නම්ජුන් අහපු දේට උත්තර හමබ උනේ ජින් ගෙන්. මේ වෙනකොට කලුවර වැටිල තියෙන කොට රාත්‍රි කෑම වේලත් අරගෙන හිටපු කට්ටිය හිටියෙ ජින්ගේ කාමරේ . හෝසොක් නම් නිදාගන්න ගියේ ඒක හෝසොක්ගෙ සෞඛ්‍යට හොදයි කියල ජින් දිගින් දිගටම කෑගහපු නිසා. නම්ජුනුත් අදම යන්නෙ නෑ කියල පොරොන්දෞ උන නිසා අන්තිම්ට හෝසොක් නිදා ගන්න ගියා.

ඒකනම් අහන්නත් සතුටු දෙයක් . ජිමින්ට ගොඩක් පින් කරපු දේට.

එහෙම කියන්න එපා නම්ජුන් හියුන්. ඒක මගෙ වගකීම .

ජිමින් කිව්වෙ හිනා වෙලා

උනාට ජිමින්ගෙ කැපවීම නිසා තමයි මෙච්චර කෙටි කාලෙකින් හෝසොක් ආයෙමත් පරන ත්ත්වෙටම ආවේ.

ජිනුත් නම්ජුන්ගෙ කතාව සම්පූර්ණ කරන කොට ජිමින් අහිංසකව හිනා වෙලා මේසෙ උඩ තිබුන කෝෆි එක අතට ගත්තත් ආයෙමත් මතක් වෙච්ච දෙයක් නිසා නම්ජුන් දිහා බැලුවෙ නම්ජුනුත් ජිමින් අහන්නෙ මොනා ගැනද බලන්න වගේ ජිමින් දිහා බලද්දි.

මං මෙහෙම ඇහුවට මුකුත් හිතන්න එපා ඒත් ඔයාලව කොහොමද හෝසොක් මෙච්චර හොදට අදුරන්නෙ.

ජිමින් ඇහුවේ දවල් ඉදල ජිමින්ට තිබුන ප්‍රශ්නයක්.

ජිමින්ට හෝසොක් මේ දේවල් කියල තියෙනවද දන්නෙ නෑ . හෝසොක් මොනාද කිව්වෙ එයාට වෙච්ච අනතුර ගැන .

ජින් එහෙම ඇහුවහම ජිමින් හෝසොක් තමන්ට කියපු දේවල් ගැන ජින්ටයි නම්ජුන්ටයි කිව්වා.

__________________________________

ජින් එක්ක නම්ජුන් හිටියෙ ජින්ගෙ වෛද්‍ය මිතුරෙකුගෙ උස්ස වීමක් වෙනුවෙන් තිබුන සාදයකට ගිහින් එන ගමන් . නගරයෙන් මදක් ඈතට වෙන්න තිබ්බ සාදයට ගිහින් එද්දි මද්‍යම රාතියට කිට්ටු කරල තිබුනත් ප්‍රධාන මාර්ගයේ වාහන තදබදය නම් අඩුවක් නෑ .

පැය කීයක් ට්‍රැෆික් එකේ ඉන්නවෙයිද දන්නෙ නෑනේ. හෙට උදේම වැඩට යන්නත් ඕන.

ජින් කිව්වෙ කනස්සලු මුහුනකින් නම්ජුන් දිහා බලාගෙන ඈනුමකුත් යවන ගමන්.

මං දන්න පාරක් තියෙනව. ටිකක් දුර උනාට ට්‍රැෆික් නෑ . අපි ඒකෙන් යන්.

ජින්ගෙ හුරතලේ දිහා බලාගෙන හිටපු නම්ජුන් කිව්වෙ ජින්ගෙ ඔලුවත් අතගාලා.

ඉදහිට එකක් දෙකක් වාහන ගමන් කරන පාරේ වේගෙන් ආපු ජින්ලගෙ කාර් එකේ වේගය බාල උනේ වාහන කිහිපයක් පාර හරස් කරගෙන නවතා තිබීම නිසා. විදුලි ලාම්පුවල එලිවලින් කිහිපදෙනෙක් රැස්ව සිටින බවක් පෙනුනත් දැනුන නොපහන් හැගීම නිසාම නම්ජුන් මෝටර් රතයේ නලාව නාද කලේ පාරෙ ඉඩ ලබා ගැනීම ට උවත් කලබලයෙන් වාහන පිටව යන විට ඔවුන් දුටුවේ පාර මැද ගුලිවී සිටින අයෙක්. ලාම්පුවෙ එලියෙන් මිනිසෙකු බව හදුනා ගත් නිසා නම්ජුන්ටත් පෙර වාහනෙන් බැහැපු ජින් ඔහු වෙත දිව ගියේ ගැහෙන හදවතින්.

පාරේ වැටී සිටි තරුනයා වෙත දිව ගිය ජින් දුටුවේ බොක්සර් එකකින් පමනක් සිරුර ආවරනය වී තිබු හුරු බුහුටි තරුනයෙක් පාර මැද ගුලිවී සිටින අයුරු. බිම වැටී සිටි තරුනයව නම්ජුන් විසින් ඔසවා ගත්තේ හුරුබුහුටි තරුනයා සිහින් හඩින් කිසිවක් මුමුනන අතර. නමුත් ඉන් ජින් ට හා නම්ජුන් ට පැහැදිලිව ඇසුනේ බූබූ සහ හියුන් යන වචන පමණයි. වෘතිමය වශයෙන් වෛද්‍යවරයකු ඌ ජින් එම තරුනයාට ප්‍රතමධාර ලබා දෙන අතර නම්ජූන් වේගයෙන් මෝටර් රථය ධාවනය කලේ රෝහලක් වෙත.

___________________________________

ජීවිතේට මං කියූ තාරකාවියේදැන් ඉතිං නුබත් ගියා කලුවරයි අනේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජීවිතේට මං කියූ තාරකාවියේ
දැන් ඉතිං නුබත් ගියා
කලුවරයි අනේ... 😔❤️

kavee
12122023

THE SAME SKY  |yoonminseok|Where stories live. Discover now