'ටහිකෙන්න හුත්......'
තිදස්ගේ කල්පනාවෙන් හිටපු මම එක පාරටම ගැසිසුනේ පිට මැද්දට වැදුන හයේ හතරේ පාරත් එක්ක.පිට කිස් කනවා වගේ මගේ.

'ආව් මොනාද බල්ලෝ කරන්නේ මගේ පිට කිස් කෑවා අනුහස්'

"කොයි ලෝකේද ආදී උබ ඉන්නේ මන් දැන් කොච්චර වේලා කතා කලාද"

ඇත්ත ඉතින් තිදස්ගේ සිහියෙන් හිටපු මට මූ කතා කරනවා ඇහුනේ නෑ තියා මාත් එක්කම ආපූ රිතුවා මන් ගාවින් ගිහින් කියලවත් මට තේරුනේ නෑ.
අනුහස් කියන්නෙත් අපිත් එක්කම ඉස්සර ඉදන් හිටපු එකෙක්.ඇත්තෙන්ම මන් මූට හෙන කැමති.මොකද අනිත් උන් වගේ හිතේ එකයි කටේ එකයි තිබ්බේ නෑ ඌ ලඟ.දෙයක් කියන්න තියනවා නම් ඒ කෙනා කවුද කියන එක ඌට අදාලම උනේ නෑ ඌ කියන්න ඕන එක කිවුවා.ඒ ඌගේ හැටි.මන් හරි ආසයි උගේ ඒ ගති ගුණ වලට.අනුහසුත් මේ පාර ඉස්කෝලේ උප ප්‍රධාන ශිෂ්‍ය නායකයෙක් වේලා හිටියා.සාමාන්‍යයෙන් අපේ ඉස්කෝලේ Top board එකේ ඔක්කොම දහයක් හිටියා.ප්‍රධාන ශිෂ්‍ය නායකයටයි ප්‍රධාන/උපප්‍රධාන ක්‍රීඩා නායකයන්ටයි විතරක් එක්කෙනා ගානේ තෝරද්දී උප ප්‍රධාන ශිෂ්‍ය නායකයෝ තුන්දෙනෙක්ම තේරූවා.ඊට අමතරව senior prefect ලගේ වැඩ බලන්න supervisors ලා දෙන්නෙක් වගේම junior prefect ලගේ වැඩ බලන්න supervisor ලා දෙන්නෙක් විදියට top board එක තේරුවා.ඉස්කෝලේ ඉන්න ලමයි ප්‍රමාණය පාලනය කරන්න ලේසි වෙන්න ඇත්තටම ඒ වගේ තීරණයක් ගත්තු එක නම් හොදයි.

මේ පාර DHP තුන් දෙනා විදියට හිටියේ රිතුවයි,අනුහසයි,සහනුයි.මන් ලොකුවට supervisors ලා ගැන දැනන් හිටියේ නැති උනත් supervisors ලා ඔක්කොම වගේ මේ පාර commerce section එකෙන් තෝරගෙන තිබ්බා කියලා මට රිතුවා කිවුවා.අද මීටින් ඒකේදී තමා ඔක්කොම බලාගන්න වෙන්නේ ඉතින්.

'සොරි බන් අනුහසා මන් වෙන සිහියක හිටියේ'

"ඔව් ඔව් මට පේනවා උබ වෙන සිහියක හිටපු බව.මොකක්ද මේ රිතුවා කියපු කතාවේ තේරුම.උබ සෙකන්ඩ් කරනවද අහපවු"

'ඔව් බන් පිසික්ස් ෂුවර් නෑ.අනික කෙමෙස්ට්‍රි B එකක් වගේ එයි ඒ නිසා සෙකන්ඩ් කරන්න බැලුවේ'

"උබේ ශයි එක නම් ඇත්තටම අපරාදේ ආදී හොදේ උබ බැරි එකෙක් නෙවෙයිනේ.කමක් නෑ මේ පාර අදිමු මෝඩ වැඩ නොකර අපි ඉන්නවා උබ එක්ක"

බොඳ මීදූම් ||𝐓𝐡𝐞 𝐁𝐥𝐮𝐫𝐫𝐞𝐝 𝐦𝐢𝐬𝐭Where stories live. Discover now