සිව්වැනි හුස්ම

254 36 19
                                    

බිනා පද්ද පද්ද ඇවිත් කාර් එකට නැග්ගෙ මන් අර ගවුම් කෑල්ලගෙ බෙරි වෙච්ච මූන මතක් කර කර හිත යටින් උඩ පැන පැන හිනාවෙනකොට..

අඩෝ බිනා....උබේ කට නම් මරු ඈ....හැබැයි උබ ඇයි යිබෝට බැන්නෙ...

අනේ නටපිය ජාන්....ඌට බනින්නෙ නැතුව හරහට අරන් නලවන්නද උබ මට කියන්නෙ....

හරි හරි.....ඒ වුනාට බන් ඒ ම...

කටවහපිය....

මට ඉතුරු ටික කියන්න නොදී ඌ මගේ කට උගෙ අතින් වැහුවා....

ආ මේ ජානෝ...

ම්ම්...

මන් උබගෙ බඩු සේරම ගිහින් අපේ ගෙදර දැම්මා...

මොකක්....

හිහි....ඔව් ඔව්...උබ අද ඉදන් අපේ ගෙදර ඉන්නෙ...මෙ බිනා ඉන්නකොට උබ දුක් විදින්න ඕන නෑ...

ඔක්කොමත් හරි....උබ කොහොමද ගෙදර දොර ඇරියෙ...

හිකිස්....සරනේරු ගැලෙව්වා...

ඌ හොර බැල්මක් දාගෙන සරනේරු ගැලෙව්වා කිව්වා...හනෙ අම්මෙ දෙන්න ඈකි මූට....ඉදකින් ගෙවලයා....මන් ඉතින් මුකුත් කියන්න ගියේ නෑ...

හ්ම්..හ්ම්...

එක එක ඒවා ඒ දෙන්නත් එක්ක කියව කියව යනකොට මට එකපාරටම ආයෙත් තුවාලෙ රිදෙන්න ගත්තෙ දාඩියත් දාන ගමන්...මන් එහෙමම පපුවත් අතින් අල්ලගෙන ශීට් එකත් අතින් මිරිකගත්තා.....

ජාන්.....මො...මොකෝ උනේ....මිනියො...බලනවකො....ජාන්ට මොකද වුනේ...නවත්තපිය ඕක.....

ජාන්...ජාන්...

බින්ගෙ කෑගැහිල්ලට යැන්ග්ත් කාර් එක නවත්තලා මට කතා කරා....

උබ බෙහෙත් බිව්වෙ නැද්ද යකෝ...මන් හිතුව බෙහෙත් ටික අතටම දුන්නත් ගුලි කරන් ඉන්නකොට කොහෙ හරි මුල්ලකට විසි කරයි කියලා....විහින් මැරෙන්නද හදන්නෙ....

ඌ කියනකොට තමයි මටත් මතක් උනේ...බිනා මට උදෙන්ම හොස්පිටල් එකේදි බෙහෙත් ටික දුන්නත් බෙහෙත් බොන්න හොර මන් ඒ ටික අතේ ගුලි කරන් බින් යනකන් බලන් ඉදලා ජනේලෙන් හොරාවට විසි කලා කියලා....

අරූ මගේ බෙහෙත් බෑග් එක අවුස්සලා අවුස්සලා ආයෙ බෙහෙත් ටිකක් අරන් වතුර බෝතලෙත් එක්ක මගෙ අතෙන් තිබ්බෙ මන් අහින්සක බැල්ම දාගෙන උගෙ දිහා බොන්න බෑ කියන්න වගේ....සාමාන්‍යයෙන් ඌ මගේ මේ බැල්මට අහු වෙනෝ...

Why??? Where stories live. Discover now