"ඇටකිච්චා..!!!! තෝ තෝ තෝ සුනාමියෙන් පස්සෙ එකා කනවා උබෙ කැවුත්ත මන්..තෝ යකො කතා කරන්න දන්නෑ."

"සුනාමියෙන් පස්සෙ නෙමෙ යකෝ අපි යුද්දෙනුත් පස්සෙ එවුන්..2012ගැන්සිය බස්සනො දැනගනිම්.."

"යකො උබ 2012 ද බන්..අනෙ අම්මපා මේකාගෙ කලිසම..මොකො උබට ගංවතුරද..ආදාර ගන්න බලාන හිතාගෙනද හිල් කලිසම් ඇන්දේ..ඔය බලපම් පදාසෙම නෑනෙ..බලපම් ඔය ශර්ට් එක..උබ වගෙ දෙන්නෙක් බස්සලා මටත් බැහැතෑ..මොකද්ද බන් ඔය බෙල්ලෙ එල්ලෙන්නෙ..අපෙ බල්ලාගේ දම්වැලත් වගේ නිකම්.."

"ඇයි ඇයි උබ මෙව්වා තමා ඩො පැසන්..උබලා දන්න පකක් නෑඩො මෙව්වා ගැන..ඇටකිච්චෝ දන්නෙ මොනාද.."

"ඇටකිච්චා.!!!! ඇටකිච්චා පොල්කිච්චා කැන්දගහේ කිම්බිච්චා අඩෝ..කන් දෙකෙන් එල්ලගන්නැතුව පලෑන් මගේ දෑහැට නොපෙනී.."

"උබ උබ සද්දෙ දැම්මෙ වැරදි එකෙක්ට අඅ..බලාගන්නම්..බලාගන්නම්.."

"මොනාද බෙලෙක් කටෝ උබ බලාගන්නෙ..පව් නොදි පලයම්..අමතක නොකර යද්දි ඉස්සරහා බලාන පල.."

"උබ කවුද යකෝ මට පාර කියන්න..අතෑරින්නෑ ලේසියෙම් බලාගමු ආ..බලාගමූ.."

"බලයි උබ පම්ක..පලෑන්න මුඩුම සර්පයියා..හිඹුටු කටා..පිලී ගොනා.."

"අඩො ඇති බන් කැනොගහා වරෙම්.."

"නැ නැ බලාපම්කො..වැරදි කරලා කටගහලා යන ලස්සන..බලාගන්නම්ලූ..බලයි මගෙ අහවල් එක.."

"උබත් පොඩි එකෙක් වගේ බන්..මෙන්න මෙහෙට වරෙම් යන්න..."





හවස් වරුවෙ නුරාග් අයියා තමාලයගෙ බඩු අරන් ඇවිදින් අපි එ ටික අස්කරන්න ගත්තා..මගෙ කාමරේට අල්ලපු එක උට හදලා දිලා බඩු ටික ගානට අඩුක් කරගන්න දීලා මට පැත්තකට වෙලා ඉන්න කිව්වා...ෆෝන් එකෙත් චාජ් නැතුව ඕෆ් වෙලාම ගිහින්..එක චාජරෙට ගහලා  ඔන් කරා..තමාලයා අකි අයියා වගේ දෙතුන් දෙනෙක් ඇරුනම මේකට ගන්නෙ ක්ලාස් එකෙ ලමයි විතරයි..අර ගොන් කට්ටුව ක්ලාස් ගෲප් එකේ මැසෙජ් දාලා අහලා තිබුනා මට දැන් කොහොමද කියලා..මන් හොදින් කියලා රිප්ලයිත් දාලා පේපර් එකකුත් යැව්වා කරන්න..අපරාදෙ ඉතිම් අද දවසෙ ඕකුන් නිකන් ඉදීවී..

දෑගිලි ✔( complete )✨Where stories live. Discover now