✨️02✨️

130 34 23
                                    

චෙනු පෙන තෙක්මානෙකවත් නැති වෙද්දි කලබල වුන මිස්ටර් චොයි පිස්සු බල්ලෙක් ගානටයි චෙනුව හොයමින් පාර්කින් එකෙ ඇතුලට යන්න හැදුවේ..

"සර් ඔයාට ඇතුලට යන්න දෙන්න බෑ.."

අවසරයක් නැතුව පාර්කින් එක ඇතුලට යන්න හදපු චොයිව එහෙම කියලා නතර කරගත්තෙ පාර්කින් එක භාරව ඉදිය සිකියුරිටි ඔෆිසර් කෙනෙක්..

"තමුසෙ දැක්කෙ නැද්ද මේක ඇතුලට ළමයෙක් රිංගනවා.."

"මං දැකපු ළමයෙක් නෑ..කරුණාකරලා යන්න මහත්තයා මෙතනින්.."

"තමුසෙ කවුද ඕයි මට යන්න කියන්න"

කියමින් චොයි අර සිකියුරි මනුස්සයාගේ ළගට ගිහින් සද්දෙට කෑගද්දි අවට උන් කිහිපදෙනෙකුත් අවදානය මේ අයට යොමු වුනා..ඒ අතර ජොංකුක් සහා ජිමින් දෙන්නාත් ඉදියා..මොකද මේ complex එකට තමයි ඒ දෙන්නාත් අදළ ගොඩනැගිල්ල බලන්න ඇවිත් තිබුනෙ..

"ඇයි..ඇයි..මෙතන මොකද වෙන්නෙ..මොකද්ද ඔෆිසර් ප්‍රශ්නෙ.."

වාහන පාර්කින් එක පැත්තට යමින් උන් ජොංකුක්ට ඉදිරියෙන් පැමිණි ජිමින් එහෙම අහගෙන සිකියුරි ඔෆිසර් සහා චොයි ඉදිය තැනට ආවා..

"ඔයාලවත් දැක්කාද පොඩි ගැහැනු ළමයෙක් මේ පැත්තට දුවගෙන එනවා.."

සිකියුරි ඔෆිසර් ගාවින් ජිමින් සහා ජොංකුක් දෙන්නා ගාවට දුවගෙන ආව චොයි..

"අනේ මගේ දරුවා මහත්තයො..මං එයාට පාරක් ගැහුව්වා කියලා ගෙදරින් පැනලා මේ පැත්තට දුවගෙන ආවා..දැන් හොයාගන්න නෑ..මං ඒක මේ මනුස්සයාගෙන් ඇහුව්වාම මේ මනුස්සයා මගේ ඇගට කඩන් පැන්නා.."

ටිකක් එහායින් ඉදිය සිකියුරි මනුස්සයාගේ ඇස් දෙකත් හීන් වෙලා ගියා ටිකකට කලින් පිස්සු බල්ලෙක් වගේ ඉදිය මිනිහා දැන් මේ හැසිරෙන විදිය දැකලා..

"මෙයාගේ ළමයානේ..ඔන්න ඔෆිසර් මෙයාට ඇතුලට යන්න දෙන්න..ඉන්නකො අපිත් එයාව හොයාගන්න උදව් කරන්නම්.."

ජිමින්ට පිටිපසින් හිටගෙන දෙඅත් එකිනෙක බැදගෙන උන් ජොංකුක් මේ සියල්ල හොදින් අහගෙන ඉදියත් මේ චොයි ගැන කොල්ලට කිසිම අනුකම්පාව මුසු හැගිමක් ඇතිවුනෙ නෑ..කුක් මිනිස්සු දකින්නෙ ජිමින් දකින කොණේට සැහෙන හාත්පසින්..

❀𝔖𝔞𝔯𝔞𝔫𝔤𝔥❀ ♦𝕁𝕁𝕂♦حيث تعيش القصص. اكتشف الآن