Jk කේන්තියෙන් ගොරවමින් එහෙම කිව්වත් ජන්කුක් ඒක එච්චර ගනන් ගත්තේ නෑ.

ඒත් ඊලග තත්පරේදී ජන්කුක්ට දැනුනේ තමන්ගේ ඇඟ ඇතුලේ ගිනි ගන්නවා වගේ වේදනාවක් . එකපාරටම ජන්කුක් හිටිතැනම දණ ගැස්සුනේ තමන්ගේ පපුවත් අල්ලගෙන. අත පය වත් හොලවන්න බැරි විදිහට තමන්ගේ මුළු ඇගම ගල් වෙලා කියලා ජන්කුක්ට දැනුනා.

" ජන්කුකා.......... "

ජන්කුක්ට අඩි කිහිපයක් පිටිපස්සෙන් හිටපු හොබී සහ ජැක්සන් දෙන්නාම එක සැරේ ඒ විදිහට කෑගහගෙන ජන්කුක් ලගට දුවගෙන ආවේ ජන්කුක්ට එකපාරටම මොකක්ද වුනේ කියලා බලන්න.

" ජන්කුක්... ඇයි බන්.... මොකක්ද වුනේ ? "

" ම....මන්... ද...දන්නේ නෑ....හියුන්.... මට ... මට හුස්...හුස්ම... ගන්න...බෑ .....හියුන්... මගේ... මගේ ... පපුව හිර වෙනවා වගේ.... "

හොබී අහනකොට ජන්කුක් තමන්ගේ පපුවත් අල්ලගෙන එහෙම කිව්වේ අමාරුවෙන් හුස්ම ගන්න ගමන්. කොල්ලාගේ මුළු ඇඟම දාහඩියෙන් නෑවිලා තිබුණා. කොල්ලාට දැනුනේ තමන්ගේ සම් , මස් , ලේ , නහර , ඇට මිදුළු පවා පසාරු වෙලා යනවා වගේ වේදනාවක්. ජන්කුක්ගේ පලමු පරිවර්තනය වුණු දවසේදීවත් කොල්ලාට මේ තරම් වේදනාවක් දැනුනේ නෑ....

" හි...හියුන්... ව...වතුර... වතුර "

" ඉන්න මන් ගේන්නම් "

ජන්කුක්ට දැනුනේ දිව ගිලෙන්න එනවා වගේ දරුණු පිපාසයක්. මුලු ඇඟම වේලිලා යනවා වගේ කොල්ලාට දැනුනා. ජන්කුක් වතුර ඉල්ලලා අමාරුවෙන් කෑගහනකොට ජැකී ඉක්මනට එතනින් එලියට දිව්වේ වතුර ටිකක් හොයන් එන්න.

" ජන්කුක්... බය වෙන්න එපා... උබට මුකුත් වෙන්නේ නෑ "

ජන්කුක් ඔලුවත් පහලට නවාගෙන වේගයෙන් හුස්ම ගන්න ගමන් හයියෙන් කහින්න පටන් ගන්නකොට හොබී කොල්ලාගේ පිට අතගාන්න පටන් ගත්තා . ජන්කුක්ට එකපාරටම මොකක්ද වුනේ කියලා හොබීටත් හිතාගන්න බැරි වුනා.

ඒත් එකපාරටම ජන්කුක් කහින එක නැවැත්තුවා. ඒ වෙලාවේ කොල්ලාගේ හුස්ම ගැනීමේ වේගයත් යථා තත්වයට පත් වුනු බව හොබීට තේරුනා. ඒත් ජන්කුක් තාම මූණත් බිමට හරවන් නිසොල්මන්ව ඉන්න විදිහට දකිනකොට හොබීට බය හිතුනා.

You've reached the end of published parts.

⏰ Last updated: Dec 11, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

Legend Of The Moon Lovers 🌜️🌟 Where stories live. Discover now