✨️03✨️

112 35 13
                                    

ජොංකුක් පැය කිහිපයකට අදුනගත්ත අගන්තුකයෙක් වුනාත්..චෙනුගේ හිතෙ හිරවුන දුක එක අකුරක් නෑර චුටි කෙල්ල කුක්ට කියාගෙන ගියෙ ගිරා පැටියෙක් වගේ..තේරුම් බේරුම් දැනෙන වයසෙ ඉදන් චෙනුට චොයි දෙපල සලකලා තියෙන විදිය ගැන කුක්ගේ හිතෙ ඇති කලේ ලොකු කලකිරිමකටත් වඩා එහා ගිය කේන්තිය මුසු හැගිමක්..

"දෙමාපියොන්ට පුලුවන්ද දරුවෙක්ට මෙහෙම සලකන්න..ඔයාගේ අප්පයි ඔම්මයි ගැන මට හරි කේන්තියි චෙනුකි"

කුක්ගේ ගෙදරට ආව වේලාවේ ඉදන් වරින් වර චෙනුගේ ඇස්වල පිරෙන කදුලු දැකලාම කුක්ගේ හිතට මහ බර ගතියක් දැනෙනවා..මේ තරම් මානසික වගේම කායික වදහිංසා ඉවසගෙන තමන් ඉදිරියෙ ඉන්න මේ පුංචි කෙල්ල ගැන කොල්ලට පුදුම තරම් දුකයි..එත් කුක්ට හිතාගන්න බෑ තමන් මේ වේලාවේ මොකද කරන්න ඕන කියලා..එත් කුක්..

"චෙනුකි මේ බලන්නකො.."

කුක් ඉදිය තැනින් නැගිටලා චෙනු වඩිවෙලා ඉදිය පුටුව ළගට ගිහින් කෙල්ලගේ මුණ දෝතට අරන් දණ නවලා බිමින් ඉදගත්තා..කුක් තමන්ගේ මුණ දෝතට මැදි කරගෙන කොල්ලා දිහා බලන්න කියද්දි චෙනුගේ ඇස් ලොකු වුනාත් චෙනු ඒ ලොකු කරගත්ත ඇස්වලින්ම කුක් දිහා බලාන උන්නා..කුක්ගේ ඇස් දකිද්දි චෙනුට බයක් ඇතිවුනෙ නෑ..

"චෙනුකි මං ඔයාට පොරොන්දු වෙනවා අයෙ ඔයාව මේ විදියට රිද්දන්න ඔයාගේ අප්පාට තියා වෙන කාටවත් ඉඩ තියාන්නෑ කියලා.."

ජොංකුක් එහෙම කියද්දි චෙනුගේ ඇස් අග තිබුන කදුලු බිංදුවක් කෙල්ලගේ කම්මුලක් දිගෙ පල්ලම් බැස්සෙ පුංචි කෙල්ලගේ හිතෙ මේ නාදුන තරුණ පිරිමි ළමයා ගැන මොකක්දො තමන්ගේ කියන හැගිමක් ඇති කරලා..කුක්ගේ ඒ වචන චෙනුට ඇහුනෙ කොල්ලා ගැන තරමක විශ්වාසනිය හැගිමක් ඇතිකරවලා..

චෙනු තවමත් කුක් දිහා නිසොල්මනේ බලන් ඉන්නවා..කෙල්ලට හිතුනෙ තමන් ඉස්සරහා මේ ඉන්න පිරිමි කෙනාගේ ඇස් තමයි චෙනු ජිවිත කාලෙටම දැකලා තියෙන ලස්සනම ඇස් දෙක කියලා..ඔව් චෙනු ඇහිපිල්ලම් නොගහා තමන් දිහා බලන් ඉන්නවා දැකපු කුක් චෙනුගේ මුණින් දෑත් අරගෙන කෙල්ලගේ කම්මුලකට පොඩි තට්ටුවක් දැම්මේ..

❀𝔖𝔞𝔯𝔞𝔫𝔤𝔥❀ ♦𝕁𝕁𝕂♦Where stories live. Discover now