අපේ මතක අස්සෙ හිරවෙලා ඉද්දි රැස්වීමත් ඉවර වෙලා..අද අවිනාෂ්ලට අන්තිම පීරියඩ් එකෙ නිසා මුල් ටික ෆ්‍රී..උදේට කාලා එන්න බැරිවුන නිසා සියාපප්පා ඩයිවර් අතේ කෑම දෙකක්ම එවලා..තමාල්ටත් එක්ක හතරයි..පුදුම සෙනෙහසක් තීන්නෙ අපිට..

කෑම එකත් අරන් ටීචර්ස්ලාගෙ කැන්ටින් එකට යද්දි සදුනි ටීචත් බොක්ස් එකක් තියාගෙන හොදට ගිලිනවා..එයා කන විදිය දැක්කමයි මේ ජිවිතේ තීන දුක තේරුම් යන්නෙ..පුදුම දුකක්..ඇත්තටම පව්..ඇසට කදුලුත් උනනවා..

රෝල්ස් එකට සෝස් ගාලා කටෙ දාගද්දි කට අරිනවා ආයෙ බෙංගාල බොක්ක සයිස් වෙන්න..තොල් වල ගාවන්නැතුව කන්න පුදුම දුකක් නෙමෙයි එයානම් විඳින්නෙ..තේ කෝප්පෙටත් බටයක් දාලා..කන්න තිබ්බ පිරියත් වාෂ්පවෙලා ගියා..

"ඔහ් ගුඩ්මෝනින්ග් අභී සර්.."

"ගුඩ්මොනින්ග් සදුනි මිස්.."

"මිස් කියන්න ඕන්නැ අනෙ සදූ කියන්න.."

එව්ව් මෙ ගැනුන්ගෙ මුන ලස්සන වුනාට දත් අස්සෙ හිඩස්නෙ..තඩි මිරිස් කෑල්ලක් හිරවෙලා..දැන්නම් බඩත් දගලන් එන ලයින් එකක් තීන්නෙ..

"අභි සර්ට මන් අභි අයියා කිව්වට කමක් නෑනෙ නෙද.."

"ආ..මෙ ..කමක් නැ මිස්.."

"ඔය ඉතිම් ආයෙ මිස්ලු..සදූ කියන්න අනේ..සර් ආවෙ කන්නද.."

නැ කැන්ටිමට ආවෙ බොක දාන්න..කියලා කියාගන්න බැරිනිසා හිනාවක් දැම්මා..මෙ ගැනු ඇයි මෙච්චර මෝඩ..

"ආ..මන් සර්ට බඩ්ඩක් ගෙනාව.."

"බඩ්ඩක්??.."

"ඔව් ඔව්..මගෙ අත් දෙකෙන්මයි සර්ට හැදුවෙ..මෙ බලන්න උදෙ අයිසිං කරේ.."

කප් කේක්..මේවාට මොනාදාල ගෙනාවද දන්නැ..මෙයා එන පොටෙ හැටියට වසියක් කවන්නත් බැරි නැ..

"ආ..තැන්ක්ස් මිස්..මන් කන්නම්..තියන්නකො.."

"අනෙ ඉතිම් පස්සෙ කන්නෙ දැන්ම කමූ..කො ඉන්නකො..මන් කොලෙ ගලවලා දෙන්නම් කො එන්න..මෙ හාට් ශේප් එක හදලා තීන්නෙ ෆොන්ඩඩ් වලින් සර්.."

"ආ හරි දෙන්න මිස් මන් කන්නම්.."

"කො ඔම ඉන්නකො සර් මන් කවන්නම්..ආයෙ අතෙ අයිසිං ගාගන්න ඔනි නෑනෙ.."

දෑගිලි ✔( complete )✨Où les histoires vivent. Découvrez maintenant