Chapter 42

463 56 44
                                    



මාස නවයක්... ඔව් මාස නවයක්... එයයි මමයි නිතරම මුන ගැහුන මෙ ඉස්කෝලෙ, එයයි මමයි මුලින්ම මුන හැගුන මේ ඉස්කෝලෙ, එයයි මමයි පුන්චි පුන්චි හේතු වලට කෙලවරක් නැතුව රණ්ඩු කරපු මෙ ඉස්කෝලෙ, නිමක් නැති ආදර බස් වදන් මුමුනපු මෙ ඉස්කෝලෙ, කතා කරන්න බැරි අවස්ථා වල කාටත් හොරෙන් අපෙ ඇස් ආදර බස් මුමුනාපු මෙ ඉස්කෝලෙ අද මම විතරක් තනි වෙලා... එයා.... එයා හුගාක් දුරකට ගිහිල්ලා. මාස නවයකට කලින් එයා ගියා. නැ එයාට යන්න සිද්ද වුනා. ම්ම්ම් නැ එයාට යන්න සිද්ද කලා...

එයා නැතුව මම සතුටින්ද.... නැ එයා ගිය දා පටන් හිනා නොවි බැරි තැන් වලදි මූණට හිනාවක් මවාගත්තට ඇතුලින් මම මහ හයියෙන් අඩනවා. දවල් තිස්සෙ පිට ලෝකෙට පේන්න පන ඇති කොල්ලෙක් වගෙ හිටියට රෑ මගෙ ඇඳ උඩට වැටුනම මගෙ දුර්වලයා එලියට එනවා.

ඒත්... ඉස්සර හීනයක් නොතිබුන මම අද හීනයක් වෙනුවෙන් වැඩ කරනවා. ඒ හීනෙට යන්න මම දිවා රෑ නොබලා මහන්සි වෙනවා. ඒ හීනෙ මැව්වෙ එයා. යන්න දවසකට කලින් මගෙ ගාවට ඇවිත් මගෙ අත් දෙක අල්ලන් දීපු පොරොන්දු මගෙන් ගත්ත පොරොන්දු වල තියෙන්නෙ එ හීනේ. එයා වෙනුවෙන් මම එ හීනෙ හැබෑ කරනවා. අනිවාරෙන්ම..
.
.
.

Flashback

එයා හිටියෙ මගෙ ගෙදර. දවල්ට ගෙදර කවුරුත් නැති නිසා මම එයාට අපෙ ගෙදරටම එන්න කිව්වා. අවසාන වතාවට මාව බලන්න ඕන කිව්වා කියලා සුගා මට කියද්දිදි අපෙ ගෙදරට එන්න කියන්න කියද්දි කියපු පමාවටම එයා ආවා..

" ම-ගෙ මැණි-ක අ-පි අපි ආය මු-න ගැහෙ-නවා. ක-වදාම හරි මු-ණ ගැ-හෙනවා. එතක-න් මගෙ මැ-ණික ප-රිස්ස-මට ඉන්-න. මෙ අ-ත් මම ආ-යම අල්-ලගන්න එනක-න් ප පරි-ස්සමට ඉ ඉන්-න.."

" හ් හ් හ්‍යුන්ග්.. අ අනේ..."

මෙච්චර වෙලාම හිටගෙන හිටියත් තවත් හිටගෙන ඉන්න තරම් වත් පන නැති වුන මම එහෙමම රූටලා එයාගෙ කකුල් දෙක ගාව ඇද වැටෙද්දි එයත් මගෙ ගාවින්ම දණ තියාගත්තා. එ ඇස් අඬලම රතු වෙලා. එ ඇස් අඩලම ඉදිමිලා. දෙයියනේ මොන හෙනයක්ද අපට මෙ පාත් වුනේ.

දැන් මාසෙකට විතර උඩදි.. ඒ කියන්නෙ එයාට එක්සෑම් කටේ තියෙද්දි අපෙ ප්‍රින්සිපල් ස'ගෙ අතට මගෙයි මගෙ හ්‍යුන්ගෙයි පොටෝස් වගයක් ලැබිලා සිද්ද වුනේ අපි නොහිතපු විනාශයක්. එයාලගෙ ගෙදරින් අපෙ සම්බන්දෙ ගැන දැන ගෙන අපට විරුද්ද වුනා.

𝐀 𝐌𝐞𝐥𝐨𝐝𝐲 𝐎𝐟 𝐇𝐢𝐝𝐝𝐞𝐧 𝐋𝐨𝐯𝐞  ᵗᵃᵉᵏᵒᵒᵏ ᶠᶠ (completed)Where stories live. Discover now