කියව කියව අපෙ සෙක්ශන් එක පටන් ගන්න තැනටම අපි ආවා වුනත් සෝහුට තවත් මොනාද කියන්න තියෙනවා වගෙ දැනුන නිසා අපි එතන නතර වුනා.

" අනිද්දා මගෙ බර්ත්දෙ එක. ඉතින් ඔයා එන්නම ඕන අපෙ ගෙදර. මහ ලොකු පාටි නම් නැ ඉතින් උබ දන්නවනෙ පුන්චි පාටි එකක්... එනව නේද.."

මෙච්චර වෙලා මගෙ අතින් අල්ලගෙන ඈත කොහෙදෝ බලාගෙන හිටපු ජිමිනා මගෙ අත මිරිකුවා. හරියට යන්න එපා කියන්න වගේ. ඒත් මූ  මෙච්චර කියන එකේ.... මම බැ කියන්නෙ කොහොමද.

" ජන්කුක් උබ එනව නේද. එ දවසටවත් මට සතුටින් ඉන්න මට වෙන යාලුවෙක් නෑ. ...."

සෝහු බිම බලාගෙන සපත්තුවෙන් ගල් කැටයක් ගලව ගලව කියවද්දි මට පව් කියලා හිතුනා. ජිමිනා මූට කැමති නැ කියලා මූ දන්නවා ඉතින් දෙන්නා කතා නැති නිසා මට විතරයි ඉන්වයිට් කලේ.

" හරි මම එන්නම්.."

" තැන්කිව් ජන්කුක්ක්... අනිද්දා ස්කූල් ඉවර වෙලා අපෙ ගෙදර යන්න බලාගෙන එන්න..   ආපො... ආන් අරුනුත් එනවා"

අරුන් එනව කියලා ඌ මගෙ පිටිපස්සෙන් එන කවුදෝ දිහා බලන් ඉද්දි  මම පිටිපස්ස හැරිලා බැලුවා. එයාලව දැක්කම මැදින් එන උසම උස එක්කෙනා ගාවට දුවගෙන ගිහින් ඇඟට පැනලා හාදු කෝටියක් දෙන්න ඕන හිතුනත් මෙ ඉස්කෝලෙ නිසා මම කරබාගෙන හිටියා.

" එපා ජන්කුක් ඕකුන් දිහා බලන්නවත්. ඕකුන් ළමයි නෙවෙයි සත්තු. මට නම් පෙන්නන්න බැ"

මූ දත්මිටිකාගෙන ජප කරනවා. මටත් බලන්න එපාලු එ පැත්ත. ඔව්නෙ මු හිතාගෙන ඉන්නෙ අපි ඉස්සර වගේම තාමත් හතුරො කියලා නෙ. දැන් මු දන්නව එහෙම නම් අපි දෙන්නම දැන් පන දාගෙන ලව් කරන්නෙ එයාලට කියලා මු  කන්ෆියුස් උන්ගා බුන්ගා වෙලා මෙතනම මැරිලා වැටෙනවා.

හැබැයි ඉතින් උ බනින එක සාධාරණයි මෙ තුන් දෙනා ඉස්සර රැඟුවෙ මේකෙ මහ උන් වගේනෙ. දෙන්න හිතයි හොම්බට හතක් උඩ පැනලම මගෙ මනුස්සයට. ආදරෙයි නෙ මං එ උනාට. එයා දැන් එහෙම නැ නෙ ඉතිම්...

සෝහුවා යන්න ගියා. අපි දෙන්නා එ තුන් දෙනා ලඟට එනකන්ම හිටියා. හැබැයි ඉතින් මගෙ පගයගගෙ රැවිල්ලෙ නම් අවසානයක් තිබුනෙ නැ.

𝐀 𝐌𝐞𝐥𝐨𝐝𝐲 𝐎𝐟 𝐇𝐢𝐝𝐝𝐞𝐧 𝐋𝐨𝐯𝐞  ᵗᵃᵉᵏᵒᵒᵏ ᶠᶠ (completed)Where stories live. Discover now