මගෙ දැහැන බිදිලා ගියෙ ස්ටාෆ් රූම් එකට ආපු සදලුතලා මිස් නිසා..

අනෙ අම්මපා මෙදාපාර මට හම්බුනේ මහා ජරාම පන්තියක්..නැ පන්තියම නරක නැ..එක සෙට් එකක් ඉන්නවා උන් හිතාන ඉන්නෙ මේක අම්මා අප්පාගෙ දේපලක් කියලා..ස්කෝලෙ ඉන්න අඩු වයසෙ සර්ලව කන්න බලාගෙන ඉන්න පතිරාජ සර් අද නම් මට මොනාහරි කියාගෙන ආවොත් නම් අර ඌරු රැලෙ හම ගහලා සොසේජස් කරල් හදෝනො මන් අද..

"අදත් කට්ටි පැනලද මිස්..අනෙ මන්දා මෙ ලමයි ගැන කතාකරලා වැඩක් නැ.."

"ඔයා තාම අලුත්නෙ අභිරු සර්..මාසයක්වත් නැනෙ ඇවිල්ලත්..මෙ ස්කෝලව ලමයි ඔහොම තමයි..ලොකු ලොකු දඩුවම් දෙන්න ගිහින් අන්තිමට රස්සාවත් නැති කරගන්න තමා වෙන්නෙ.."

"හරි මන් එයාලා ගැන බලාගන්නම් මිස්.."

"එ ලමයි ඒ හැටි අදක්ශ ලමයිනුත් නෙමේනෙ සර්..ඔයිට වඩා ටිකක් තදින් ඉන්න බලන්න..කියන දේ  නාහන මදාවිගති ටික තමා නරකෙට තීන්නෙ.."

මුන් ටික මට  දවසට එකපාරක් හම්බෙන නිදහස් වෙලාවෙවත් සැනසීමෙන් ඉන්න දෙන්නැති හැටියක්..ශුවර් එකටම ඇති පිට්ටනියේ..ගිය සතියෙ ස්කූල් ටයිම් එකේදි තාප්පෙන් පැනලා ගර්ස් එකෙ exhibition එක බලන්න ගිහිල්ලා ආරාධිත පාසල විදියට පොඩි ලමයි එක්ක යද්දි මට අතටම අහුවුනා..

පලවෙනියටම පත්වීම හම්බුනේ මන් ගියපු ස්කොලේටම වෙද්දි මන් ඒ මාස තුන ඒකෙ ඉදියෙ පුදුම වේදනාවකින්..ඊට පස්සෙ කොමෙන් හරි පොඩි ස්කොලේයක් හම්බුනත් පස්සෙ ටිකක් දුරක ස්කෝලයක් ඉල්ලුවම හම්බුනෙ මොරටුවෙ තීන මෙ ලොකු ස්කෝලේ..

"ඔයි ඔයි දෙක දුවපම්..ආ වරෙම් වරෙම්.."

"පරයො ඕක ඉක්මන්ට දාපම් බල්ලො..ඔහ් ශිට් නොදෝකින් තොට අතට දාන්න බැරිද බල්ලො.."

"අඩෝ ගැම්මක් ගැම්මක් අවියෝ..තව ලකුනු දෙකයි මා අම්මා හයේ එකක්ම දියම් ඇඩෙන්නම ආ..."

මේ ඉන්නෙ ගිරාපෝතකයො ටික..මුන්ට මහපාන්දරත් ඇවිල්ලා ක්‍රිකට් ගහලා ආයෙ හවස් වරුවෙත් ප්‍රැක්ටිස් ඉදලත්  මෙ මගුල එපාවෙන්නැති හැටියක්..

දෙන්නම් අද උබලට හය උන ගැනෙන්නෙම..මන් හයේ සීමාවෙන් ඇතුලට යද්දිම බැට් කරපු නඩෙ ගුරාගෙ ශොට් එකට බෝලෙත් ආවෙ මන් ඉදපු පැත්තටමයි..

දෑගිලි ✔( complete )✨Where stories live. Discover now