" aththada baby.."

" හප්පට ඇවිත් නේ මේ හේ හේ...එක තමා අයියේ බලන්නකෝ නෙහ්..හෙ එහෙම තමයි ඉතිම් මන් මෙ සප්තට කිව්වෙ මේ මෙ පොඩි තුවාලෙට ලොකු දෙවල් උස්සන් දවසගානෙ බලන්න එන යසස් අයියට පිස්සු කියලනෙ අනේ..පිස්සු කොල්ලා.."

"හ්ම්..දැන් කොහොමද බේබී..තුවාලෙ අඩුද..මේ බර්ගර් දෙක කියුටිටත් දීලා කන්න..හරිම ටයර්ඩ් බේබී..සොරි මෙ ටිකේ හරියට බිසී වුනා..මන් ගෙදර ආවෙත් නැ අද තමයි ආවෙත්..ආපු ගමන් මෙහෙට ගොඩවුනේ.."

අම්මො මෙ තමාලයත් හරිම  චපලයා අප්පා..මෙ දැන් පලු යව යව ඉදපු මිනිහා නුරාග් අයියා ආවා විතරයි අනිත් පැත්ත ගැහුවා..මිනියක් වුනත් මරවන්න පුලුවන් මිනිහෙක් මේ..නුරාග් අයියා තමාලයගෙ කකුල ගාවින් වාඩිවෙලා තුවාල වුන කකුල අරන් එයාගෙ උකුල උඩින් තියාගෙන තුවාලෙ ගාව හිමීට අතගාලා ඉදිමිලා තිබුන ඇගිලි හිමීට මිරිකන්න ගත්තා..මිරිකන සනීපෙට තමාලයගෙ ඇස් පියවෙද්දි ලාවට කෙදිරියක් කටින් පිටකරන එක දිහා බලාගෙන නුරාග් අයියා ඇස් වලින් හිනාවුනා..මේ ඔක්කොම අසල තියෙන සෝෆා කෑල්ලෙ වාඩිවෙලා බර්ගර් එකක් කන ගමන් මන් හරි ආසාවෙන් බලාගෙන ඉදියා..රමනීයයි මේ ප්‍රේම ජවනිකා..

ඔය අතර තුරේ මගෙ මනුස්සයා එනවා දැක්කා විතරයි දුවගෙන දුවගෙන ගිහිල්ලා මන් එයාගෙ ඇගට පැනලා ගෙබි පැටියා වගේ එල්ලිලා චොක් ගාලා තොල් වලට හාද්දක් දුන්නම එයා ඇස් ලොකූ කරන් යකෙක් දැක්කා වගෙ ටික වෙලාවක් බලාගෙන ඉදලා ආපිට හරි සිහියට ඇවිල්ලා මාවත් උස්සන් ඇදගාවට ගියා..ම්හුක් මෙහෙම වෙන දෙන්නෙක් ලව් කරද්දි මගේ හැගීම් වුනත් බුබුලු දාන්න ගන්නවනෙ.. ලොකු අවුලක් වුන්නෑ නුරාග් අයියයි තමාලයයි ඒයාලගේ ලෝකවල..එ දෙන්නට බාදා කරන්න හොද නෑ කියලා මන් සුදු අයියව සොෆා කෑල්ලෙන් වාඩි කරවලා කකා ඉදපු බර්ගර් එකෙන් එයාටත් කවලා මාත් කෑවා..උබේ කටෙත් බර්ගර්..මගේ කටෙත් බර්ගර්..

තව දවස් තුනයි..සදුදට ආයෙත් ස්කොලේ පටන් ගන්නවා..අනෙ හනිච්චං සංසාරේ..සුදු අයියගෙ ඔඩොක්කුවෙ ඉදන් මන් කකුලුත් වන වන අංශු රමනීය කෑල්ලක් වගේ එක බලාගෙන ඉද්දි එයාගෙ බොටම් කලිසමෙන් මාව ලිස්සලා වගේ යන්න ගියාම එයා මගෙ ඉනෙන් උස්සලා අරන් තව ලගට කරලා තියාගෙන ඉනවටේ අත් යවලා මගෙ පිටෙ මූන ගහගත්තා..එයාගෙ නහයෙන් පිටවෙන හුස්මවල උනුහුම මගෙ පිටට වැදෙද්දි ගේ වෙලා තිබ්බ මයිල් ටිකත් ස්ට්‍රේට් වෙන්න ගත්තා..ඔහොම වෙද්දි තමයි ඉතිම් බඩ ඇතුල බෙංගාල බොක්ක කැලබුනා වගේ වෙන්න අරන් ඒ එන වතුර මුත්‍රාශ ෆිල්ටරෙට ගිහිල්ලා චූ බරක් ලෝඩ් වෙන්න ගන්නෙ..
මෙ  මනුස්සයා මූන තියාගත්තා මදිවට නහය මගෙ පිටෙ එහාමෙහා ගාවනවා..මේ යකා මගෙ ඇදුමෙන් හොටුපිහිදනවද දන්නෙත් නැ..ඒ අස්සෙ මට නුරාග් අයියා නිදාගෙන ඉදපු තමාලගයෙ තුවාල කකුලට හාද්දක් තියනවත් පෙනුනා..එව්ව් මේ යකා චු දාන්න ගියාම කකුල් දෙකවත් හෝදන් එන්නැද්ද කොහෙ..ආදරේට විසබීජත් බාදාවක් නෙමෙලුනෙ..කකුලෙ තිබ්බ විසබීජ ඔක්කොම දැන් නුරාග් අයියගෙ තොල් දෙකේ..අර ඩෙටොල් ඇඩ් එකේ වගේ මට දැන් කටවටේට රතුපාටින් රවුමක් මැවිලා ඇතුලෙ පනුවො වගෙ දගලනවා පේන්න ගත්තා..රෙද්දක් තමාල්ගෙ ඇගට දාලා කොන්ඩෙත් ටිකක් අතගාලා තමාලයගෙ නලල කිස් කරාම..ආන් ආන් අර විසබීජේ දැන් අරූගේ නලලෙත් ගෑවුනා..එතනත් රවුම් වෙලා ඇතුලෙ පනුවො දගලන්න ගත්තා..ඈක්කා..

දෑගිලි ✔( complete )✨Where stories live. Discover now