chapter 09 🥀

162 20 7
                                    

ඉතිං ඒ දවස උදා වෙලා. අහම්බෙන් හෝසොක් එක්ක කතා කරපු ඒ ප්‍රශ්නෙට උත්තර දීගන්න මට එදා බැරි උනත් අද මගේ උත්තරේ උනේත් අතහරින එක. ඒක ලේසි නෑ . ඒ වේදනාව ඒ අත්දැකීම ලබපු කෙනෙක්ටහැර වෙන කාටවත් නෑ . ඒක ඒ තරමට වේදනාවක්. ඒ වේදනාව තවත් වැඩි උනේ මං හීනෙකින් වත් ප්‍රාර්ථනා නොකරපු දෙයක් උන නිසා. මං අයිතිය හොයල තිබුනෙම මට අයිති නැතිතැන් වල.

........................

ජිමින් ගේට් එක ගාවට එන්න.

ඒ ඇයි හියුන් .

ඇවිත් බලන්න.

හියුන් ඔයා ආවද. ඇත්තටමද.....

හ්ම්.

දෙයියනේ හියුන්.........

මගේ එහාපැත්තේ හිටපු හෝසොක් පවා ගැස්සිලා බැලුවෙ මං මෙච්චර සතුටින් කාත් එක්කද කතා කරන්නෙ කියල.

පැටියො එන්නකො. කෙනෙක් ඉන්නවා ඔයාට හදුන්වල දෙන්න.

බංකුවේ වාඩි වෙලා හිටපු හෝසොක්වත් ඇදගෙන නැගිට්ට මම හෝසොක් වත් ඇදගෙනම ගේට් එක ගාවට දුවල ගියෙ වට පිටාව ගැන කිසිම අවධානයක් නොදී.

හේසූ....

යුන්ගි හියුන්ව දකින සතුටට ගේට් එක ගාවට දුවපු මගෙ කකුල් නතර උනේ ගේට් එකට අඩි කිහිපයක් මෙහායින් වෙද්දි ගේට් එකෙන් ඇතුලට එන ගමන් හිටපු යුන්ගි හියුන් මාවත් පහු කරගෙන දුවගෙන ගිහින් නැවතුනේ මගේ පිටිපස්සෙ.
උනේ මොකක්ද කියල බලන්න පිටිපස්ස හැරුන මම දැක්කෙ හෝසොක් ව වැලදගෙන ඉන්න යුන්ගි හියුන්ව වෙනකොට මට දැනුනෙ සතුටක්. ඒ උනත් ඒ දෙන්න කවදාවත් දැකල නැහැ අදුනන්නෙ නැහැ කියල මතක් වෙද්දි තිගැස්ස්මෙන් උනත් ඒ දිහා බලපු මම ඒ දෙන්න ලගට කිට්ටු උනේ හිනා මූනෙන්මයි.

ඔයාල කලින් අදුරනවාද.

මම ඇහුවේ තාමත් වැලදගෙන හෝසොක්ගෙ මුලු මුහුන පුරාම හාදු තවරන යුන්ගි හියුන්ගෙන්.

දෙයියනේ මැනික . මෙච්චර කල් කොහෙද රත්තරං හිටියෙ . දන්නවද මම කොච්චර නම් ඔයාව හෙව්වද කියල..

මං අහපු ප්‍රශ්නෙට යුන්ගි හියුන්ගෙන් මට ආපිට ඉත්ත්‍රයක් නොලැබුනත් ඒ වචන වලින් මට ඕන කරපු උත්තර හම්බවුනා .

THE SAME SKY  |yoonminseok|Där berättelser lever. Upptäck nu