මන් නිරුත්තරයි ඉතිම්..දැන් ඉතිම් ඕක අල්ලන් මන් මෙතන බතක් උයනකම්ම කියවයි..

"උබ හොදටම දන්නවා අභිරුවො අර ලබ්බෙ සැර දරාගන්න උබ රෑට හොදට කන්න ඕනි කියලා..අනෙ අම්මපා..එක්කො හෙට මන් උබව අකි අයියාගෙ දිහා නවත්තලා දානවා.."

"ඒ හැටි දැන් සැරක් නැ බන්.."

"අනෙ උබ දන්න පක..ඩොකාම කිව්වනෙ හොදට කාපන් කියලා..මට මේවට තමයි නගින්නෙ..අයියා බබා ඔයත් මාව මාරයා කරගන්නැතුව කොහෙ හරි තූත්තුකුඩියකින් මේන් මේකාට බත් එකක් ගෙනල්ලා දෙන්න..මට උබ එක්ක හරි කේන්ති සප්තයෝ.."

"එ බන් දැන් ඕනි නැ පිස්සුද අයියේ දෑන් යන්න එපා..අකි අයියා කිව්වා මෙදා සැරෙ දුන්න ඒවායෙ සැර අඩුයි කියලා..ලබන සැරේ ඊටත් වෙයි..ඔනාවට වඩා හිතන්න එපා බන්.."

"උබ වුකන්නැතුව ඉදපන් වුට්ටිගෙ පුතෝ..අම්මපා මට දැන් මල පැනලා ඉන්නෙ..අයියෙ උබට යන්න බැරිනම් මන් යන්නද.."

"එපා බෙබි..මන් යන්නන්..බබි එක්ක දොරවල් වහන් ඉන්න.."

"අනෙ අයියේ ඕන්නැ කියන දෙ අහන්නකො.."

"කටවහපන් ගෙරි බෙසිකයා..තව වචනයක් කිව්වොත් හොම්බ සමතලා වෙන්න දෙනවා.."

මේයකා එක්ක බැ..අයියව මෙ රෑම යැව්වනේ..ඔන්න ඉතිම් ආයෙ බනින්න කට හදාගත්තා..ඇති බන් දැන් බැන්නා..මගෙ දොන්ත පැටියත් සැටිය උඩට නැගලා මගෙ උකුල උඩින් හොම්බ තියන් අරු දිහා බලාගෙන ඉන්නවා..

"සප්තයා සප්තයා..මට උබෙ මූන දැන් ෂඩාස්‍රය වෙන්න දෙතැකි අම්මපා..උබෙ කිසි පරිස්සමක් නෑ ගෙරියා..උබ ගැන මන් වද වෙන තරන් වත් උබ වද වෙන්නෑ..මට කෙන්තියි දුකයි ඔයි..උබව දැන් ඉන්න තත්වෙට ගෙන්න මන් කොච්චර කට්ට කෑවද ආ..අර මගුලෙ අවුරුදු තුනක් ඉදලා එලියට එනකන් හොදට ඉදපු එකා එලියට ආවට පස්සෙ මාසයක් යන්නත් කලියෙන් ලෙඩෙක් ගානට වැටෙනව මෙ ඇස් වලින්ම මන් දැක්කා බන්..අඩො මන් විද්‍යාපීඨේ ඉද්දි හෙනට සතුටු වුනා බන් උබ හිත හයිය එකා කියලා..එත් මට වැරදුනා බන්..උබ පිටින් හොදින් ඉන්නවා කියලා අපිට පෙන්නන් ඉදලා ඇතුලින් ජීවත් වෙන එක අතෑරලා දාලා කියලා දැනගද්දි මට මැරෙන්න හිතුනා බන්..මන් එදා යාලුවෙක් විදියට අසාර්ථක වුනා බන්..උබ වෙන්දට වඩා නිහඩ වෙද්දි මන් හිතුවෙ උබ හිත හදාගන්න කාලෙ ගන්නවා කියලා..මට හිතන්න තිබ්බා බන් උබ එම කරන්නෙ උබෙන්ම හැන්ගෙන්න කියලා..මන් උබට අඩන්න ඉඩ දිලා බලාන ඉදියෙ සමහර තුවාල වලට කදුලත් බෙහෙතක් හින්දා බන්..එත් ඒකෙන් වෙලා තිබ්බෙ තුවාලෙ තවත් පෑරුන එක විතරයි..පීඨේ ඉද්දි සමහර දාට උබ එලිවෙනකම්ම නිදි නැතුව ඔහේ බලාන ඉදියෙ ඇයි කියන්න එ කාලෙ මට තෙරුන්නැ බන්..උබට අමාරුම වෙලා නහයෙන් කටෙන් ලේ පෙරාන ඉද්දිත් උබ ඉදියෙ හිනාවෙලා බන්..මාත් මනුස්සයෙක්නෙ ඕයි...උබව එදා මන් අරන් ගියේ කොමද කියන්න මන් වත් දන්නෑ..මෙ අත් දෙකෙන් උබට පලවෙනි පාර බෙහෙත් අවුරක් බොන්න දෙද්දි සත්තයි මගෙ අත් ගැහුනා බන්..පැන්ඩොල් පෙත්තක් බීගන්න අමාරු උබ එකපාර පෙති දහයකට වඩා කටේ එකපාරින්ම ඔබාගද්දි උබෙ වෙනස මටම දරාගන්න බැරිවුනා බන්..බෙහෙත් වල සැරට උබ ඇදිලා යද්දි..ලස්සනට පිරුලා තිබ්බ කම්මුල් ඇකිලෙද්දි..උබෙ කෙස් බාතෘම් එකේ බිම තීනවා දකිද්දි මන් පිච්චුනා බන්..උබ නාඩා ඉද්දි උබ වෙනුවෙන් මන් ඇඩුවා බන්..වාසනාවට උබට පත්වීම ඉක්මනින් හම්බෙද්දි ලමයි අස්සෙම ගැවසිලා උබ හිමීට හොදවේගෙන එනවා දැකලා මන් සතුටු වුන තරම උබට හිතාගන්න බැ බන්..උබ අද මේම හිටන් ඉන්නවා දකිද්දිත් මට අඩ අඩ උඩපනින්න හිතෙනවා බන්..උබට පිං බන් ආයෙම හොද වුනාට..මෙ අත් වලින් උබට වැදලා කියන්නෙ බන්..මට මගෙ සහෝදරයා නැති කරන්න එපා..ලෙ බැදීමක් ඕන්නැ වුට්ටො සහොදරයො වෙන්න..මෙ ජිවිතෙ උබට තරන් මන් කාටවත්ම ආදරෙ නෑ..දැනගනින් ඒක තිරිසනා..මන් අඩන්න නෙමෙ හිතාන ඉදියෙ එත් මට ඇඩෙනවා..පිස්සු පකයා මාව ඇඩෙව්වා.."

දෑගිලි ✔( complete )✨Unde poveștirile trăiesc. Descoperă acum