පඩි පෙල බැහැගෙන මම පහලට ගියත් පහල තට්ටුවම අන්දකාරයි. ම්ම්ම්ම් කරන්ට් එක මොනා හරි වෙලාවත්ද... හැබැයි උඩට අපූරුවට කරන්ට් තියෙනව..

" ඔම්මා........"

ම්හු සද්දයක් නෑ..

" කෝ අප්පා මෙ ගෙදර මිනිස්සු... හ්‍යුන්ග්ග්.. ඔම්මා.... කො අනේ කරන්ට් එකට මොනා වෙලාද"

මම කරුවලේම ගිහින් ඩයිනින් රූම් එකෙ ලයිට් එක ඔන් කලා

" congratulations our little prince...."

" ආහ්......"

හොර ගෙඩියො තුන් දෙනා ලයිට්ස් ඕෆ් කරගෙන ඩයිනින් රූම් එකට වෙලා ඉදලා තියෙන්නෙ මාව සප්‍රයිස් කරන්න. ඩයිනින් ටේබල් එක ඇඟිල්ලක් ගහන්න ඉඩක් නෑ කෑම පුරෝලා... එක එක කෑම ජාති මම ආසම දේවල්. පීසාද... බර්ගද... කේක්ද.. අයිස්ක්‍රීම් ද.... එක එක වර්ග වලින් මුලු ටේබල් එකක්ම පුරවලා...

මම තාමත් ශොක් වෙලා වගෙ ටේබල් එක දිහා බලන් ඉද්දි ඔම්මා ඇවිත් මාව තුරුල් කරගත්තෙ මගෙ නලලට හාදුවක් දෙන ගමන්. පුතු පැටී ගැන කීවොත් මම ලයිට් ඔන් කරනවත් එක්කම මෙයාලගෙ කෑ ගැහිල්ලට මගෙ අත් දෙකෙන් බිමට පැනලා කොහෙදෝ දුවගෙන ගියා. අහස කඩන් වැටෙනව කියලා දරු පවුල ගාවට ගියාද දන්නැ. එක්කො ආය මෝඩ පගයා වගෙ ගිහින් අකුලගෙන මුල්ලකට වෙලා බුදිද දන්නැ.

" පුතාට තව මොනාද කන්න ඕන ම්ම්... ඕන දෙයක් තියෙනවා නම් කියන්න ගෙනත් දෙන්නම්ම්..."

ඔම්මගෙ තුරුලෙ හිටපු මා ගාවට ආපු මගෙ අප්පා මගෙ ඔලුව අතගාලා ඇහුවෙ ටේබල් එක දිහා බලාගෙන.

" මුකුත් ඕන නැ අප්පා මෙ දේවල් කාලා ඉවර කරන්නම දවස් කීයක් යයිද මන්දා... තැන්කිව් අප්පා.. තැන්කිව් ඔම්මා"

ඔම්මා මාව තවත් තුරුල් කරගද්දි අප්පා මගෙ ඔලුව අත ගෑවා. එයාලට සතුටුයි. මගෙ ගැන ගොඩක් ආඩම්බර ඇති.

" සතුටුයි චූටී... මට යන්න බැරිවුන ගමන ඔයා යන්න ඕන. හ්‍යුන්ග්ගෙ හීනෙ උනෙත් යුනි යන එක වුනත් මට ඒක  කරගන්න බැරි වුනා..."

අපට අඩි කීපයක් ඈතින් අත් දෙක බැදගෙන ඉන්න හ්‍යුන්ග් කියද්දි මම එයාවත් ඇදලා අපි ගාවට ගත්තා. මගෙ ගෙදර අය අද මම නිසා සතුටින්. මටත් සතුටු වෙන්න ඕන එයාලා වගේම. ඒත් හිත අස්සෙ තියෙන පාලුව තනිකම එ සතුටට ගෙනාවෙ බාධාවක් නිසා අදත් මම වෙනදා වගේම බොරු හිනාවක් මවාගත්තා. මට එයාව මතක් වෙනව මට එයාව ඕනි දෙයියනේ...

𝐀 𝐌𝐞𝐥𝐨𝐝𝐲 𝐎𝐟 𝐇𝐢𝐝𝐝𝐞𝐧 𝐋𝐨𝐯𝐞  ᵗᵃᵉᵏᵒᵒᵏ ᶠᶠ (completed)Where stories live. Discover now