තමාලයට අලුතෙන් හම්බුන බළල් කුලේ දරු පැංචා..හුරතල් හිච්චියෙක්නේ මේකා..එහෙනම් මාත් දැන් මාමා කෙනෙක්..හපො හපෝ මේකගේ විසේ..ඔය නියපොතු විසයි පුතේහ්...මේකගේ තෙත නහය සෝයි අප්පා..තමාලයාගෙ හාද්දෙ කෙලද මන්දා..එව්ව් කො එන්න පිහින්ඩ...

"සිරන්තියේ..මයෙ අම්මෙ..දරුවගෙ අප්පච්චී ආවා..මයෙ පුතාට කන්න දුන්නද ඒයි බන්ඩිය උල් වෙන්නම අද.."

"ආ උබ ආවද..අගෙයි අගෙයි..මොකෙක්වද බන් උබ මේ හොයන් ආවෙ..ලමයි දෙන්නෙක් හැදුවා එකෙක්වත් මේ කඩිකුලප්පුව තියෙන ඇටයා වගේ නෙමෙනෙ..මදනගාය මුට.."

"යොහ් යොහ් අම්මියේ..මොනාද මේ නොදරුවා ලග තියාගෙන කියන කතා ආ..හිත රිද්දන්නද හදන්නෙ මගෙ දරු සිගිත්තගේ..ඔයා හරි චපලයී සිරන්තී..ම්හුක්..."

"චපල..මන් කියන්නැ උබට..මුගෙ වැඩේ කන එකයි ආපිට රෙන එකමනේ..මේ කද්දි මේන් පස්සෙන් දානවා..ආයෙ ටිකක් දලලලා නිදාගන්නවා ආයෙ කන්න හොයලා රෙන්න ගන්නවා..මට වෙන වැඩනැනෙ මුගෙ අසූචී අස්කරනවා ඇරෙන්න.."

"යා යා..ඔයාගෙ පැලියාව..මිනිබිරීට නේද මෙහෙම වෙනස් කම් කරන්නෙ..එන්න පුතේ යන්න..මේ කැරි සමාජෙන් මිදිලා අපි යමූ..සප්තයා උඩට වරෙන්.."

මුට මේ පූස් පැටියගෙන් තොර ලෝකයක් නැතිවෙයි දැන්..යකෝ කාමරේ ඇතුලේ ගෙයකුත් හදලා..ඇදට ගන්නවා ඇති නිදාගද්දිත්..පූස් චූත් ඇති දැන් ඇදෙ..අච්චෝ අච්චෝ..

"කොහෙන්ද බන් මේ පුලුන් බෝලයා හම්බුනේ.."

"ආ මෙ ඉස්සරහා ගෙදර පූසිගෙ පැටියනේ..එහෙ පූසියො දෙන්නම දරුවෝ ප්‍රසූති කරලා ආන්..අට දෙනයි එකෙක්ට අනිකට හතයි..මන් එහෙ ගිහින් බෙල්ල දාපු වෙලාවක මයෙ දෝනියැන්දා මන් ගාවට ආවනෙ බන්..දැක්කම ආසාවෙ බැරි නිසා උස්සන් ආවා..ආඅ උබට කියන්න මගෙ බෑනා හම්බුනා බන්..අල්ලපු ගෙදර ඉන්නෙ..අනිත් පූසිගේ පැටියව ජොසපි ආච්චි ගත්තා..මන් හිතන්නෙ තාත්තා අපේ ද්වී අයියා..වරෙනො බැල්කනි එකට ගිහින් කතා කරලා බලාගන්න..වරෙම් ඉතිම් ඇදෙ ඇලවිලා ඉන්නෙ නැතුව..ඔය විසබීජ හුත්තො ලමයෙක් ඉන්න කාමරයක් මේක දැන්..බැහැපම් පරයා.."

සැක් පූස් මයිල් මුලු මූනෙම..ලමයනේ ඉතිම් ඉවසන්න වෙනවා..මුටනම් ඔල්මාදේ..දැන්ටම මේ පූස් පැට්ටට මිනිහෙකුත් හොයලා..මරු අප්පා උබ..ඇටෙන් පොත්තෙන් එන්න කලියෙන් ලමයට කසාද හොයනවා..
බැල්කනී එකේ ඉදන් අල්ලපු ගෙදර පැත්තට තමාලයගේ රේඩාර් දාලා එයාව හොයන්න ගත්තා..අර ඉන්නෙ පොර..අදත් වල්ලපට්ට ගහ ගාව නේද..මොකක් හරි ලොකු දෙයකට සූදානම් වෙනවා වගේ..

දෑගිලි ✔( complete )✨حيث تعيش القصص. اكتشف الآن