Chapter 44

450 58 49
                                    

උදෙන්ම නැගිටලා මම ලෑස්ති වුනෙ හොස්පිට්ල් එකට යන්න. එයා පෙන්නපු හීනෙට මම ඇවිත් දැන් මාස දෙකක් වෙනවා.. මම දැන් පුද්ගලික රෝහලක සේවය කරන වෛද්‍යවරයෙක්. කාලය ගෙවිලා ගිහින් හැබැයි හරි හිමීට. එවගේම මමත් දැන් හුගක් වෙනස් මනුස්සයෙක් වෙලා. පෙනුම වගේම ඇතුලෙනුත් මම හුගක් පරිණත වෙලා.  මට මෙ තැනට එන්න ලේසි පහසු වුනේ නෑ. ඒක අපහසු දුශ්කර ගමනක්. එයත් නැතුව තනියම හැමදේම විඳ දරාගෙන මෙතනට එන්න ඉවසීම කියන දේ මට ලොකු පිටුවහලක් උනා. අතාරින්න හිතුනු තැන් බොහොමයි. ඒත් යන්න කලින් එයා මට කියලා දුන්න විදිහට එයා පෙන්නපු පාරෙ මම ආවා. මට හරි ආඩම්බරයි මම ගැන. එයත් ආඩම්බර වෙයි මාව දැක්කොත්. ඒත් දැන් අවුරුදු හයක් වුනා එයා අද වෙනකන් ආවෙ නැ.  සමහරවිට එයා එයි... සමහරවිට එයා නොඑයි... තාමත් එ වචනෙ විශ්වාස කරගෙන මම බලන් ඉන්නවා. හැබැයි එයා එන්නම ඕන...

නිල් පාට යුනිෆෝම් එක ඇඳලා මම ආසම පර්ෆියුම් එකත් නාගෙන stethoscope එකත්  බෑග් එකට දාගෙන සුදු පාට බ්ලේසර් එක නවලා අතින් දාගෙන ඔම්මගෙ අතින් උදෙ කෑම එකත් කවාගෙන ජිමිනවත් මගින් දාගෙන කා එකෙන් මම හොස්පිට්ල් එකට ආවා. මගෙ ජිමිනා අපෙ හොස්පිට්ල් එකේම ලැබ් එකක වැඩ.

අද නම් එක හුස්මට වැඩ. දවල් කෑම එක කන්නවත් හරියට වෙලාවක් හම්බුනෙ නැ. දවසම  මහන්සි වුන නිසාද කොහෙද ඔලුවත් පුපුරන්න වගේ. එ නිසා  පේශන්ස්ලා බලලා ඉවර වෙලා මම  ලෑස්ති වුනේ ඉක්මනට ගෙදර යන්න. ඒත් තවත් පේශන් කෙනෙක් අපොයිමන්ට් එකක් දාලා තියෙනවා කියලා කියපු නිසා රිදුම් දෙන නලල ඇගිලි දෙකෙන් මිරික ගත්ත මම ඇස් දෙක පියන් බිමට පහත් වෙලා හිටියා.

ටිකකින් දොර ඇරිලා ඒ කෙනා ලඟට ඇවිත් වාඩි වෙනව ඇහුන නිසා ලොකු හුස්මක් අරන් එ කෙනා දිහා බලුවා.. ඒත්... මොහොතකට මට හුස්ම ගන්න පවා අමතක වුනා. දකින්නෙ හීනයක්ද හැබෑවක්ද එහෙමත් නැත්තං ඔලුවෙ කැක්කුම නිසා විකාරයක්ද.. මට හිතාගන්න බැරි උනා. සමහරවිට මෙ එ වගෙ වෙන කෙනෙක්ද. හිතාගන්න බැ. කතා කරන්න ත් බැ මම ගොලු වෙලා. වචන හිර වෙලා. මගෙ ඇස් පනාපිට හිටියෙ අවුරුදු ගානක් තිස්සෙ මට දකින්න ඕන වුන එ රූපෙ...

𝐀 𝐌𝐞𝐥𝐨𝐝𝐲 𝐎𝐟 𝐇𝐢𝐝𝐝𝐞𝐧 𝐋𝐨𝐯𝐞  ᵗᵃᵉᵏᵒᵒᵏ ᶠᶠ (completed)Where stories live. Discover now