බිව්වෙ උනුවතුර බෝතලේ ඉතුරු වෙලා තියන වතුරත් එක්ක කේතලේට තිබ්බ වතුරත් දාගෙන හොදට නාගන්න කියලා හිතාගෙන.....

Why??? Where stories live. Discover now